හැමෝම හොල්මන් කරමින් මිනිසුන් වළලන භූමියක ජිවිතයක් නැති කරමින් සිදුවූ අනතුර මෙන්න.

පිළියන්දල – බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුවූ අනතුරකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයින් සුසාන භූමිය තුළ දී අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකිරීම සඳහා වළක් කපමින් සිටියදී එම ස්ථානයේ තිබූ ලොරි රථයක් රියදුරු නොවන පුද්ගලයෙකු විසින් පණ ගැන්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව පුද්ගලයින් 04 දෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී 65 හැවිරිදි මඩපාත – බටුවන්දර 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

උපුටා ගැනීම hirunews.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *