අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයා අතේ.පත්කිරීමේ ලිපියට අත්සන් තැබුවේ කවුද? සුනිල් හඳුනෙත්ති කට අරි.

මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම කර ඇත්තේ ජනාධිපතිවරයා බැවින් ඔහුට බැඳුම්කර වගකීමෙන් ගැලවෙන්නට කිසිදු ඉඩක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ති්‍ර සුනිල් හඳුනෙත්ති මහතා පක‍ෂ මූලස්ථානයේ පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මැතිවරණයක් අභිමුව ජනපි්‍රය නායකයෙක් වීම සඳහා මෛති්‍රපාල සිරිසේන මහතා බැඳුම්කර මගඩියේ වීරයා වෙන්නට විශාල වෙහෙසක් ගන්නා බවත්, එය අසාර්ථක මෙන්ම බොළඳ උත්සහයක් බවත් ප්‍රකාශ කළ හඳුනෙත්ති මහතා මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමේ ලිපියට අත්සන් තැබූ පුද්ගලයා වශයෙන් ජනාධිපතිවරයාට අදාළ වගකීමෙන් කිසිදු ආකාරයකින් හෝ මිදෙන්නට ඉඩක් නැති බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසම මගින් තමාගේ විනිවිද භාවය හෙළිකරන්නට ගන්නා උත්සහයේදි මෛති්‍රපාල සිරිසේන මහතා අමතක නොකළ යුතු යථාර්ථය නම් ඔහු රටේ විධායක ජනාධිපතිවරයා බවයි. ඒ වගකීමෙන් මිදී අන්‍යයන් පිට වැරදි පැටවීන නායකත්වයට නොසුදුසු ලක‍ෂණයක් බව පෙන්වා දෙන සුනිල් හඳුනෙත්ති මහතා, ජනතාව හට නඩු ඇසීම ජනතාවට බාර කරන්නට මෙන් මෛති්‍රපාල සිරිසේන මහතා උදේ පටන් රෑ වනතෙක් දුක්ගැනවිලි කියන්නට පටන් ගෙන ඇති බවත්, මෙයින් සිදුවන්නේ ජනතාව නීතිය අතට ගනිමින් රටේ පාලනය අඩාල කරවන ආකාරයේ විශාල අරගල වලට යොමුවීම බවත් පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ නායකයා තමන්ගේ කශේරුකාව කෙලින් තබා වැඩකිරීම සියල්ලටම පෙර ඉගෙනගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *