හැමෝම හොල්මන් කරමින් මිනිසුන් වළලන භූමියක ජිවිතයක් නැති කරමින් සිදුවූ අනතුර මෙන්න.

පිළියන්දල – බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුවූ අනතුරකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයින් සුසාන භූමිය තුළ දී අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකිරීම සඳහා වළක් කපමින් සිටියදී එම ස්ථානයේ තිබූ ලොරි රථයක් රියදුරු නොවන පුද්ගලයෙකු විසින් පණ ගැන්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව පුද්ගලයින් 04 දෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී 65 හැවිරිදි මඩපාත – බටුවන්දර 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

උපුටා ගැනීම hirunews.lk

දික්වැල්ල විසිකළ පන්දුව නිසා බෝලය නොදැක්ක කපුගෙදර අවාසනාවන්ත ලෙස පිටියෙන් යන්න වුන හැටි.

ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩකයින් හීනෙකින්වත් නොසිතු ලෙස කපුගෙදර ක්‍රීඩකයාට ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්න සිදු වෙයි.ඒ දික්වැල්ල විසින් විසිකළ පන්දුවක් ඇසට පහලින් වැදීම හේතුවෙන්.මෙන්න නරඹන්න එම අවස්ථාවේ වීඩියෝව.

https://youtu.be/sP6MuUp9uHc

 

 

එදා හැම දෙනාගේම කා අතරත් ප්‍රස්සිද වුන “කීල්ස් කොල්ලා” දසුන් නිෂාන්ගේ නොඇසූ කතාව.

” කීල්ස් කොල්ලා ” කලක් කා අතරත් නොදන්නා චරිතයක් වුණා.වැඩි දෙනෙකු අතර ප්‍රසිද්ද වීමට මේ නමත් දායක වුණා.මෙලෙස ප්‍රසිද්දියක් ලැබීමට වාසනාවන්ත වුණේ වෙන කවුරුවත් නොව ඊයේ දිනයේ ( 28 ) සදහටම අප අතරින් යන්න ගිය මරණයට පත් වූ දසුන් නිශාන් නමැති සොඳුරු කලාකරුවා.මොහු කිසිදිනක රසිකයන් අතරින් නොමැකි තියෙවී..තරුණයෙක් වුවත් ඔහු ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට හැකි වුණා.

කීල්ස් කොල්ලා ගැන කතා කලොත්,ලංකාවේ තිබෙන ප්‍රමුඛ පෙලේ සමාගමක් තමයි කීල්ස් සුපර් කියන්නේ.මේ සමාගම විසින් ඔවුන්ගේ වෙළඳ දැන්වීමක් සඳහා මෙම කඩවසම් චරිතය යොදා ගැනීමට කටයුතු කළා.දසුන් නමැති මේ කඩවසම් චරිතය ඒ සඳහා කැමැත්තෙන් සහභාගී වී තිබෙනවා..ඔබත් ඕනෑ තරම් එම වෙලන්දසැල වෙත යන දොරටුව ළඟ ඔහුගේ චායරුපය සහිතව බඩුමල්ලක් අතින් ඇතිව තිබෙන ජීවමාන කාඩ්බෝර්ඩ් රුවක්..ඔහුත් සමග එම ජීවමාන කාඩ්බෝර්ඩ් රුවට පෙනීසිටීමට දායක වූ තවත් කෙනෙක් තමයි අපේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර.එම නිසා මොවුන් දෙදෙනාද හොඳ මිතුරන්ද වුණා.

දසුන් මිය යන විට වෙළඳ දැන්වීම් 60ක් පමණ දායක වී තිබෙනවා.කෙතරම් රට පුරා කතා පැතිරුණත් ඔහු මේ කල සේවාව අපට අමතක කල නොහැක.ඔහුගේ මේ දක්ෂතා සදා නොමැකි තියේවි..සදහටම වෙන්ව ගිය දසුන් නිශාන් ඔබට නිවන් සුව ලැබේවා..

https://youtu.be/8TjZp1pOaPY

 

 

ගනේමුල්ලේ ප්‍රදේශයේ කොල්ලෙක් ත්‍රිවිල් එකට ඩිස් බ්‍රෙක් සෙට් කරලා තියෙන හැටි මෙන්න .

ලංකාවේ ඉන්න අය ඉඳල ඉඳලා කරන්නේ මරු වැඩ තමයි.බලන්නකෝ කම්පැනියටවත් කරගන්න බැරිවුණ දෙයක් ගනේමුල්ලේ ප්‍රදේශයේ කොල්ලෙක් කරපු හැටි.ඇත්තටම සුපිරිම වැඩක් මේක නම්.ත්‍රිවිල් වල ඩිස් බ්‍රේක් සෙට් කරපු හැටි බලන්නකෝ.මෙන පහත විඩියෝවෙන්.

https://youtu.be/SShUB5CwUtc

මුහුණට මුහුණලා දුම්රිය දෙකක් එකට ගැටෙයි.පුද්ගලයන් 41 දෙනෙකුගේ ජිවිත උදුරාගත් අනතුරේ දර්ශන මෙන්න.

ඊජිප්තුවේ උතුරුදිග ඇලෙක්සෙන්ඩි‍්‍රයා නුවර ආසන්නයේදී දුම්රිය දෙකක් මුහුණට මුහුණලා එකිනෙක ගැටී ඊයේ සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මැදිරි රැසක් පිලී පැනීමට ලක්වූ මෙම අනතුරේදී තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එක් දුම්රියක යාන්ත්‍රික දෝෂයකට ලක්වී නතර වූ අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි අනෙක් දුම්රිය එහි ගැටී තිබෙනවා.වැඩිදුර විස්තර සඳහා වීඩියෝව නරඹන්න.

https://youtu.be/bKad1vDef9c

ජිවිතයේ සුන්දරම දිනය කරගන්න එවරස්ට් කඳු මුදුනේ පැවැත්වූ මංගල උත්සවයේ සොඳුරු දසුන්.

ලොව විවිධ ස්ථානවල අමුතුම ආකාරයට පවත්වන විවාහ උත්සව පිළිබඳව මීට පෙර අප දැක තිබෙනවා.එවැනි අමුතුම වෙනස්ම ආකාරයේ විවාහයක් පිළිබඳව මේ පුවත අපට අසන්න ලැබෙන්නේ ලොව උසම කඳු මුදුන වූ එවරස්ට් කඳු වැටියෙන්.මෙලෙස තම විවාහය අමුතුම ස්ථානයක තම ජීවිතයේ සුන්දරම දිනය ගතකරන්නේ උතුරු කැලි‍ෆෝනියා‍වේ ජීවත් වූ පෙම්වතුන් යුවළක්.

ජේම්ස් හා ඈෂ්ලි නම් වූ ඔවුන් දෙදෙනා පසුගියදා මෙලෙස එම විශේෂ කටයුත්ත සිදුකළ අයුරු ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.මෙම කටයුත්ත සඳහා මොවුන් මාස 9 ක් කාලයක් තිස්සේ සූදානම් වී ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී තම පාදවලට දැඩිලෙස ව්‍යායාම සිදුකර ඇති අතර ඔවුන් දැඩි ශීත ස්ථානවල එළිමහනේ නිදාගෙනද ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.මොවුන්ගේ මෙම අභියෝගාත්මක ආශාව රූගත කිරීමටද තෝරාගෙන ඇත්තේ මෙවැනි දේ සඳහාම මග බලා සිටි සුවිශේෂ ඡායාරූප ශිල්පියෙක්.චාල්ටන් චර්චිල් නම් මෙම ඡායාරූප ශිල්පියා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ මෙවැන්නක්.

“ මං 2015 වසරේදීත් මෙවැනිම යුවළකගේ මංගල මොහොත එවරස්ට්හිදී ජායාරූපගත කිරීමට සූදානම් වුණා. ඒත් නේපාලයේ ඒ වසරේ සිදුවූ දරුණු භූමිකම්පාවත් සමඟ එය වැළකී ගියා. මෙතරම් ඉක්මනට එවැනි වූ තවත් දෙදෙනකු මට මුණ ගැසේවි යැයි මං හිතුවේ නැහැ”

මෙම කන්ද තරණය කිරීමේදී මනාලියට සිය පෙම්වතා අහිමිවන්නට ගිය භයානක අවස්ථාද බොහෝයි.එහිදී එක් දිනක ගොරැක් ෂෙප් නමැති ස්ථානයේ සිටියදී උදෑසන අවධිවන ජේම්ස් අධික ශීතල හේතුවෙන් දැඩි ලෙස රෝගී වනවා.කෙසේ වෙතත් ඔවුන් සියල්ලට පෙරදීම සූදානම්ව සිටීම හේතුවෙන් එහිදී දිවිබේරාගැනීමට හැකිවනවා.එම අවස්ථාව ගැන ඈෂ්ලි පැවසුවේ මෙවැන්නක්.

“ මෙතැනදී ඊට පෙර සතියේ ඔස්ට්‍රේලියානු කඳු නගින්නෙක් මිය ගොස් තිබුණා. ජේම්ස් ද ඔක්සිජන් නැතිව මිය යෑමට ඔන්න මෙන්න තිබියදී බේරුණා. එසේ තිබියදී තවත් ජීවිත අවදානම ගත යුතු දැයි අප කල්පනා කළා. නමුත් පසුදින ජේම්ස් සුව වීම නිසා ඔවුන් දෙදෙනා ශර්පාවරුන් සමඟ සාකච්ජා කළා. ජේම්ස් ඔක්සිජන් ටැංකියක් ද සමඟින් ඉතිරි උස තරණය කිරීමට ඔවුන් පසුව තීරණය කළා.”

දින 9ක භයානක අති දුෂ්කර ගමනකින් අනතුරුව ඔවුන් සිය දිවිගමනේ සුන්දරම දිනය ගතකරන වෙනස්ම ස්ථානය වන ලොව උසම ස්ථානයට ලඟා වූවා.එහිදී සිය මංගල උත්සවය සැමරූ ඔවුන් දෙදෙනා මංගල මුදු හුවමාරු කරගෙන විවාහ දිවියට එළඹ තිබෙනවා.පසුව තමන් එහිදී සිදුකළ මෙම සුවිශේෂ සිදුවීම සිහිවීම සඳහා ඔවුන් තමන්ගේ නම් එහි ඇති ගලක කෙටීමද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් සියල්ල අවසන් වීමෙන් අනතුරුව ඔවුන් රැගෙන යාමට පැමිණෙන හෙලිකොප්ටර් යානයට එම ස්ථානයට ළඟාවීමට නොහැකි වූයේ අනතුරුව ඇතිවූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්.

එම අවස්ථාව පිලිබඳව ඡායාරූප ශිල්පියා සිය මතකය මෙලෙස අවධිකළා.

“අපි එදා රාත්‍රිය ගත කළේ ග්ලැසියර් අයිස් කඳු අතරේ. අපි නිදා ගත් තැනට යටින් ග්ලැසියර් පුපුරනවා ඇහෙනවා. වටෙන්ම හිම කඳු කඩා වැටෙන සද්ද‍ ඇහෙනවා. එලෙස පණ බයේ සිටියදී අපි ජීවිතයේ අහපු මිහිරිම හඬ ඒ කියන්නේ චොපර් එකේ හඬ ඇහුණා. එවෙලේ ජේම්ස්ගෙයි ඈෂ්ලිගෙයි මුහුණු දැක්කාම පුදුම සතුටක් දැනුණා. ඒත් පයිලට් ආවෙත් ඔක්සිජන් දමාගෙනයි. ඒ තරමටම හුස්ම ගැනීම අපහසුයි. මුලින්ම ගියේ අලුත් යුවළ. අපි ගියේ දෙවැනි වාරයේ”

එම සුන්දර මෙන්ම භයානක අභියෝගය ජේම්ස් හා ඈෂ්ලි ජයගත් අයුරු පහතින්.

 

නාසා ආයතනය සිංහල භාෂාව විශ්වයට මුදාහැර පිටසක්වල ජීවින් ඇමතීමට සැරසෙයි.

නාසා ආයතනය සිංහල භාෂාව විශ්වයට මුදාහැරනාසා ආයතනය සිංහල භාෂාව විශ්වයට මුදාහැර පිටසක්වල ජීවින් ඇමතීමට සැරසෙයි.පිටසක්වල ජීවින් ඇමතීමට සැරසෙයි.පහතින්ම වීඩියෝව නරඹන්න.

https://www.youtube.com/watch?v=0Z8MQJgV-uU

පවුලේන් ලැබෙන ආදරය නිසා උපෙක්ෂා දේශපාලනයේ කරන්න යන දේ.

කොහොමද උපේක්‌ෂා ජීවිතේ?

ජීවිතේ මල්, සැමියා සමන්තගෙ ආදරෙත් දුව ධනුජිගෙ හුරතලෙත් විඳිමින් බොහොම සුන්දරව ගෙවෙනවා.

සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ අද වගකීම්වලින් පිරිල වගේ

බිරිඳත් මවක්‌ වුණහම මුහුණදෙන සාමාන්‍ය තත්ත්වය ඕකනෙ. අද මමත් ඒ තත්ත්වෙට පත්වෙලා. ගොඩක්‌ සතුටින් ඒ වගකීම් යුතුකම් ඉටුකරමින් ඉන්නවා.

ආදරණීය පබා රසිකයන්ගෙන් ඈත්වෙලා නේද?

අනේ නෑ. මගේ ජීවිතේ තියෙනතුරා මම මට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ඈත් වෙන්නෙ නෑ. ඒ මමත් ඔවුන්ට ආදරේ නිසා.

මව් පදවියත් එක්‌ක උපේක්‌ෂාට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ නැති පාටයි

ආරාධනා වලින් නම් අඩුවක්‌ නෑ. ඒත් මට දුවව තනිකරල කිසිම දේකට යන්න හිතෙන්නෙ නෑ. දුවට තාම මාස 7 යිනෙ. මේ මම එයාගෙ ළඟම ඉන්න ඕනෙ කාලෙ. ඒත් පසුගිය දවස්‌වල නර්තන ප්‍රසංගවලට සහභාගි වුණා. ලබන අගෝස්‌තු, සැප්තැම්බර් මාසවලත් ප්‍රසංග කීපයකට ආරාධනා ලැබිල තියෙනව.

දුවෙක්‌ ඉන්න අම්ම කෙනෙක්‌ හැටියට ඉදිරියේදී චරිත තෝරාබේරා ගැනීමේ පිළිවෙතක්‌ අනුගමනය කරනවද?

දුවෙක්‌ ඉන්න නිසා නෙමෙයි මම මේතාක්‌ මගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙන චරිතයක්‌ වෙනුවෙන් පෙනී සිටියෙ නෑ. ඉදිරියේදීත් මම අනුගමනය කරන්නේ ඒ පිළිවෙතම තමයි.

දරුවෙක්‌ ඉන්න උපේක්‌ෂට නැවත පෙම්වතියකගේ චරිතයක්‌ කරන්න පුළුවන් වෙයිද?

පෙම්වතියකගේ චරිතයකට දරුවො බලපෑමක්‌ වෙන්නෙ නෑ. රංගනයට හැකියාව තියෙනව නම් ඒ චරිතෙ කරන්න පුළුවන්. දරුවෙක්‌ නෙමෙයි දුසිමක්‌ හිටියත් අවස්‌ථාවක්‌ ලැබුණොත් මම පෙම්වතියකගෙ චරිතෙ කරනවා.

සැහැල්ලුවෙන් ජීවත්වුණ උපේක්‌ෂාට මේ කාර්ය බහුල බව දැනෙන්නේ

විඩාබර වුණත් සුන්දර අත්දැකීමක්‌. සාමාන්‍යයෙන් මම ටිකක්‌ වැඩිපුර කාලෙ අරගෙන මගේ වැඩ නිදහසේ කරගත්තු කෙනෙක්‌. එහෙම ගෙවපු ජීවිතේ වෙනස්‌ කළේ මගේ දුව ධනුජි ශැනන්. එයාව අඬවන්නෙ නැතුව එයාගෙ වැඩත් ගෙදර සියලු වැඩත් ඉක්‌මනට පිළිවෙළට කරන්න එයා මාව හුරුකළා.

ඒ කියන්නෙ ඔබ දැන් නියම අම්ම කෙනෙක්‌ වගේම හොඳ ගෘහනියක්‌

හරියටම හරි, අමාරුවෙන් වුණත් මම මේ ජීවිතේට හුරුවෙන්න වැඩිකාලයක්‌ ගියේ නෑ. හිතුවොත් කරන්න බැරි දෙයක්‌ නෑ කියන්නෙ ඒකනෙ.

ඔහොම ගිහින් සැමියා පබාව ගෙදරටම කොටු කළොත්

ඒක කවදාවත් වෙන දෙයක්‌ නෙවෙයි. මටත් වඩා ඔහු තමයි මගේ රංගන කටයුතු ගැන උනන්දුවක්‌ දක්‌වන්නෙ. අනික සමන්ත කියන්නෙ සමාජය ගැන හොඳ දැනුමක්‌, අවබෝධයක්‌ තියෙන කෙනෙක්‌. පටු අදහස්‌ ආකල්ප ඔහු ළඟ නෑ. ඒ තුළ ඔහුට මාව හිරකාරියක්‌ කරන්න අවශ්‍ය වෙන එකක්‌ නෑ.

ඔබ දෙදෙනා දැනහඳුන ගත්තේ

මම දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු කාලෙ විවිධ සමාජ සේවා වැඩසටහන්වලට සමන්ත අනුග්‍රහය දැක්‌වුවා. ඒ හරහා අපිට එකට වැඩකරන්න ලැබුණා. ඒ දැන හැඳුනුම්කම් තමයි විවාහය දක්‌වා දුරගමනක්‌ ආවෙ.

දේශපාලනේ කරල එහෙනම් උපේක්‌ෂට හරිගියා

ඇත්තටම කියනව නම් දේශපාලනේ කරල මට ලැබුණු එකම හොඳ දේ තමයි මගේ මහත්තයා.

ඒ එකම හොඳ දේ අරන් අද ඔබ දේශපාලනයට තිත තිබ්බ කියල චෝදනා කළොත්

මෙහෙමයි හොඳ දේවල් කරහම හොඳ ප්‍රතිඵල ලැබෙනවනෙ. ඒ වගේ මම හොඳ හිතින් දේශපාලනේ කරා. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට මට සමන්තව ලැබුණා. ඒ අතරේ හොඳ දේවල් රැකගෙන අයින් වෙන්න ඕන තැනට තිත තිබ්බා.

නැවත දේශපාලනේට සම්බන්ධ වෙන්න අදහසක්‌ නැද්ද?

කොහෙත්ම නෑ. පිළිගන්න පුළුවන් පක්‌ෂයක්‌ සහ දේශපාලනඥයකු වෙනුවෙන් මගේ ඡන්දය ලබාදෙනවා ඒ ඇරෙන්න කාටවත් කඩේ යන්නෙ නෑ.

සැමියා ඡන්දෙ ඉල්ලුවොත්

සීයට දෙසීයක්‌ සපෝර්ට්‌ කරනවා. කොහොමත් සමන්ත හොඳ දේශපාලන පසුබිමක්‌ වගේම දැනුමක්‌ තියන කෙනෙක්‌. මම නිතරම කියන්නෙත් එයාට දේශපාලනේට සම්බන්ධ වෙන්න කියල.

පබාගේ කැදැල්ලේ වැඩවලට සැමියගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු නේද?

ඇත්තම කියනව නම් මම සමන්තගෙන් ගෙදර වැඩවලට උදව් බලාපොරොත්තු වුණොත් මම හරිම අසාධාරණ බිරිඳක්‌ වෙනව. මොකද සමන්ත කියන්නෙ ව්‍යාපාර කටයුතු නිසා කාර්ය බහුල කෙනෙක්‌. ඒ හැමදේම එයා කරන්නෙ මටයි දුවටයි සැපවත් ජීවිතයක්‌ ළං කරල දෙන්න කියන එක මම හොඳටම දන්නවා. අනික සමන්තගෙන් මට ස්‌වාමියකුගෙ ආරක්‌ෂාව විතරක්‌ නෙමෙයි තාත්ත කෙනකුගෙ, සහෝදරයකුගෙ රැකවරණයත් ලැබෙනවා. ඊට වඩා මොන උදව් ද ඔහුගෙන් මගේ ජීවිතේට. ඒත් සමන්ත මට හිතල උදව්කරන අවස්‌ථා අනන්තයි අප්‍රමාණයි.

මේ අතරෙ අපි උපේක්‌ෂගෙ දයාබර සැමියා සමන්තවත් මේ කතාබහට එකතුකර ගත්තා

සමන්ත උපේක්‌ෂව බිරිඳ කරගත්තෙ ඇය රංගන ශිල්පිනියක්‌ නිසාද?

නැහැ. අර උපේක්‌ෂා කිව්වෙ අපි හඳුනගත්තෙ දේශපාලන වැඩවලදී කියල. ඒක තමයි ඇත්ත කතාව. ඒ විදියට අපි සමාජ සේවයේ යෙදිල ළඟින් ඇසුරු කරද්දී උපේක්‌ෂාගෙ තියෙන ගොඩක්‌ හොඳ ගතිගුණ මගේ හිතට තදින් කාවැදුනා. ඒ නිසා තමයි මම ඇයව බිරිඳ කරගන්න හිතුවෙ.

ඔබේ කාර්යබහුල දිවියට ඇයගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

අති විශාලයි. ව්‍යාපාර කටයුතු නිසා කන්න බොන්න නිදහසක්‌ නොලැබෙන අවස්‌ථා අනන්තයි අප්‍රමාණයි. ඒ හැමදේම හොයල බලල ඔළුව නිදහසේ තියාගෙන වැඩකරගන්න අවශ්‍ය පසුබිම නිරතුරුවම ඇය සකස්‌ කරල දෙනවා.

බිරිඳක්‌, ගෘහනියක්‌, මවක්‌ හැටියට ඇය සතු වගකීම් නිසි ලෙස ඉටුකරනවද?

සත්තකින්ම හිතුවට වඩා ඉක්‌මනින් උපේක්‌ෂා ඒ හැමදේම මම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉටුකරනවා. මේ වෙද්දී එයා මගෙත් දුවගෙත් සියලු වැඩකටයුතු අතපසු නොකර බොහොම පිළිවෙළට කරන්නෙ ලොකු කැපවීමකින්.

දැන් බිරිඳ රඟපෑව ඇති කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

රඟපෑම කියන්නෙ මගේ බිරිඳගෙ රැකියාව. ඉතින් ඇයි මම ඒක නවත්වන්නෙ. මමත් කලාවට බොහොම ආදරය සහ ගෞරව කරන කෙනෙක්‌ ඒ නිසා මම කවදාවත් එහෙම හිතෙන එකක්‌ නෑ. අනික බිරිඳගෙ කලා කටයුතුවලින් මටවත් මගේ පවුලටවත් කිසිම හානියක්‌ වෙලා නැහැ. උපේක්‌ෂාගෙ දක්‌ෂතා මොටකරන පාපෙට හවුල්වෙන්න මට වුවමනාවකුත් නැහැ.

මෙතෙක්‌ පැමිණි දුර ආපසු හැරී බැලුවොත්

සතුටක්‌ මිස දුකක්‌ නෑ. මොකද මම හැම අතින්ම දවසින් දවස ඉදිරියට ආපු කෙනෙක්‌. ව්‍යාපාරිකයෙක්‌ වශයෙන් සාර්ථක වුණ මට හොඳ සහකාරියක්‌ ලැබුණා. සෑම සාර්ථක මිනිසකුම පිටිපස්‌සේ ගැහැනියක්‌ ඉන්නව කියනවනෙ. ඒ අනුව මගේ සාර්ථකත්වය පසුපස සිටින උපේක්‌ෂා ස්‌වර්ණමාලි කියන ගැහැනියත් මගේ පුංචි දුව ධනුජිත් එක්‌ක ජීවිතය විඳිනවා.

දිවයින පුවත්පත – ධම්මික හේවාවසම්

උපුටා ගැනීම citizen.lk

රටම ආපදාවෙන් විලාප දෙද්දී ‘රසිකාවියට කන බතුත් මතක් කළ ගායන ශිල්පියා’ දැන් හඬා වැටෙයි.

රූපවාහිනී වැඩසටහනකට රසිකාවියෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට එම වැඩසටහන මෙහෙයවූ ගායන ශිල්පියා වූ රහල් අල්විස් විසින් බැණ වැදීම සම්බන්ධයෙන් ඊයේ (27) අප කරුණු අනාවරණය කළා.
එමෙන්ම ඔහු පසුව සඳහන් කර තිබුණු ප්‍රකාශයෙන් දැක්වුණේ අපේම සහෘද ජනතාව වෙනුවෙන් වැඩ කරමින් සිටින වෙලාවක එවැනි ඇමතුමක් ලැබීම නිසා එලෙස තරහ ගිය බවයි.

එම ඇමතුමෙන් අසා ඇත්තේ රටේ මෙවැනි ව්‍යසනයක් පවතිද්දී එවැනි වැඩසටහන් පවත්වන්නේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් “ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා” කියමින් ඔහු ඇයට කෝපයෙන් මෙන් පිළිතුරු දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කරුණු කතාබහට ලක්වීමත් සමග රහල් අල්විස් ඒවා ඉවත් කරන මෙන් බැගෑපත් ස්වරූපයෙන් ඔවුන්ට පණිවිඩ යවන බවයි වාර්තා වන්නේ.

එම පණිවිඩ පහතින් දැක්වෙනවා.

උපුටා ගැනීම nethgossip.lk

සුදු ඇතිරිලි දමමින් ගණුදෙනු වලට එන ස්වාමීන් වහන්සේලාව පිළිගන්නා මාතර බැංකුව.

හැමෝටම ආදර්ශයක් දීපු මාතර පැත්තේ පෞද්ගලික බැංකුවක් ගැන මේ වන විට බුකියේ ගොඩක් අය කතාවෙනවා.

අදාළ බැංකුවේ ගණුදෙනුවකට ආපු කෙනෙක් තමයි මේ ගැන බුකියේ අයට කියලා තිබුණේ.

ගණුදෙනුවකට වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකට සුදු ඇතිරිල්ලක් දලා පිලිගත්ත හැටි ගැනයි ඒ කතාවෙන් කියලා තිබුණේ.

මූල්‍ය ආයතනයක් තුළ මෙවැනි දසුනක් දුටු පළමු අවස්ථාව මෙය කියලත් ඔහු කියලා තිබුණා.

ඒ විතරක් නෙමෙයි මේ ඡායාරූපයේ වැඩසිටින ස්වාමින් වහන්සේද ඔහුට කියලා තිබුණේ තමාගේ ජීවිතයේ ඕනෑ තරම් මූල්‍ය ආයතනයන වලට වැඩම කොට ඇති නමුත් එසේ වැඩම කළ විටකදී සුදු ඇතිරිල්ලක් දමා තමා හට ආසනයක් පිළිගැන් වූ ප්‍රථම මූල්‍ය ආයතනය මෙය බවයි.

මේ එම ෆේස්බුක් සටහනයි.

දිනය – 2017.05.25

මූල්‍ය ආයතනයක් තුළ මාගේ ජීවිතයේ මෙවනි දසුනක් දුටු පළමු අවස්ථාව මෙය විය.මා ඒ පිළිබඳව මෙම ඡායාරූපයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේගෙන් ද විමසූ විට උන්වහන්සේ ද කියා සිටියේ මාගේ ජීවිතයේ ඕනෑ තරම් මූල්‍ය ආයතනයනවලට වැඩම කරන්නට යෙදුණ ගණුදෙනුවකට වැඩම කළ විටකදී සුදු ඇතිරිල්ලක් දමා මා හට ආසනයක් පිළිගැන් වූ ප්‍රථම මූල්‍ය ආයතනය මෙය බවත්ය. අපි සියලු දෙනාම බෞද්ධයන් වශයෙන් මෙම විශිෂ්ට ක්‍රියාව අගය කරමු.

උපුටා ගැනීම nethgossip.lk