ලංකාවේ ඉතිහාසගතවන දැවැන්ත සටනක් අද නැවතත් හරීන් සමග වෙල්ලස්සෙන් ඇරඹේ..

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක‍ෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. මීට පෙර රාජපක‍ෂ රෙජීමය පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි. එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක‍ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුර්දාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.

පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ.

ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පක‍ෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි. මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පක‍ෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේක‍ෂකයන් 3 එක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂකයෙක් එක්සත් ජාතික පක‍ෂයට එක් විය. ඌව වෙල්ලස්ස පමණක් නොව, ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේක‍ෂකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේක්ෂා කරයි.

මෙය එක්සත් ජාතික පක‍ෂයට ඉතාම වැදගත් අවස්ථාවකි. වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආකර්ෂණීය බවකින් චන්ද දායකයෝ එක්සත් ජාතික පක‍ෂය වටා එක්රොක් වෙමින් සිටිති.

මුළු රටක්ම කඳුලින් තෙත්කල අදවැනි දවසක සිදු වූ සුනාමියේ අමිහිරි මතකයන් මෙන්න.

අම්මාට සිය දරුවාත්, දරුවාට සිය පියාත්, සහෝදරයාත් මිතුරාත් ඇතුළුව සියලු හිතවත්කම් හිත්පිත් නැතිව උදුරාගත් සුනාමියට අදට වසර 13 ක් ගතවී අවසන්ය.
මේ ඒ අමිහිරි මතකය ගැන සිහිගැන්වීමකි.
මීට වසර 13කට පෙර අද වැනි දිනක මුළු රටම එකම මළගෙයක් බවට පත් කළ ඒ රුදුරු සුනාමි ව්‍යසනයේ අමිහිරි මතකය අද වන විට බොහෝ දෙනකුගේ සිත් තුළින් පහව යමින් තිබේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින කිසිවකුත් නොසිතූ පරිදි සිදු වූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයින් හතළිස් දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි කළේය.
තුවාල ලැබූ ගණන විසි දහසකට අධිකය. නිවාස ලක්ෂයක් පමණ මුළුමනින්ම විනාශ විය. කුඩා දරුවන් 979 දෙනකුට සිය දෙමාපියන් අහිමි කළේය.
සුනාමියෙන් දැඩි ලෙස විපතට පත් වූයේ රට වටා මුහුද අයිනේ ජීවත් වූ ධීවර ජනතාවය.
මීටර් 100 ආදී විවිධ නීති ගෙන ඒම තුළ කිසිවකුටත් මුහුදු වෙරළ ආසන්නයේ කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි විය. එම නිසා ධීරවයින්ට නිවාස ලැබුණේ ද රට අභ්‍යන්තර ප‍්‍රදේශවලිනි. එය ඔවුන්ගේ රැුකියාවලට දැඩි බලපෑමක් විය. පසුව එම නීතිය මීටර් 45 දක්වා අඩු විය. එහෙත් එම නීතියද ක‍්‍රියාත්මක වෙන්නේ දුප්පත් අහිංසක ජනතාවට මිස සල්ලිකාර බලය ඇති අයට නොවන බව මුහුදු වෙරළ අයිනේ අලූතින් ඉදිකරන ගොඩනැගිලි දෙස බැලූ විට පැහැදිලි වෙයි.
හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළදී ඒ මහා ව්‍යසනය ජීවිත 4500ක් පමණ බිලිගත්තේය. එමෙන්ම මුළු හම්බන්තොට නගරයම නැත්තටම නැති කළේය.
යාල පට්ටනංගල වෙරළේ සිරි නරඹමින් සිටි විදේශීය ජාතිකයින් 144 දෙනකු මේ මහා විපතට බිලි විය.
එමෙන්ම එම වෙරළේ ගල් තලාවක් මත සිට සිය පියාත් සමග උපන් දිනය සැමරීම සඳහා කේක් ගෙඩියක් කපමින් සිටි කුඩා දරුවකු සිය පියා සමග රළ පහරට ගසා ගෙන යාම මේ මහා විපතේ අනුවේදනීය බව කදිමට පෙන්වා දෙයි.
එහිදී දරුවාගේ සිරුර පසුව හමු වුවත් පියාගේ සිරුර සොයා ගත නොහැකි විය. ඒ දරුවාගේ මව එතැන් පටන් සෑම වර්ෂයකම ශ්‍රී ලංකාවට පැමිණ දෙසැම්බර් මස 26 වැනිදාට සුනාමියෙන් අහිමි වූ සිය සැමියා හා දරුවා අනුස්මරණය කිරීමට අමතක නොකරන්නේය.
ඒ තරමටම සමීපව කටයුතු කළ හදවත් වෙන් කිරීමට ද සුනාමියට හැකි විය.
හම්බන්තොට සිංගප්පූරු ගම්මානයේ පදිංචි ෆාතිමා නුස්ර මහත්මිය මෙසේ කීවාය.
මගේ මහත්තයාගේ තාත්තාත් සුනාමියට බිලි වුණා.
ඒ වගේම අපේ ගෙවල් දොරවල් පවා මුහුදට බිලි වුණා. ඒ නිසා අපි දැන් මේ ගම්මානයේ පදිංචි වෙලා ඉන්නවා. මහත්තයට ධීවර රැකියාව කරන්න මුහුදු යන්න දුර වැඩි නිසා දැන් ඩිලිවරි රැකියාවක් කරනවා. ඒත් අපට දීපු ගෙවල්වල දැන් ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. නිවාස අබලන් වෙලා තිබෙනවා.
සිරිබෝපුර පදිංචි ඩබ්ලිව්.ආර්. නිල්මිණී මහත්මිය
මගෙත් මහත්තයාගේ තාත්තා සුනාමියට බිලි වුණා. අපිත් සුනාමියට හසු වුණේ හම්බන්තොට ටවුන් එකට බඩු ගන්න ගිය වෙලාවෙයි. ගොඩබිම දෙසට දුවලා ගිහින් ජීවිත බේරා ගත්තා. ගෙවල් දොරවල් අහිමි වූ නිසා සුනාමි නිවාස ලැබුණා. දැනට මේ ගෙවල්වල බිත්ති පුපුරලා වැසිකිළි උතුරා යනවා. පොළොව කැඩෙනවා. වහල අබලන්, ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා.
මාතර දිස්ත‍්‍රික්කයේ සුනාමියෙන් මිය ගිය ගණන 1342කි. ඒ වන විට මාතර නව බස් නැවතුම්පොළ ඉදිකර තිබීම නිසා සිදුවීමට තිබූ ජීවිත හානිය යම් ප‍්‍රමාණයකින් අඩු විය. එහෙත් මාතර කොටුව, මඩිහ, කඹුරුගමුව, වැලිගම ආදී ප‍්‍රදේශ සොහොන් පිට්ටනි බවට පත් කළේය.
එවකට මාතර මහ දිසාපතිවරයා ලෙස සේවය කළ ගාමිණී ජයසේකර මහතා මේ මහා විපතට හසු වූයේ මහජන පොළට බඩු රැගෙන ඒම සඳහා පැමිණි අවස්ථාවේය.
ඔහු සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.
මම පොළේ බඩු මිලදී ගන්නා විට එක්වරම මුහුදු රළ පහරක් පැමිණියා. එය යම්තම් කකුලේ වැදුණා. සුළු වේලාවකදී ලොකු රළ පහරක් ඈත සිට එනවා දැක්කා.
ඒ රළ පහරට මා හසු වුණා. කොටුවේගොඩ පැත්තට ගසා ගෙන ගියා. මම වෙළඳසලක වහලක් උඩ රැුඳී තිබුණා. අවට හැම තැනම සොහොන් පිට්ටනි වගෙයි. මගෙ ඇඳුම් ගැලවිලා ගොස් තිබූ නිසා ඒ අසල සිටි අයකු සරමක් ගෙවිත් දුන්නා. බොහෝ අය මා දිසාපති කියලා හඳුනාගත්තේ නැහැ. මඩ පෙරාගෙනයි සිටියේ.
වතුර බැස ගියාට පසු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ආවා. ඒකත් මුළුමනින්ම විනාශ වෙලා. ඒක නිසා මාතර බෝධිය ළඟට ගිහින් පුටුවක් හා මේසයක් තබා ගෙන සහන රාජකාරි කටයුතු ආරම්භ කළා. ගෙදර අය ගැනත් එතැන සිට සොයා බැලූවා. පුතා ගමනක් ගිහින් ගෙදරට ආවේ නැති බව දැනගන්න ලැබුණා.
ඒ නිසා රාත‍්‍රී වන විට පොලිසිය සමග ඔහු සොයමින් ගියා. රෝහල්වල මෘත ශරීර පවා පරීක්ෂා කළා. ඒත් හමුවුණේ නැහැ. පසු දින දැන ගන්න ලැබුණා පුතා ජීවතුන් අතර සිටින බව. අපි සියලූ දෙනා එකතු වෙලා ඉක්මනින් මාතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළා.
මාතර කොටුව පදිංචි ටී.එච්. ජයත් විපුල මහතාගේ මුළු පවුලම සුනාමි ව්‍යසනය බිලි ගත්තේය. ඔහුගේ මව, පියා, බිරිඳ මෙන්ම අවුරුදු 07ක් හා මාස 02ක් වයසැතිව සිටි පුතුන් දෙදෙනාද සිය ජීවිතවලින් වන්දි ගෙවන ලදී. විපුල මහතා ඒ වන විට මාතර මහජන පොළට බඩු ගෙන ඒමට ගොස් තිබුණා.
ඔහු සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.
මම පොළේදියි සුනාමියට අසු වුණේ. දුවලා ගිහින් බේරුණා. ටික වේලාවකට පසු කොටුවට ඇවිත් බලන විට ගෙවල් එකක්වත් නැහැ. පන්සල විතරයි බේරිලා තිබුණේ. මගේ ගෙදර හිටපු පස් දෙනාම සුනාමියට ගසාගෙන ගිහින්. චූටි පුතාගේ සිරුර විතරයි හමු වුණේ. අනේ මගේ පවුලම මට නැති වුණා. අලූතින් නිවසක් හමුවුණේ රස්සන්දෙනියෙන්. දැන් ඒකේ ජීවත් වෙනවා. දරු පවුල සිටි නිවස තිබූ ඉඩමත් මම විකුණලා දැම්මා.
වැලිගම, පැලෑන සුනාමි ගම්මානයේ පදිංචි එම්.ඒ. දිනේෂා උදයංගනී මහත්මිය
සුනාමියට හසු වන විට මගේ ලොකු පුතා රවිඳුට වසර දෙකයි. දුව ජානකීට මාස තුනයි. මහත්තයා ඒ වෙලාවෙ ගෙදර හිටියේ නැහැ. මම දරුවන් දෙන්න වඩාගෙන පන්සල් ගොඩ පැත්තේ කන්දකට දුව ගෙන ගියා. යද්දි වතුරට අහුවුණා. පොල් ගහක එල්ලිලයි බේරුණේ.අද මගේ දුවට වයස 13යි, පුතාට අවුරුදු 14යි. අපිටත් සුනාමි ගෙයක් ලැබුණා. ලෝඞ්ස්ටාර් ආයතනයෙන් දුන්නේ. මේ ගෙවල් කියන්න තරම් වරදක් නැහැ.
සුනාමි ව්‍යසනයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ වටිනා ජීවිත 4214ක් අහිමි විය. විශේෂයෙන්ම ඒ අතරින් වැඩිම හානිය සිදුවුණේ පැ?ලිය දුම්රිය අනතුරෙන්. එම දුම්රියේ ගමන් කළ දෙදහසකට ආසන්න පිරිසකට මුහුදු බත් වීමට සිදුවිය.
අංක 8050 දරන කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ශීග‍්‍රගාමී දුම්රියේ ප‍්‍රධාන රියදුරා මෙන්ම රිය සහායකයා ද එම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
දුම්රිය කාර්ය මණ්ඩලය අතුරින් දිවි බේරා ගැනීමට සමත් වූයේ ප‍්‍රධාන දුම්රිය නියාමක වනිගරත්න කරුණාතිලක උප නියාමක ආර්.යූ. ගුණරත්න යන මහත්වරු පමණි. වනිගරත්න කරුණාතිලක මහතා අහම්බෙන් අපට හමුවූයේ වැලිගමදීය.
වසර 13කට පෙර තමා මුහුණ දුන් බිහිසුණුම අත්දැකීම ඔහු මෙසේ විස්තර කළේය.
අපි උදෑසන 6.40 කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළා. ප‍්‍රධාන රියදුරු ලෙස ජානක ප‍්‍රනාන්දු හා රිය සහායක ලෙස සිවයෝගනාදන් කටයුතු කළා. අපි නියමිත වෙලාවට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණියා.
අංක 585 සංඥා කණුව අසල කහ පැහැති විදුලි ආලෝකය වැටී තිබූ නිසා දුම්රිය නතර කළා. මිනිත්තු කිහිපයක් තුළ දී එක පාරටම මුහුදු රළක් ආවා. මිනිස්සු මර ලතෝනි දෙන්න පටන් ගත්තා. කාර් වාහන උඩ පාවෙන්න පටන් ගත්තා. ගෑණු ළමයෙක් කොහොඹ ගසක අත්තක රැඳි සිටියා. මම එයාව අල්ලලා දුම්රිය ඇතුළෙන් ගෙනත් තැබුවා. තවත් අවුරුදු 10ක විතර ළමයෙක් ගේට්ටුවක් අල්ලාගෙන සිටියා. මම එයාවත් අල්ලලා දුම්රිය මැදිරියෙන් තැබුවා.
ඒ වන විට මගීන් දුම්රිය වීදුරු වහගෙනයි තිබුණේ. මම අරින්න කියලා කෑ ගැසුවා. ඒ සමගම තවත් විශාල වතුර පාරක් ඇවිත් දුම්රිය පෙරළෙන්න ගත්තා. ඒ වන විට මගීන් ඉතිපිසෝ ගාථාවයි, පිරිත් කියමිනුයි සිටියේ. ඒ රළ පහරට මැදිරි අටම ගසා ගෙන ගියා. මම බොහොම අමාරුවෙන් දුම්රිය ජනේලයෙන් වහලයට ගොඩ වුණා. ඒ අසල ලේ පෙරාගෙන සිටි දහ දෙනෙක් පමණ අත දීලා උඩට ගත්තා. ටික වේලාවකින් මම බැහැලා ගිහින් බලද්දි දුම්රිය රියදුරු හා රිය සහායක දෙදෙනාම එන්ජිම තුළ මිය ගොස් තිබුණා. මගේ උපනියාමක අතුරුදහන් වෙලා.
පාරවල් සියල්ලම යට වෙලා තිබුණේ. මගේ ඇඳුනුත් ගැලවිලා තිබුණෙ. මගදී හමු වූ අයකු මට සරමක් දුන්නා. ඒක ඇඳගෙන මීටියාගොඩ පොලිසියට ගිහින් සිදු වූ විපත ගැන පැමිණිලි කළා. එතනදී තමයි දැන ගත්තේ රටටම එවැනි දෙයක් සිදුවෙලා කියලා. බොහොම අමාරුවෙන් වාහනයකට ගොඩ වෙලා වැලිගමට ඇවිත් බලන විට මගේ ගෙයත් සුනාමියට අසුවෙලා. ඒත් පවුලේ අය බේරිලා තිබුණා. මට මගේ ජීවිතයේ කවදාවත් මේ සිද්ධිය අමතක වෙන්නේ නැහැ. මම හරියට මැරිලා ජීවත් වූ කෙනෙක් වගෙයි.
කෙසේ වෙතත් මෙම අනතුර ලෝකයේ සිදු වූ විශාලතම රිය අනතුර ලෙස ද සැලකෙයි. දුම්රියේ ඒ වන විට සිටි මගීන්ගෙන් දිවි ගලවාගෙන තිබුණේ අටසීයකටත් අඩු පිරිසක්.
ඒ පිළිබඳව අදහස් දැක්වූ පැරැලිය පදුම ගම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති පෑරැලියේ විමල හිමි මෙසේ කීහ.
”සුනාමියේ මතක සටහනක් ලෙස මේ දුම්රිය පැරැලිය තෙල්වත්තේ තබා තිබුණා. ඒක බලන්න විවිධ ප‍්‍රදේශවලින් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණියා. ටික කාලයකට පසු අලූත්වැඩියා කටයුතු යැයි පවසා එම දුම්රිය රැගෙන ගොස් තිබුණා. ඒක නැවත ගෙන්වා ගැනීමට අපි විශාල උත්සාහයක් කළා. ඒත් ඒක තවම හරි ගියේ නැහැ. අපිට ආරංචියි කොච්චිකඬේ දුම්රිය අංගනයේ මේ දුම්රිය දිරාපත් වෙන බව. ඒක යළි ගෙන්වා දෙන්න කියලා ලිඛිතව ඉල්ලීම් කළත් ඒ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප වී තිබෙනවා.
මේ පිළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතාගෙන් විමසූ විට කියා සිටියේ අදාළ දුම්රිය මැදිරි දෙමටගොඩ දුම්රිය අංගනයේ සුරක්ෂිතව තබා ඇති බවත් එය සංරක්ෂණය කර කෞතුක භාණ්ඩයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බවත්ය.
එය යකඩවලට විකිණීමට යන බවට නගන චෝදනා පදනම් විරහිත බව ද ඔහු වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් රුදුරු සුනාමිය මනුෂ්‍යත්වයේ හැඟීම් අවදි කළේය. එහෙත් අද වන විට ඒ හොඳ ගුණාංග ද සමාජයෙන් ඉවත් වෙමින් පවතී. එය සාමාන්‍ය තත්ත්වයකි. ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව කුඩා කාලයේ සිටම දරුවන්ට අවබෝධයක් ලබා දීම තුළ එවැනි තත්ත්වයකට මුහුණ දීම එතරම් අපහසු අභියෝගයක් නොවනු ඇත.

ලංකාවේ අයගේ ලොකුම සිහිනය සැබෑ කරන ලංකාවට අලුතෙන්ම ආපු සුපිරීම කාර් එක මෙන්න.ෆට්ට ලස්සනයි.

රජය මගින් අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමගම මේ දවස් වල ගොඩක් අය බජට් එකෙන් ගණන් අඩු උන වාහන ගන්න දඟලනවා කියලා අපි හැමෝම දන්නවා, ඒ අතරින් සමහරු පොඩි කාර් හොයනවා. තවත් අය electric කාර් හොයනවා. තවත් සමහර අය සෙඩාන්(ලොකු) කාර් ගන්න හොයනවා. මේ උණුසුමත් සමගම ගොඩක්ම ක්‍රියාකාරී වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද වාහන ලංකාවට ගෙන්නන් (Reconditioned vehicle importers) මොකද වාහන ගෙන්නන ඒජන්තවරුන්ට පවතින මිල ගණන් වලට ලොකු වෙනස් කමක් කරන්න බැරි වෙලා තියනවා.

මේ කොහොම වෙතත් ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ ලක්ෂ 36 කට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් සෙඩාන් (ලොකු) කාර් එකක් වෙලඳපොලේ තියනවා කියලා. ජපන් Daihatsu තාක්ෂණය සමග Perodua සමාගම නිෂ්පාදනය කරන කරන මේ කාර් එක ලංකාවට ගෙන්නන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් කියල කම්පැනි එකකින්. මේ සෙඩාන්(ලොකු) කාර් එක එයාල විකුනන්නේ Bezza කියල නමකින්.මේ කාර් එක ගෙන්නන යුනිමෝ කම්පැනි එකම තමා කලින් ලංකාවට Perodua සමාගමෙන් වීවා Elite කියන වාහනේ ගෙන්නුවෙත්. ඒ වගේම ඔය දැනට හැමතැනම දකින්න තියන Axia කියන වාහනේ ගෙන්නන්නෙත්. ඒ හින්දම අපි ටිකක් හොයල බැලුවා මොකක්ද මේ කියන Bezza. ඇත්තටම ලක්ෂ 36ක් කිව්වට ඕක වෙන්නේ ලක්ෂ 3,560,000ක් ලු.

මේ ගානට මේ වගේ බ්රෑන්ඩ් නිව් කාර් එකක් ලංකාවේ තව නැහැ කියලයි අපිට දැනගන්න ලැබුනේ.1000CC එන්ජින් ධාරිතාවයක් තිබ්බත් ගත්ත අයනම් කියන්නේ 5 ක් දැම්මත් හොඳට වාහනේ අදිනවා කියල. එතකොට ඔය සමහරු කියන සෙඩාන්(ලොකු) වාහනයක තියෙන්න ඕන option ටිකත් මේකේ තියනවලු. පෙනුමෙනුත් හොඳටම හොඳලු. තෙලුත් හොඳට කරනවලු. ඒ වගේම විශේෂම කරුණ තමා මේ කාර් එකට ආරක්ෂාව සම්බන්ධයෙන් ASEAN N- CAP 4 Star Ratings තියෙනවා. දැන් තියන පාවිච්චි කරලා ලංකාවට ගෙනල්ලා විකුණන ජපන් වාහන වල ගණන් එක්ක බලද්දී මෙහෙම quality වාහනයක් ලංකාවේ තියනවා කියන්නේ ලොකු දෙයක්. ඒ හින්ද පාවිච්චි කරලා ඔය ලංකාවට ගෙනල්ල විකුණන වාහනයක් ගන්න කලින් මේ කාර් එක ගැන ටිකක් හොයල බැලුවනම් නේද හොඳ.

උපුටා ගැනීම gossip.hirufm.lk

මීරිගම සැලෝන් එකේ අභිරහස් ලෙස මියගිය තරුණිය මිය ගියේ කොහොමද.මෙන්න මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරක්.

මීරිගම රූපලාවන්‍යාගාරක් තුලදී අභිරස් ලෙස මියගොස් සිටි දිනේෂා චතුරංගනීගේ මරණය විදුලි සැර වැදීමකින් වුවක් බව මුලින් පැවසුවත් මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව මරණ පරීක්ෂනයේදිවත් තවමත් අනාවරණය වී නෑ. මේ එම අභිරස් මරණය පිලිබදව සිද්ධිය මුලින්ම දුටු පිරිස් කියා තිබු අදහස් සති අන්ත පුවත්පතක පල කර තිබු අයුරු.ඇය ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේ මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට යෑමට ඇති නිසා ඇය පාසල නිමවී ලහිලහියේ පැමිණියේ මීරිගම නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකටය.තෙමහල් ගොඩනැඟිල්ලක පළමු මහලෙහි මෙම රූපලාවණ්‍යාගාරය පිහිටා තිබිණි. තෙමහල් ගොඩනැඟිල්ලෙහි පියගැටපෙළ පියනඟිමින් පැමිණි ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට ඇතුළු වූවාය. රූපලාවණ්‍යාගාරය තුළ ඇස් වූ අදහාගත නොහැකි දර්ශනයකින් ඇය නැවත ආපසු හැරී තෙමහල් ගොඩනැඟිල්ලෙහි බිම් මහලෙහි පවත්වාගෙන යන වෙළෙඳසලක් වෙත දිව ගියාය. තමන් දුටු දර්ශනය එහි සේවිකාවකට පැවසුවාය.

එම පුවතින් කලබල වූ සේවිකාවද ගුරුවරියද නැවත රූපලාවණ්‍යාගාරය තුළට දිව ගියහ.”මේ ඉන්නේ සැලොන් එකේ නංගී” සේවිකාව ගුරුවරියට පැවැසුවාය “මේ දරුවා මැරිලා” ගුරුවරිය කම්පනයට පත් වෙමින් මිමිනුවාය.

ඇය සිටියේ රූපලාවණ්‍යාගාරයේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන හාන්සි පුටුවක උඩුබැලි අතට වැටීය. ඇයගේ හිස තිබුණේ රූපලාවණ්‍යාගාරය තුළ කොණ්ඩය සේදීමට සවි කර තිබූ ජල බේසම තුළය. ජල බේසමෙහි සවි කර ඇති ජල කරාමයද විවෘත කර තිබූ හෙයින් ජල බේසම ජලයෙන් පිරී ඉතිරෙමින් ඉන් දොරේ ගලනා ජලයෙන් මුළු රූපලාවණ්‍යාගාරයද තෙමී ගොසිනි. ජල බේසම තුළ වූයේ විදුලි පේනුවකි. එහි කෙළවර කොටස විදුලිය හා සම්බන්ධ කර තිබිණි.මෙම ආරංචියට තෙමහල් ගොඩනැඟිල්ලෙහි සිටින තවත් බොහෝ පිරිසක් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණියහ. මේ අතර මීරිගම පොලිසියේ දුරකතනය නාද විය. රූපලාවණ්‍යාගාරයට යාබදව ඇති සතොස වෙළෙඳසලේ සේවකයකු රූපලාවණ්‍යාගාරය තුළ සිදුව ඇති ඛේදවාචකය පොලිස් නිලධාරීන්ට විස්තර කළේය.

ඉකුත් නොවැම්බර් 13 වැනි දින පස්වරු 2.45ට පමණ මෙම පණිවුඩය මීරිගම පොලිසියට ලද අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම මීරිගම නගරයේ පිහිටි අදාළ රූපලාවණ්‍යාගාරය තුළට පිවිසුණෝය.
“මේ නැති වෙලා ඉන්නේ මීරිගම පොලිසියේ රාලහාමි මහත්මයෙක්ගේ දුවෙක් “අසල සිටි අයෙක් විමර්ශන කටයුතු සඳහා පැමිණි පොලිස් කණ්ඩායමට කීවේය.මෙලෙස අබිරහස් ලෙස මිය ගොස් සිටියේ දිනේෂා චතුරංගනී අමරතුංග නම් තරුණියය. මිය යන විට ඇයගේ වයස 21කි. ඇය පදිංචිව සිටියේ කිතලවලාන මුට්ටෑවත්ත ප්‍රදේශයේය. ඇයගේ අබිරහස් මරණයෙහි විමර්ශන කටයුතු සඳහා පැමිණ තිබුණේද ඇයගේ පියාගේ මිතුරන්ය.

දිනේෂාගේ පියා මීරිගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කටයුතු සිදු කරයි. දිනේෂාට තව බාල සහෝදරයකු සිටී. උසස් අධ්‍යාපනයෙන් පසු දිනේෂාට අවශ්‍ය වූයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් වීමටය. කුඩා කල සිට ඇයගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් වූයේ රූපලාවණ්‍ය කටයුතු සඳහාය. තම සිහිනය සැබෑ කර ගැනීමට ඇය උසස් පෙළින් පසු රූපලාවණ්‍ය පාඨමාලාවක්ද හැදෑරීමට කටයුතු කළාය. රූපලාවණ්‍ය පාඨමාලාව හදාරන අතරමඟ ඇය මීරිගම නගරයේ පිහිටි මෙකී රූපලාවණ්‍යාගාරයට සම්බන්ධ වූවාය. ඒ මීට මාස හයකට පමණ ඉහතදීය.ඉන් ඇයට සරිලන වැටුපක්ද හිමි වූ අතර රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වූයේද අවිවාහක තැනැත්තියකි. මීට මාස කිහිපයකට පෙර ඇයට රජයෙන් පත්වීමක් ලැබිණි. ඒ පාසල් සංවර්ධන නිලධාරිනි තනතුරය. එම පත්වීමත් සමඟ රූපලාවණ්‍යාගාර හිමිකාරිනිය සතියේ දිනවල රූපලාවණ්‍යාගාරයට පැමිණෙන්නේ පාසල නිම වීමෙන් අනතුරුවය. ඒ වන තෙක් සියලුම කටයුතු බලාකියා ගන්නේ දිනේෂා චතුරංගනීය.

ඉකුත් 13 වැනි දිනද සුපුරුදු පරිදි බත් මුළකුත් බැඳගෙන ඈ සිය රැකියාව සඳහා ගෙදරින් පිටත්වූ බව දිනේෂාගේ මව පොලිසියට පවසා තිබිණි. එදින දිනේෂාගේ පියාද පොලිස් රාජකාරියට ගියේ නැත. ඔහු අනුමත නිවාඩු ලැබ නිවෙසට වී සිටියේය.“අපේ දරුවට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇය ඉතාම සාමාන්‍ය විදියට තමයි හිටියෙ. හරි සතුටින් තමයි රස්සාවට යන්නේ. ඒ ඇයගේ මවුපියන් පොලිසියට කී කතාවය. මරණය ආරංචි වූ විගස දිනේෂාගේ මවුපියෝ රූපලාවණ්‍යාගාරයට පිටත් වූහ.දිනේෂා මිය යන විට රූපලාවණ්‍යාගාරය තුළ කවුරුන්ද සිටියේ? පොලිස් කණ්ඩායම්වල අවධානය යොමු විය. රූපලාවණ්‍යාගාර හිමිකාරියද ආගිය අතක් නොමැති බව මුලදී පැවසුවද පසුව දුරකතනය හරහා පොලිස් නිලධාරීහු ඇයව සම්බන්ධ කර ගත්හ.

තමා භාර ගත් විවාහ මංගල්‍යයක ඇඳුම් ආයිත්තම් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන බඩුබාහිර ආදිය ගැනීමට ඇය නුවරට පැමිණ ඇති බවත් රාත්‍රිය එළැඹීමට ප්‍රථමව නැවත රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවත් ඇය පොලිස් නිලධාරීන්ට කීවාය. එදින සන්ධ්‍යා භාගය වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියද පැමිණියාය. ඒ වන විටත් මෙම අබිරහස් මරණය පරීක්ෂා කිරීම සඳහා පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් ඇඟිලි සලකුණු නිලධාරීන් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඒ අතර මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දිනේෂාගේ නිසල දේහය සුදු රෙද්දකින් ඔතා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යෑම සඳහා රූපලාවණ්‍යාගාරය තුළින් පිටතට ගනු ලැබුවේ ඇයගේ මවුපියන් ඥාතීන් සහ මීරිගම වෙළෙඳ ප්‍රජාවද හඬවමිනි.දිනේෂාගේ මරණය සිදුවූ දින මධ්‍යාහ්න 12.00ට පමණ රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඇය මීරිගම නගරයට ඇයගේ අවශ්‍යතාවකට පැමිණි මොහොතක එලෙස රූපලාවණ්‍යාගාරයටද ගොඩවී ගොස් තිබුණාය. ඒ මොහොත වනවිටත් දිනේෂා චතුරංගනී සුපුරුදු පරිදි රූපලාවණ්‍යාගාරය තුළ සිටි බවද තමා සමඟ ඉතා කුලුපඟව වෙනදා සේ කතාබහ කළ බවද රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව පොලිසිය වෙත දන්වා තිබුණාය.

ඉන් ඉක්බිති දිනේෂාව දැක තිබුණේ පාසල් ගුරුවරියය. පාසල් ගුරුවරිය ඇයව දකින විට ඇය මෙලොවින් සමුගෙන ගොස් සිටියාය. එම ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට රූපලාවණ්‍ය කටයුත්තක් සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ පස්වරු 2.45ට ආසන්න වේලාවක් තුළය. මෙම කාලසීමාවන් අනුව පොලිසිය නිගමනය කරනුයේ දිනේෂා චතුරංගනීට කරදරයක් සිදු වන්නට ඇත්තේ මධ්‍යහ්න 12.00ත් පස්වරු 2.45ත් අතර කාලය තුළ බවය.

එහෙත් ඇයගේ මරණය ඇසින් දුටුවකු නොමැත.රූපලාවණ්‍යාගාර හිමිකාරිය විසින් දිනේෂාටද රූපලාවණ්‍යාගාරයේ යතුරු කැරැල්ලක් දී ඇත. ඒ අනුව සුපුරුදු පරිදි එදිනද දිනේෂා විසින් පෙරවරු 9.00ට පමණ රූපලාවණ්‍යාගාරය විවෘත කරනු ලැබ තිබිණි.

එදින දිනේෂා රූපලාවණ්‍ය කටයුතු සඳහා පැමිණි තැනැත්තියන් කී දෙනකුට සිය සේවය ඉටු කර ඇතිද යන්න සොයා ගැනීම පොලිස් කණ්ඩායමේ ඊළඟ කාර්යය විය. නමුත් පොලිස් විමර්ශකයන් හට එම කරුණ සොයා ගැනීමට නොහැකි වූයේ රූපලාවණ්‍යාගාරයේ ගනුදෙනු සටහන් කිරීමට ඇති පොතෙහි පිටු දින දෙක තුනක පමණ සිට අවසන් වී තිබූ නිසාය. ඒ අනුව දිනේෂා දින දෙක තුනක පමණ සිට ගනුදෙනු සටහන් කර නොමැත. පොලිස් පරීක්ෂණවල සහාය සඳහා අදාළ රූපලාවණ්‍යාගාරයද අධිකරණ නියෝග මත මුද්‍රා තැබීය.

පොලිසියේ ඊළඟ අවධානය යොමු වූයේ දිනේෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගැනය. එම මරණ පරීක්ෂණයද ඉකුත් 14 වැනි දින පස්වරුවේ සිට රාත්‍රිය දක්වා රාගම රෝහලේදී පවත්වනු ලැබීය. අනතුරුව සිදු කළ එම පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබාදුන්නේ විවෘත තීන්දුවක් ලෙසටය. එනම් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණයට හේතු වූ කරුණු නිශ්චිතව නොදැක්වූ අතර දිනේෂාගේ ඇතැම් ශරීර කොටස් ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කළේය.

මරණයට අදාළ ප්‍රකාශද පොලිස් කණ්ඩායම විසින් සටහන් කරගත් අතර දිනේෂාගේ මව, පියා, අසල්වාසීන්, මිතුරන් ප්‍රකාශ ලබා දෙමින් පවසා සිටියේද ඇයට සිත්තැවුල් වීමට කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය.

එසේම දිනේෂාගේ ෆේස්බුක් ගිණුම ගැනද වැඩි අවධානය යොමු කළ පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ දිනේෂා තනිවම රූපලාවණ්‍යාගාරයේ සිටින විට ඇය විසින්ම විවිධ රූපලාවණ්‍ය නිර්මාණ කරගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර ඇති බවය. ඒ අනුව ඉකුත් 13 වැනි දිනද ඇය විසින් කොණ්ඩය සෝදා ගැනීමක් සිදු කළාද? යන ප්‍රශ්නය පොලිස් කණ්ඩායම හමුවේ ඉතිරි විය.

එසේ නම් ජල බේසමට වැටුණු විදුලි පේනුව හරහා ඇයට විදුලි සැර වැදුණාද? යන ප්‍රශ්නයද පොලිස් විමර්ශකයන්ගේ අබිමුව වේ. නමුත් මේ සියල්ල තවමත් හුදු ප්‍රශ්නාර්ථ පමණි. මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක තොරතුරක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් හෙළි කර ගැනීමට නොහැකි වී තිබේ.

දිනේෂා චතුරංගනී සැවොම හඬවමින් ඉකුත් 16 වැනි දින අවසන් ගමන් ගියාය. තවමත් පොලිස් රාජකාරි හමාර නැත. ඉදිරියේදී දිනේෂාගේ මරණයේ අබිරහස විසඳෙනු ඇත.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

ගාමන්ට් ගිහින් ගෙදර පැමිණි තරුණියව බයික් එකක දමාගෙන කැලයට ගෙනිහින් තරුණයෙක් කල අහස පොලව නුහුලන අපරාදය මෙන්න.

23 වියේ පසු වූ එක් දරු මවක් කැලෑවකට රැගෙන ගොස් දූෂණය කළ පුවතක් වාර්තා වුණා.රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ඇඟළුමි කමහලක සේවයේ නිරත තරුණියක් බවයි වාර්තා වන්නේ.ඊයේ (17) සවස 6.30 ට පමණ මෙම කාන්තාව රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ඇගලුම් කම්හලේ සේවය නිමවී හවුපේ නොම්බර 4 ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය නිවස බලා පැමිණෙමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු අදාළ කාන්තාව යතුරු පැදියේ නන්වාගෙන ගොස් තිබෙනවා.එලෙස රැගෙන ගිය තරුණියව අතුරු මාර්ගයක් ඔස්සේ කැලෑවක් තුලට රැගෙන ගොස් දුෂණය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව අතවරයට ලක් වූ මෙම කාන්තාව නිවසට ගොස් තම සැමියාට මේ බව දැනුවත් කිරිමෙන් අනතුරුව, කහවත්ත පොලිසියට පැමිණිළි කර තිබෙනවා.පසුව අතවරයට ලක් වූ කාන්තාව රත්නපුර රෝහලට ඇතුලත් කෙරුනු බවයි පොලිසිය සදහන් කලේ.මෙම දූෂණ සිද්ධියට අදාළ සැකකරු සැඟව සිටියදී අද 18 පෙරවරුවේ කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පැල්මඩුල්ල මහේශ්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි වාර්තා වුනේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසියත් රත්නපුර අපරාධ පරික්ෂණාගාර නිළධාරින්ද පරික්ෂණ කටයුතු ආරාම්භ කරතිබෙන බවයි වාර්තා වුණේ.

උපුටා ගැනීම gossip.hirufm.lk

ලංකාවේ පොඩි මිනිහගේ වාහනේ ත්‍රිවිල් එක මින් පස්සේ තෙල් ඕනේ නෑ.මෙන්න ලංකාවට හඳුන්වාදෙන්න යන සුපිරිම ත්‍රිවිල් එක.

ලංකාවේ දැනට සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාර්ග අතර ත්‍රිවිලය නැතහොත් ටුක් ටුක් ප්‍රධාන තැනක් ගනු ලැබ තිබේ.නුතන තාක්‍ෂණය සමග සීග්‍ර සහ ඉතා පහසු මෙන්ම මගියාට තරමක් ලාබදායි සේවාවක් ත්‍රිවිලය මගින් ලංකාව තුල ගොඩ නැගී තිබේ..2018 අයවැය මගින් පරිසර හිතකාමී නව විදුලි ත්‍රිරෝද රථ හදුන්වා දිමට යෝජනා කර තිබේ.මෙන්න පහතින් එහි සියලුම විස්තරය දැනගන්න.

අන්තර්ජාලය කළඹමින් රූනි හදපු ඉරාජ් පරදවන සුපිරි වීඩියෝව මෙන්න.

ලංකාවේ මියුසික් වීඩියෝ දැන් අලුත් රැල්ලකට යනවා.ඒ නිරුවත් වීඩියෝ සහ අඩ නිරුවත් වීඩියෝ ලෙසට.මේ වීඩියෝව නිරුවත් නම් නැහැ නමුත් මේ නිර්මානයත් ලස්සන නිර්මාණයක්.මෙන්න රූනි නිර්මාණය කල ඔහුගේ ලස්සන වීඩියෝව පහතින්ම තිබෙන වීඩියෝව නරඹන්න.

උඹලව පිටට දීලා බෑ කිය කියා වැඩිවියට පත් වූ දා සිට දැරියට නරුම පියා සාහසික ලෙස කරන්න හැදු දේවල් ගැන කිව්ව දුක්බර කතාව.

අනුරාධපුරයේ සිදු වූ දුක්බර කතාවක් ගැනයි අපි අද කියන්න යන්නේ.මෙන්න පහතින් එම සංවේදී කතාව.

සිය පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට අයුතු යෝජනා කරමින් අතවර සිදුකරන බව පවසමින් බාලවයස්කාර පාසල් දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව නරුම පියෙකු අනුරාධපුර මූළස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ඇලයාපත්තුව මහමංකඩවල පදිංචිව සිටින 13 හැවිරිදි සිසුවියක් ඇගේ මව සමගින් පැමිණ මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල මත 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක්.සැකකාර පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට ඇස් ගසමින් ශරීරය ස්පර්ශ කරමින් තමාට විවිධ හිරිහැර සිදුකරන බවත්, එසේ නොකරන ලෙස ඉල්ලූ අවස්ථාවේදී ‘‘උඹලව පිටට දීලා බෑ“ යනුවෙන් පවසන බවත් දැරිය හඬමින් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිවරියට පවසා තිබුණා.

මෙම සැකකරුට 21 හැවිරිදි පුතකු හා තවත් දියණියක සිටින බව පොලිසිය පැවසුවා.

අනුෂා දමයන්ති විවාහය ගැන නොකිව්ව රහසක් හෙළි කරයි.ලබන අවුරුද්දේ විවාහ වෙනවාලු.මෙන්න බලන්න ඇය කියන දේ.

කාලයක් තිස්සේ කතා වුන කෙනෙක් තමයි අනුෂා දමයන්ති කියන්නේ.ඇත්තටම කොයිතරම් දේවල් කතා වුනත් ඇයගේ විවාහය ගැන කිසිදිනක කතා කලේ නෑ..නමුත් ඇය විවාහය ගැන මාද්‍යට කියා තිබෙනවා..මේ ඇය නොකළ විවාහය ගැන කිව්ව දේවල්.

ආදරය හංගන්න බෑ නේ….

ඔව්….දැන් මං පෙම්වතියක්‌.

කවද විතරද මේ පෙම්වතිය බිරින්දෑ කෙනෙක්‌ වෙන්නේ?

ම්…. ලබන අවුරුද්දේ…..

ඔහු මේ ක්‌ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌ද?

ව්‍යාපාර ක්‌ෂේත්‍රයට සම්බන්ධයි කියලා කියමුකෝ අපි. ම්… ඔව් ඔහු ව්‍යාපාරිකයෙක්‌.

සැලසුම?

උදාවෙන ජනවාරි මාසේ ඉඳන් තමයි වැඩ ටික සැලසුම් කරගෙන කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ටිකේ මගේ තියෙන වැඩ ටික කරලා ඉවරගන්න තමයි උත්සහ කරන්නේ.

විවාහයෙන් පස්‌සේ ගෙදරට වෙලා ඉන්න කියන යෝජනාව ඔහු කළේ නැද්ද?

නැහැ… කවදාවත් නෑ. ඔහු මගේ වෘත්තියට ආදරය කරන ගෞරව කරන කෙනෙක්‌. ඉතිං මං කැමති විදිහට මගේ වෘත්තීය කරගෙන යන්න කියලා තියෙනවා. මේ හිටියා වගේම මගේ කලා කටයුතු කරගෙන යන්න ඔහු අවසර දීලා තියෙනවා. මොකද ඔහු කලාවට ආදරෙයි.

ඔහු දෙමව්පියන්ගේ තෝරා ගැනීමක්‌ද? ඔබේ තෝරා ගැනීමක්‌ද?

අ…. මගේ තෝරා ගැනීම. දෙපැත්තේම දෙමව්පියන්ගේ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා.

දැනටත් ඔබේ ජංගම දුරකථනයට ආන්සර් කරන්නේ ඔබේ අම්මා. යන යන තැන පස්‌සෙන් යන්නේ අම්මා. අනාගතේ මේ රාජකාරි ඔහු භාර ගනීද?

නැහැ…. එහෙම වෙන එකක්‌ නැහැ. අවශ්‍ය හැම වෙලාවේම එයා මගේ ළඟ ඉඳි. නමුත් ඔහුගේ ව්‍යාපාර කටයුතු එක්‌ක ඔහුට මං එක්‌ක එහෙම දුවන්න වෙලා නැති වෙයි. ඒ නිසා වෙනදා වගේම මං අම්මිත් එක්‌ක ඒ වැඩවලට යාවි.

ඒ කියන්නේ දුවව දීග දුන්නත් අම්මට ගැලවීමක්‌ නැහැනේ?

ම්… ඔව්නේ. ඒක ඉතිං කොහොමත් එහෙමනේ වෙන්නේ නේද.

විවාහයෙන් පස්‌සේ පදිංචිය වෙනස්‌ වෙනවද?

පොඩි කාලෙකට පදිංචිය වෙනස්‌ වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඉතිං මේ ගෙදර මගේ නිසා, මට පුරුදු තැන නිසා, මෙහෙත් ඉඳි, එහෙත් ඉඳි මං.

ඔහුගේ පවුලේ විස්‌තර ටිකක්‌ කියන්නේ නැද්ද?

එයාට ඉන්නේ මල්ලි කෙනෙක්‌. ඔහු විවාහකයි. ඉතිං දෙමව්පියෝ වෙනම. එයා වෙනම. එයා විතරයි ඉන්නේ ඉතිං ඒ ගෙදර. ඉතිං එහෙත් මෙහෙත් ඉඳි අපි දෙන්නා.

අනුෂා දමයන්ති මේ වෙද්දී සිනමාවෙන් දුරස්‌ වෙලාද?

නැහැ. මේ දවස්‌වල ෂූටින්ග්. සීතල යුද්දේ ෆිල්ම් එකේ. මේක එක අතකින් අත්හදාබැලීමක්‌. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ග්‍රීන් එකේ තමයි රූගත කරන්නේ. ඒකත් එක්‌තරා විශේෂත්වයක්‌. ඉතිං වියදමත් ටිකක්‌ අධිකයි. අමාරු වැඩක්‌. හැබැයි ලස්‌සන ෆිල්ම් එකක්‌. ඒ වගේම නිශාන්ත වීරසිංහ ගේ අයියයි නංගියි චිත්‍රපටය රූ ගත කිරීම් ඉවර කළා. ලස්‌සන ෆිල්ම් එකක්‌, විදෙස්‌ රටවල පවා රූගත කිරීම් කළ. තව රජානෝ, ඇලකන්දේ මාකස්‌ සහ තවත් චිත්‍රපට හතරක්‌ විතර එන්න තියෙනවා.

ටෙලි නිර්මාණවලට පහුගිය ටිකේ ආරාධනා ලැබුණා නේද?

ඔව්.. දන්කුඩ බණ්‌ඩා කියන නිර්මාණයට මං සම්බන්ධ උනා. ඒක හරිම ලස්‌සනයි. රත්නා කියලා අම්මා කෙනෙකුගේ චරිතයක්‌ මං නිරූපණය කරන්නේ. ඒ වගේම සියත රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වෙනවා ලව් යු බොස්‌’.

අනුෂා දමයන්ති රඟපාන පළමු වේදිකා නාට්‍ය කවදද වේදිකාගත වෙන්නේ?

දෙසැම්බර් පළවෙනිදා. ඉස්‌සර ඉඳන් මට වේදිකා නාට්‍ය සඳහා හුඟක්‌ ආරාධනා ලැබුණා. නමුත් මට යන්න වෙලාව තිබුණේ නෑ. හැබැයි මට අහම්බෙන් වගේ අශෝක සෙනරත් මුදලි මට ආරාධනාවක්‌ කළා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න කියලා.

ඒ ආරාධනාවට එකඟ වෙන්න මොකක්‌ද ඒ නාට්‍යයේ තිබුණ විශේෂත්වය?

ඩාන්සින් ස්‌ටාර් මිස්‌ නාගීනා මේ නාට්‍යයේ නම. මේක වේදිකාව තුළ සජීවී රියෑලිටි ප්‍රොaග්‍රෑම් එකක්‌ මේකේ නිරූපණය වෙනවා. ඩාන්සින් මියුසික්‌ තියෙන හරි ලස්‌සන නිර්මාණයක්‌ මේක. ඉතිං මේ නාට්‍ය වේදිකාව තුළ අලුත් දෙයක්‌ වෙයි කියලා මට හිතුණා. ඒකයි මේක මගේ වසර පහළොවකට අධික කළා ජීවිතේ පළමු වේදිකා නාට්‍ය බවට පත්වෙන්නේ.

ෆිල්ම් කීයද?

මං හිතන්නේ හැටකට වැඩිය ෆිල්ම්ස්‌ කළා ප්‍රධාන චරිත. සිනමා සම්මාන හිමිවූ චිත්‍රපට ඒ අතර තියෙනවා. හැබැයි ටෙලි නාට්‍ය නං මං කරලා තියෙන්නේ දහයක්‌ විතර මං හිතන්නේ. දහයට අඩු වුණොත් මිසක්‌ වැඩි නැතුව ඇති. වේදිකා නාට්‍ය නං මේ පළවෙනි එක.

නොවැම්බර් 19 මොකද්ද සිද්ධ වෙන්නේ?

සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවත් එක්‌ක එකතුවෙලා ශාන් පෙරේරා කියන දක්‌ෂ නර්තන අධ්‍යක්‌ෂවරයා දැවැන්ත ප්‍රසංගයක්‌ කරනවා. ඒ සඳහා මමත් සම්බන්ධ වෙනවා. කලාකරුවන් සම්බන්ධ වන ඉතාමත් දැවැන්ත ප්‍රසංගයක්‌ මේක. හැව්ලොක්‌ ග්‍රවුන්ඩ් එකේදි මේක පැවැත්වෙනවා රිදම් ඔෆ් ස්‌ටාර්ස්‌ නමින්. අපේ රටේ සිටින වකුගඩු රෝගීන්ට ආධාර පිණිස තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.

ඊළඟ අවුරුද්දේ සිදුවෙන්න තියෙන ඔබේ සුවිශේෂී කලා තොරතුරු මොනවද?

විදෙස්‌ සංචාර කිහිපයකටම සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ඒ ඇරුණුකොට ෂූටින්ග්. ඒ වගේම මගේ ජීවිතේ සුවිශේෂීම කටයුත්ත ලබන අවුරුද්ද මැදදි සිද්ධ වෙනවා..

ලංකාවේ සුරුපි තරුණියන් ඉන්න සුපිරි ගණිකා නිවාසයක් වැටලු හැටි.මෙන්න අවසානයේ සුරූපී තරුණියන් 4ට වුන දේ.

කොල්ලුපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථානයක් ⁣කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවාඒ .ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවකට අනුව..මෙම වැටලීමේදී ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් සිව්දෙනෙකු පරිපාලනය කටයුතු කල පුද්ගලයකු හා අනුබල දීම යටතේ තවත් පුද්ගලයකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන අතර මෙම සැකකරුවන් අද දින (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ..බොරැල්ල ප්‍රදේශයේ ද මෙම ආයතනයේ ශාඛාවක් ඇති අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් එය පවත්වාගෙන යනු ලබන බවද වාර්තා වී තිබෙනවා.