“මල්ලීගේ ජීවිතය බිළිගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන්ගෙන් පළිගන්නවා”පියාගේ මරණයට ශෝක වූ මධූෂ් කියපු ආන්දෝලනාත්මක කතාව..

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදූෂ්ගේ පියා පසුගියදා රිය අනතුරකින් මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉතා ඉහල අවසන් ගෞරව උත්සවයක් සංවිධානය කරමින් සිදු කළ අතර ඒ වෙනුවෙන් මධූෂ් ශෝක පණිවිඩයක්ද එවා තිබෙනවා.

එහි සඳහන් වන්නේ තමන් මෙලෙස අවි අතට ගත්තේ තමන්ගේ බාල සහෝදරයාගේ ජීවිතය බිළිගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන්ගෙන් පළිගැනීමට බවත්, පියාගේ නාමයෙන් රටට සමාජයට වින කරන උන් අකා මකා දමන බවට දිවුරා සපත වන බවත්ය.

එම ශෝක පණිවිඩය පහතින්.

පැළඳුවේ දූ දරුවන්ගේ සෙනෙහස් කිරුළ
නිහතමානී මිනිසෙකි ඔබ සොඳුරුම සරළ

ආදරණීය තාත්තේ,

–“අවසන් මොහොතේ ඔබේ පපුව මත මගේ මුහුණ තියාගෙන හදවත ඇතුලේ බුර බුරා නැගෙන වේදනාව කෑ ගහලා කියන්න මේ කුරිරු සමාජය ඉඩ නොදුන්නත් මම දන්නවා හැම මොහොතෙම මගේ තාත්තා සෙවනැල්ලක් සේ මා පසුපස ඉඳිමින් මට ශක්තිය ධෛර්ය දෙන බව.

තාත්තගේ පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන් යහතින් වැජඹෙන විට නිහඬව පිය සෙනෙහස
වේදනාවෙන් විඳි දුක ඔය මුහුණේ ඉරියව් වලින් මට විනිවිද පෙනුනා තාත්තේ. ඔය වේදනාව තුනී කරන්න අවි අතට ගන්න දෙවරක් සිතුවේවත් පැකිලුනේවත් නැත්තෙ සහෝදර ප්‍රේමයට තාත්තගේ රුධිරය ලේ,මස්,ඇට, නහර තුල රත්වී වේගයෙන් දිවුවේ මල්ලිගේ ජීවිතය උදුරාගත් නරුමයින් පසුපසයි.

තවත් එවැනිම අහිංසක කොල්ලන්ගේ ජීවිත උදුරා ගන්නට ඉඩ නොදෙමි.

රටට සමාජයට වින කරන උන් අකා මකා දමනට අවසන් වරට දිවුරා සපත වෙමි ඔබේ නාමයෙන්.
ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුනු ලොකු පුතා මම වෙමි.

රටක් පරසිඳු පුතෙක් බිහි කළ
පියෙකි නුඹ මරණයද පසු කළ —“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *