පැටවු ටික බේරාගන්න ,බෙනයට රිංගු නයා සමග පොරබදින කෑරල මව.

මව් සෙනෙහස කාන්තාවන්ට පමණක් උරුම වුවක් නොවේ.එය හොදින්ම ඒ සමානව සතා සිව්පාවට පවා තිබෙනවා.ඔබ මිට කලින් දැකල නැතුව ඇති සතෙකුගේ මව් සෙනෙහස.තමන්ගේ දරුවාට තිබෙන ආදරය,දයාව,කරුණාව,කෙතරම්ද කියලා.

මේ වීඩියෝව නැරඹුවොත් නම් ඔබට සතෙකුට ගහන්නවත් සිතෙන එකක් නෑ.ඇත්තටම හදවත සසල කරවන වීඩියෝවක්.තමන්ගේ ආදරණිය දරුවන්ව බේරා ගන්න නයෙක් සමග පොර දින අහිංසක කැරල මාවකගේ පොරබදින දසුනක් මෙන්න.පහතින් නරඹන්න.

වෙසක් පොහෝදා ඩුබායි වලදි අපේ කොල්ලො එකතු වෙලා දුන්න බත් දන්සල.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවූ වෙසක් පොහෝ දිනය බෞද්ධයන් සමරන්නෙ මහත් බැති සිතින්.

වෙසක් පෝය නිමිතෙන් අපේ රටේ හැම නගරයකම වගේ දන්සැල් පැවැත්වුණා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල විසිරී සිටින බෞද්ධයන් තමන් ජීවත්වන නගරවලදී වෙසක් දන්සැල් පැවැත්වූ ආකාරය මුහුණු පොතෙන් අපට දකින්න ලැබුණා.

මේ අතරේ ඩුබායි නගරයේදී පැවැත්වූ දන්සැලක් ගැනත් අපට වාර්තා වුණා. ඩුබායි නගරය කියන්නෙ ඉස්ලාම් ජාතිකයන් වැඩි වශයෙන් සිටින නගරයක්. මේ දන්සැල පැවැත්වුණෙ අපේ රටේ බෞද්ධ තරුණ පිරිසකගේ මැදිහත්වීමෙන්.

එහි ඡායාරූප පහතින්..

උපුටා ගැනීම rategossip.com

රූමත් සහකාරිය මරා ආහාරයට ගත් සැමියෙක් කල හදවත් සසල වන කතාව.

සිය සහකාරිය ඝාතනය කර ඇයගේ කොටස් පිස ආහාරයට ගත් සුපවේදියකු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරින් වාර්තා වනවා.

ලිංගික විපර්යාසයකට ලක්වු සහකාරිය ඝාතනය කර ආහාර සකස් කර ඇති මෙම සැකකරු නිවසේ විදුලි පද්ධතිය නඩත්තු කිරීමට පැමිණී කාර්මික ශිල්පියෙකුට සඳහන් කර ඇත්තේ පවතින දුර්ගන්දය පිළිබඳ සැලකිලිමත් නොවන ලෙසටයි. නිවසේ තිබු සැක කටයුතු ස්වභාවය පිළිබඳ කාර්මික ශිල්පියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය අදාළ නිවසට පැමිණ විශේෂ සෝදිසියක් සිදුකර තිබෙනවා.

එහිදී ඝාතනයට ලක්වු සහකාරියගේ සිරුරු කොටස් කිහිපයක් පිස තිබු අතර තවත් කොටස් කිහිපයක් කසල බඳුන තිබී සොයාගෙන තිබෙනවා. සැකකාර සුපවේදියාගේ සහකාරිය ලෙසට කටයුතු කළ තරුණිය ඉන්දුනීසියා ජාතිකයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් මුදල් යැවීමට හුරු පුරුදු වී තිබු බව ද ආරක්ෂක අංශ හෙළිකරගෙන තිබෙනවා.ඒ ඇයගේ සොහොයුරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්.

කෙසේවෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

 

උපුටා ගැනීම hirunews.lk

වෙසක් තොරන් පරාද කරන ගම්පහ පැත්තේ තියන ඩොක්ටර් කෙනෙක්ගේ ගෙදරක ලස්සන

ඇත්තටම මේක තොරණක්ද? නැහැ බැලු බලමට තොරණක් වගේ වුනාට ඇත්තටම මේ තොරණක් නෙමෙයි මේ ගම්පහ පැත්තේ තියන ඩොක්ටර් කෙනෙක්ගේ ගෙදරක් හැම වෙසක් පෝයටම ඩොක්ටර් මේ වගේ එයාගේ ගෙදර සරසනවලු බලන්නකෝ හිතාගන්නවත් බෑ

වසු පැටවකුගේ කකුලක් කපන් කෑ පාපතරයා අවසානයේ ගොම කාපු හැටි මෙන්න.

වෙල් යායක බැඳලා හිටපු මාස 4ක් පමණ වන වසු පැටවකුගේ පසුපස කොටසක්, කිසියම් පුද්ගලයෙකු විසින් කපාගෙන ගිය පුවතක් පසුගිය වෙසක් පෝදාට පසුවදා කළල්ඇල්ල යක්ගහඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. වසු පැටවා පණපිටින් සිටියදීම කිසියම් අයෙකු විසින් කළ මේ පපතර ක්‍රියාව ගැන යක්ගහඇල්ල ගම්වාසීන්ට ඇතිවුනේ කෝපය මිශ්‍ර වේදනාවක්.

13 වැනිදා අලුයම් කාලයේදී මෙම වසුපැටවා වේදානාවෙන් කෑගසන ශබ්දය සමග ගම්වාසීන් කළ සොයාබැලීමකදී කිසියම් සතෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මේ වසු පැටවා ඔවුන් දැක තිබුණා.

කෙසේ වෙතත් තුවාලය නිරීක්ෂණය කළ ගම්වාසීන්ට පෙනුනේ මේ සතෙකුගේ ප්‍රහාරයක් නෙමෙයි කියලා.ඒත් එක්කම ගමේ යම්කිසි පුද්ගලයෙකු ගැන ඔවුන්ට සැක හිතිලා තිබුණා.පසුව ඔවුන් ඔහුගේ ගෙදරට ගිහින් අදාළ පුද්ගලයා අල්ලාගෙන තිබුණා.

මේ වසුපැටවාගේ හිමිකරුවා මේ ගැන කියපු කතාව..‘‘මම අවුරුදු 6 ක පටන් හරක් ඇති කරනවා. මට එළ හරක් 6 දෙනෙක් ඉන්නවා. මගෙ නිවසට යාබද කුඹුරු යායේ හරක් බැඳලා තිබුණෙ. මම පාන්දර යනකොට පැටියා හොඳටම කෑ ගහනවා. මම බලනකොට ලොකු තුවාලයක් දැක්කා. මම වටපිට ටිකක් පරීක්ෂා කරනකොට දැක්කා ලේ තැවරුණු ඇඟිලි සලකුණක් ගහක තියෙනවා. මෙහෙම වැඩක් කරයි කියලා හිතෙන පුද්ගලයාගේ ගෙදරට මම ගියා. මම ගෙට ගිහින් බලනකොට මස් වළඳ හම්බවුණා. මස් කොහෙන්ද ඇහුවම කඩෙන් ගෙනාවා කිව්වා. පෝය දවස්වල මස්කඩ වහලා කොහෙන්ද මස් ගත්තෙ කියලා ඇහුවම හරකාගෙන් කපා ගත්තා කිව්වා. මම කහවත්ත පොලිසියට පැමිණිලි කළා.“

සමන්ත භද්‍ර හාමුදුරැවෝ දේශනා කල ඔන්ලයින් දාතු විකිණීමේ ආන්දෝලනාත්මක කතාව.

‘මේ වෙසක් සතියේ හැමදෙනෙක්ම බොරු බොරු දේවල් කළා” අපි කල්පනා කළා මී බොරුව පිළිබඳව මතයක් හදන්න ඕනා කියලා.මේ බොරුව බොරුවක් කියල පෙන්නන්න ඕන.
ඒ බොරුවට උදවු කල අය මිඩියා බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.දාතු පෙන්වීම ඇත්තටම මුදල් හම්බ කිරීමක් බවට පත්ව ඇති බව පෙන්වා දුන්න.තවත් විශාල ජාවාරම් පිලිබදව උන්වහන්සේගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට එක කර තිබෙනවා.
පහතින් එම වීඩියෝව බලන්න.

අහිංසක කිරිකටියාගේ සහ අනියම් බිරිඳගේ ජීවිතය කැත්තකින් අවසන් කල හැටි සැමියා කල පාපොච්චාරණය.

“ඇගේ අතේ තිබූ කැත්ත ගෙන ඇගේ ගෙලට කෙටුවා”

“දරුවා හදාගන්න කෙනෙක් නැති නිසා සිඟිත්තාටත් කැත්තෙන් කෙටුවා”

කොස්ගොඩ – බොරලුතැටිය ප්‍රදේශයේ දී අනියම් බිරිඳ හා සයමස් ඇගේ පුතු කැත්තෙන් කපා ඝාතනය කළ සැකකරු- 68 හැවිරිදි පුද්ගලයා පොලිසියට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.

“එදාත් සුපුරුදු පරිදි අනියම් බිරිඳගේ නිවසට පැමිණියා. ඇය සමග වූ කතාබහක් දුරදිග ගියා. මේ නිසා නිදන කාමරයේ දී ඇයට කම්මුල් පහරක් ගැසුවා.දර කපන්න ගෙනා කැත්තත් ඇගේ අතේ තිබුණා. එල්ල වූ අනපේක්ෂිත පහරින් ඇය ඇඳ මතට ඇද වැටුනා. පසුව ඇගේ අතේ තිබූ කැත්ත ගෙන ඇගේ ගෙලට කෙටුවා. කැති පහරින් ඇය මරු විකල්ලෙන් ඇඳේ දගලමින් සිටියා. “කණගාටුයි රේණුකා, අනේ මට සමාවෙන්න”.- මම කිව්වා.එයාගේ සිරුර නිසල වුනා. පසුව ඇඳේ නිදා සිටි කිරි කැටියා දෙස බැලුවා. දැන් ඉතින් දරුවා හදාගන්න කෙනෙක් නෑ.- මම හිතුවා. සිඟිත්තාටත් කැත්තෙන් කෙටුවා.”

“පස්සේ මම පදිංචි නිවසට ගියා. ඇඳ සිටි සියලු ඇඳුම් ගැලෙව්වා. ඒවා නිවස පිටුපස කුරුඳු කැලයේ වලක හැංගුවා. පස්සේ සැඟවුනා.”

වෙසක් පොහොය දාට පෙර දා කළ ද්විත්ව ඝාතනයෙන් පසු සැඟව සිටි සැකකරු 14 වන දා නීතිඥයකු මගින් කොස්ගොඩ පොලිසියට භාර වූ අතර ඝාතනවල සම්පුර්ණ වගකීම ද භාරා ගත්තා.

පසුව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 24 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා.

උපුටා ගැනීම gossip.hirufm.lk

අලුත්වැඩියාවට ආපු කාර්මිකයන් පළමුව පවු සමාකරගන්න දළදා වඳියි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සඳහා පැමිණ කාර්මික දෝශයකට ලක්ව අස්ගිරිය ක්‍රීඩාංගණයේ නවතා තිබූ ඉන්දීය හෙලිකොප්ටර් යානාව අද ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ ඉකුත් දින කිහිපයේ සිදු කල අලුත්වැඩියා කටයුතු වලින් පසුවයි.

ඒ සදහා ඉන්දීය කාර්මිකයන් පිරිසක් හා උපාංග කිහිපයක්ද ඉන්දියාවේ සිට රැගෙන එනු ලැබ තිබෙනවා.

ඒ ඉන්දිය ගුවන් හමුදාවේ උපදෙස් යටතේයි.

ඉන්දීය විශේෂ ආරක්ෂක ගුවන් යානා මහනුවර අහසේ පියාසර කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙන අතර දළදා සමිඳුන් වැඩසිටින මාළිගාවේ රන් වියනට උඩින් හෝ දළදා මාලිගාවට ඉහලින් ගුවනේ කිසිදු යානාවක් ගමන් නොකිරීමේ පෞරාණික සම්ප්‍රදායක්ද බෞද්ධයන් තුල පවතිනවා.

කෙසේවෙතත් මෙහි විශේෂත්වය වන්නේ මෙම යානාව අලුත්වැඩියා කිරීමට ආ ගුවන් හමුදා නිලදාරීන් සහ කාර්මිකයන් පිරිස පළමුව දළදා මාලිගාව වැඳපුදාගෙන පසුව යානාව යතාතත්වයට පත් කිරීමට කටයුතු කිරීමයි. මක්නිසාදයත් ඔවුන්ද විශ්වාස කර ඇත්තේ මාලිගාවට ඉහළින් පියාසර කළ නිසා යානාව කාර්මික දෝශයකට ලක්වූ බවටයි.

උපුටා ගැනීම adaderana.lk

ඩොලර් මිලියන 45කට වෙන්දේසි වූ සුපිරි සිතුවමේ අපුරු කතාව මෙන්න.

20 වන සියවසේ වටිනාම චිත්‍ර ශිල්පියා ලෙස සැලකෙන පැබ්ලෝ පිකාසෝගේ නිල් හැඳි කත චිත්‍රයට නිව්යෝක් නුවර ඊයේ පැවැති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 45ක මිලක් හිමි වුණා.

1939 වසරේදී වසර 58ක්ව සිටියදී පිකාසෝ මෙලෙස සිතුවම් කර තිබුණේ ඔහුගේ එක් පෙම්වතියක් වූ එවකට 31 හැවිරිදි ඩෝරා මාර් නැමැති කාන්තාවයි.දෙවන ලෝක යුද සමයේදී නාසිවරුන් අතට පත්වූ මෙම චිත්‍රය ප්‍රංශ හමුදා මගින් නැවත අත්පත් කර ගනු ලැබුවා.

මීට වසර 6කට පෙර ඇමරිකානු චිත්‍ර එකතු කරන්නෙක් එය මිලදී ගත්තේ ඩොලර් මිලියන 26කටයි. පිකාසෝගේ ඇල්ජියර්ස් හි කාන්තාවන් නැමැති චිත්‍රයට 2015 වසරේදී ඩොලර් මිලියන 179ක මිලක් හිමි වූ අතර එය මෙතෙක් චිත්‍රයක් සඳහා හිමි වූ ඉහළම මිල ලෙස වාර්තා පොතට එක්වී තිබෙනවා.

ඩිලන්ත මාලගමුව ප්‍රසිද්ද කාර් රේස් ශුරයාගේ ඔබ කිසිදිනක නොදැක්ක සුපිරි හැකියාව මෙන්න.

ඩිලන්ත කිව්වොත් ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නේ ලෝක ශුර කාර් රේස් පදින්නකු විදිහට.ඇත්තටම ඔහු සතුව තිබෙන වටිනාම හැකියාවක් තමයි ඒක.ලෝකයම පිළිගන්න ඔහු පසුගිය දිනවල ශුරයෙකු වශයෙන් පිදුම් ලැබුවා.

නමුත් අද අපි ඔයාලට කියන්න යන්නේ එම ලෝක ශුරයාගේ සැඟවී තිබුන රහසක් පිලිබඳව.ඒ තමයි ඔහු තුල තිබෙන ගායන හැකියාව. ඔබ කිසිදිනක නොදුටු එම ගායන හැකියාව මෙන්න පහතින් බලන්න .