ජන්දයට අල්ලස් දෙන්න ගිය අසාද් සාලි අතටම මාට්ටු වෙයි.මෙන්න හසු වූ හැටි විඩියෝවකින් නරඹන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතා නීති විරෝධී ඡන්ද අල්ලසක් ලෙස ජනතාවට භාණ්ඩ බෙදාදීමෙී සිද්ධියක් ඊයේ (31) පිටකොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ පරණ යොන් වීදියේ වෙළඳ සැලක් තුළ මෙම භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කොට තිබෙනවා. සිද්ධිය සැලවූ වහාම වෙිල්ලවීදිය පොලිසියේ නිලධාරින් අදාල ස්ථානය වෙත පැමිණ තිබෙන අතර සිද්ධිය පිළිබඳව ඔවුන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න….

මැතිවරණ කටයුත්තක් සඳහා ගිය රෝසි සේනානායක මහත්මිය නොසිතු ලෙස හදිස්සියේ අනතුරකට ලක් වෙයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.
අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයා අතේ.පත්කිරීමේ ලිපියට අත්සන් තැබුවේ කවුද? සුනිල් හඳුනෙත්ති කට අරි.

මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම කර ඇත්තේ ජනාධිපතිවරයා බැවින් ඔහුට බැඳුම්කර වගකීමෙන් ගැලවෙන්නට කිසිදු ඉඩක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ති්‍ර සුනිල් හඳුනෙත්ති මහතා පක‍ෂ මූලස්ථානයේ පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මැතිවරණයක් අභිමුව ජනපි්‍රය නායකයෙක් වීම සඳහා මෛති්‍රපාල සිරිසේන මහතා බැඳුම්කර මගඩියේ වීරයා වෙන්නට විශාල වෙහෙසක් ගන්නා බවත්, එය අසාර්ථක මෙන්ම බොළඳ උත්සහයක් බවත් ප්‍රකාශ කළ හඳුනෙත්ති මහතා මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමේ ලිපියට අත්සන් තැබූ පුද්ගලයා වශයෙන් ජනාධිපතිවරයාට අදාළ වගකීමෙන් කිසිදු ආකාරයකින් හෝ මිදෙන්නට ඉඩක් නැති බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසම මගින් තමාගේ විනිවිද භාවය හෙළිකරන්නට ගන්නා උත්සහයේදි මෛති්‍රපාල සිරිසේන මහතා අමතක නොකළ යුතු යථාර්ථය නම් ඔහු රටේ විධායක ජනාධිපතිවරයා බවයි. ඒ වගකීමෙන් මිදී අන්‍යයන් පිට වැරදි පැටවීන නායකත්වයට නොසුදුසු ලක‍ෂණයක් බව පෙන්වා දෙන සුනිල් හඳුනෙත්ති මහතා, ජනතාව හට නඩු ඇසීම ජනතාවට බාර කරන්නට මෙන් මෛති්‍රපාල සිරිසේන මහතා උදේ පටන් රෑ වනතෙක් දුක්ගැනවිලි කියන්නට පටන් ගෙන ඇති බවත්, මෙයින් සිදුවන්නේ ජනතාව නීතිය අතට ගනිමින් රටේ පාලනය අඩාල කරවන ආකාරයේ විශාල අරගල වලට යොමුවීම බවත් පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ නායකයා තමන්ගේ කශේරුකාව කෙලින් තබා වැඩකිරීම සියල්ලටම පෙර ඉගෙනගත යුතු බවයි.

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු නොවන්නේ ඇයි.මෙන්න බොහෝ දෙනා පවසන්නේ මෙන්න මේ හේතුව නිසා.

බලවත් නගර පාලනය කරන බලවත්තු

ප්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඩ් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප්‍රවණතාවයකි. නව ප්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි. බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි.
පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි. 2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැඛෙන බවද කිව යුතුයි.

රෝමය පාලනය කරන, වර්ජිනියා රගී, දූෂණ විරෝධී සටනකට නායකත්වය දෙයි. ඇගේ සටන දූෂණයට එරෙහි සටනකි. අනාගත පරම්පරාව, නිදහස් සාමකාමී රෝම පුරවරයක පුරවැසියන් බවට පත් කිරීම ඇගේ අභිප්‍රායයි.

නගරාධිපතිනියන් අතර සිටින වඩාත්ම රැඩිකල් නගරාධිපතිනිය, ස්පාඤඤයේ බාර්සිලෝනාව පාලනය කරන ඒඩා කොලව් ය. ඇගේ සටන බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ දුප්පත් ජනතාවට, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම ස`දහා යොමු වී තිබේ. නගරාධිපති සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒඩා කොලව්, ඇගේ ජයග්‍රහණය බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා ය.

මේ සියලූ නගරාධිපතිනියන්, පිරිමින් හා සමානව සහ අනාගත පරම්පරාව කෙරෙහි වූ ඊටත් වඩා වැඩි ආදරයකින් යුතුව තමන්ගේ නගර පාලනය කරයි¦ අනාගත සැලසුම් සදයි. සටන් කරයි. පෙබරවාරි 10 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් රෝසී සේනානායක මැතිණිය කොළඹ පුරපති අසුනට තේරී පත් වුවහොත්, කොළඹ පළමු පුරපතිනිය ලෙස ඈ ඉතිහාස ගත වනු ඇති. ලෝකයේ අනෙකුත් පුරපතිනියන් සම`ග එක පෙළට සිට ගැනීමට හැකි, බුද්ධිමත් සහ දේශපාලන සවිඤාණිකත්වයකින් යුතු පුරපතිනියක් තෝරා පත් කර ගත්තා යැයි, කොළඹ පුරවැසියන්ට සතුටු විය හැකි ය. ස්වාධීන විචාරකයන්ගේ අදහස නම්, කොළඹ පුරපති සටනින් රෝසී සේනානායක නිසැක ලෙසම ජය ගන්නා බවයි. ඇගේ ජයග්‍රහණය අලූත් බලගතු කොළඹක ආරම්භය වනු ඇති.
රෝසී, කොළඹ පළමු වැනි නගරාධිපතිනියයි.
ලංකාවේම දෙවැනි නගරාධිපතිනියයි.

පෙබරවාරි 10 මැතිවරණයෙන් පසුව, රෝසී සේනානායක නිසැක ලෙස ම කොළඹ පුරපති අසුනේ අසුන් ගනු ඇති. ඒ ගැන කිසිදු සැකයක් කිසිවෙකුට නැත. පොහොට්ටුවෙන් සහ බුලත් කොළයෙන් කොළඹ ට ඉල්ලන අපේක්ෂකයන් අතරේ, කොළඹ පුරපති අසුනේ අසුන් ගැනීමට රෝසී තරම් සුදුසු කිසිවෙකු නැත. මේ හේතුව නිසාම නිතරගයෙන් රෝසී ජයගනු ඇති. නිසැක ජයග්‍රහණයෙන් පසුව, කොළඹ පළමු පුරපතිනිය බවට පත් වීමේ වාසනාව හිමි වූවත්, රෝසී ලංකාවේ පළමු පුරපතිනිය නොවේ. රෝසිට පෙර, මහනගරයක් පාලනය කළ පුරපතිනියක් අපට සිටියි. ඒ යාපනය මහ නගර සභාව පාලනය කළ සරෝජනී යෝගේස්වරන් මැතිණියයි. 1997 වසරේ පැවති මැතිවරණයෙන්, යාපනයේ නගරාධිපතිනිය ලෙස සරෝජනී යෝගේස්වරන් තේරී පත් වූ වා ය. ඈ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජන කළ අපේක්ෂිකාවයි. නමුත් වැඩිකල් පුරපති අසුනේ වාඩි වී සිටීමට ඇයට නොහැකි විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඈ මරා දැමුවා ය.

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු
නොවන්නේ ඇයි…?

 

ලංකාවේ අපට අග නගර දෙකක් තිබේ. එකක් කොළඹ යි. අනෙක, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යි. ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ —පරිපාලන˜ අගනුවර යි. ˜කොළඹ˜ වාණිජ අගනගරයයි. ඉදිරි දශකය අපේ රට, සංවර්ධන ඉලක්ක හඹායන දශයකය වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයි. ඒ ගමනේ දී කොඹට˜ සුවිශේෂ කාර්ය භාරයක් පැවරී තිබේ.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සිවු කොණ ව්‍යාප්ත වුවත්, දේශපාලනයට සහ ආර්ථීකයට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා අපි ගොඩ නගන්නේ කොළඹ සිට යි. එමෙන්ම ජාත්‍යන්තරය අපේ රට ගැන චිත්‍රයක් ඇද ගන්නේ, —කොළඹ පරිපාලනයට˜ සාපේක්ෂවයි. ඒ නිසාම, රට නියෝජනය කරමින්, කොළඹ මුල්පුටුව දැරිය යුත්තේ, විදග්ධ, බුද්ධිමත් සහ තීක්ෂණ නායකයෙකි. රෝසී තරම් තීක්ෂණ, රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී ඈ තරම් පරිණතභාවයක් දක්වා ඇති වෙනත් අපේක්ෂකයෙකු වෙනත් කිසිදු පක්ෂයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වී නැත. විශේෂයෙන්ම අගමැති විසින් සැලසුම් කර තිඛෙන, ඉදිරි සංවර්ධන ඉලක්ක ගැන පුලූල් අවබෝධයක් ඇයට තිබේ. කොළඹ පුරපති අසුනේ රෝසී වාඩි වී ම ඒ ඉලක්ක වෙත රට රැගෙන යන ගමනේ දී, අගමැති රනිල් වික්‍රමසිංහට ලැඛෙන අමතර වාසියක් ද වනු ඇති.

කොළඹ පුරපති අසුන ස`දහා රෝසිම මිසක් – සුදුසු වෙනත් අයෙකු නැතැයි, බොහෝ දෙනා පවසන්නේ මේ හේතුව නිසා ය.

හැමෝගෙම කොළඹට
අපේ රෝසි.

කොළඹ˜ අපි හැමෝගේ ම නගරයයි. කොළඹ˜, අපි හැමෝගෙම නගරය යැයි කියන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන ආදී සියලූ ජනකොටස් කොළඹ ජීවත් වන බැවිනි. සංඛ්‍යා ලේඛනවලට අනුව, කොළඹ ජනගහනයෙන් 41.6% ක් සිංහලයන් ය. 28.9% ක් ලංකා දෙමළ වන අතර, 23.8% ක්, මුස්ලිම් වරුය. මීට අමරතව, —ඉන්දියානු දෙමළ˜, මැලේ˜, සහ බර්ගර්˜ යන ජන කොටස් ද සුලූ ප්‍රතිශතයන්ගෙන් වුවත්, කොළඹ ජීවත් වෙයි. කොළඹ මුල් පුටුවට තේරී පත් විය යුත්තේ, මේ සියලූ ජනකොටස් නියෝජනය කළ හැකි චරිතයකි.

බහුවාර්ගික, බහු ආගමික, කොළඹට රෝසී තරම් සුදුසු වෙනත් අයෙකු මේ මැතිවරණයේ දී ඉදිරිපත් වී නැත. පොහොට්ටුවෙන් සහ අත ලකුණෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනා ම, යම් කිසි තරමකට ජාතිවාදය කේවල් කරන දේශපාලන චරිත බව නො රහසකි. රෝසී, ඇගේ දේශපාලන ජීවිතයේ දී කිසි දිනෙක, අදහස්වලින් හෝ හැසිරීමෙන්, ජාතිවාදී වී නැත. ඈ, සියලූ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුනින් පිළිගන්නා කාන්තාවකි. රෝසී, ප්‍රසිද්ධ වේදිකාවේ දී හෝ දේශපාලන සංවාදවල දී, ජාතිවාදී අදහස් ප්‍රකාශ කළා යයි කියා කිසිම තැනක වාර්තා නොවේ.

කොළඹ යනු බහු ආගමික සහ බහුවාර්ගික නගරයකි. එමෙන්ම කොළඹ,ඉහළ සහ පහළ මධ්‍යම පන්තියට අයත් ජනප්‍රජාවන්ගෙන් ද යුත් නගරයකි. රෝසී, ඒ දෙපිරිසේම හද ගැස්ම හදුනා ගන්නට සමත්ව සිටියි. ඉහළ පන්තියේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් රැක දිය යුතුවනවා මෙන්ම පහළ මධ්‍යම පන්තියට අයත් බහුතරයේ, මුලික අවශ්‍යතා ඉටු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ වගකීම ද කොළඹ මුල් පුටුව භාර ගන්නා කාට වුවත් පැවරෙයි. එවැනි වගකීමක් ඉටු කළ හැකි එකම අපේක්ෂිකාව රෝසී බවට කිසිදු විවාදයක් නැත. හැමෝගෙම කොළඹට, රෝසී තරම් ගැලපෙන – වෙනත් අයෙක් නැත.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා දෙවැනි ඔපරේෂන් එක අරඹයි.මඩ මෙහෙයුමකට ශ්‍රී.ල.නි.ප සියල්ල ලෑස්තියි.

පසුගිය දා ජනපති නිල නිවසට රැස් වූ ශී්‍ර ලංකා නිදහස් පක‍ෂයේ ඉහළ පෙළේ පිරිස තම මැතිවරණ ව්‍යාපාරයේ අලූත්ම තත්ත්වය පිලිබඳ ජනාධිපතිතුමා දැනුවත් කර ඇතැයි රහසිගත ආරංචි මාර්ග වලින් වාර්තා වේ. දැනට පවතින සමීක‍ෂණ වාර්තා අනුව එක්සත් ජාතික පක‍ෂයට අති විශාල ජයග්‍රහණයක් ලැඛෙන බවත්, දෙවැනි ස්ථානය මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව ලබාගන්නා බවත්, තමන්ට හිමිව ඇත්තේ තෙවන ස්ථානය බවත්, එම ස්ථානයටද ජනතා විමුක්ති පෙරමුණ සමග කරටකර සටනක් ඇති බවත් මෙහිදි ප්‍රකාශ වීමත් සමප පිරිස කඩිගුලක් සේ ඇවිස්සී තිබේ.
බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ විජිතමුණි සොයිසා අමාත්‍යවරයා මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම ශී්‍ර ලංකා පක‍ෂයට පරාජය පුරුදු බව ප්‍රකාශකිරීම මගින් විශාල අගතියක් සිදු වූ බවයි. එසේම අමාත්‍යවරුන් පරස්පර විරෝධි කතා ප්‍රකාශ කිරීම, එකිනෙකාට එරෙහිව ප්‍රකාශ නිකුත්කර ගැනීම ආදිය නිසා ශී්‍ර ලංකා නිදහන් පක‍ෂයේ පදනම විශාල වශයෙන් නායගොස් ඇති බව මෙහිදි ප්‍රකාශ විය. පක‍ෂයේ උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රකාශයන්ද එයට හේතු වූ බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති අතර, තමන් විසින් වහාම පවතින තත්ත්වය වෙනස් කිරීමට උපක්‍රමයක් දියත් නොකළහොත් ශී්‍ර ලංකා නිදහප් පක‍ෂය පරාජය පත්වීම නොවැළැක්විය හැකියැයි ප්‍රකාශ කර තිබුනේ චන්දිම බණ්ඩාර අමාත්‍යවරයාය.
මෛති්‍රපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන පැවැත්ම තීරණය කරන්නේ මෙම මැතිවරණයේ ප්‍රතිඵලය බැව් එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමගම බොහෝ දෙනෙක් කලබල වී තිබේ. තමන් මුල පටන්ම මෛති්‍රපාල සිරිසේන මහතාට අවවාද අනුසාසනා කළද ඔහු ඒවා ගණන් නොගෙන කි්‍රයාකළ බවත්, ඔහු සිතන්නේ තාමත් තමා ග්‍රාම නිලධාරියෙක් වන බවත් කියමින් මෙහිදි චෝදනා එල්ල කළ චන්දි්‍රිකා මැතිණිය පැවසුවේ ඉක්මනින්ම මහින්ද රාජපක‍ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු පක‍ෂයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එහිදි මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ පොහොට්ටුවට පමණක් නොව, එක්සත් ජාතික පක‍ෂයටත් එලෙසම ප්‍රහාර එල්ල කළ යුතු බවත්, සතුරන් දෙදෙනෙකුට එක්වර පහරදීමට ඇති අසීරුතාව ජයගන්නට කළ යුත්තේ මේ දෙකොට්ඨාසයටම හොරු යන ලේබලය අලවා හොරුන්ට පහරදීමේ පිලිවෙතක් දියත් කළ යුතු බවත්ය. එහිදි චන්ද්‍රිකා මැතිණිහ උපහාසයෙන් ප්‍රකාශ කර ඇත්තේ මහින්දගේ කාලේ හොඳට හොරකම් කළ හොඳම හොරු ටික සිටින්නේ තම පක‍ෂයේ බවයි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක‍ෂයේ තරුණ නැවුම් දේශපාලඥයන් වන හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා වැනි පුද්ගලයන්ට චරිත ඝාතනය වන ආකාරයේ ප්‍රහාරාත්මක සටනක් දියත් කළ යුතු බවට මෙහිදී විජිතමුණි සොයිසා මහතා කළ යෝජනායට සියලූ දෙනාගේ එකඟතාවය හිමි විය.
කෙසේ වුවද උනුයි මුනුුයි දෙගොල්ලොම හොරු යන ශිර්ෂය යටතේ මෛති්‍රපාල සිරිසේන මහතා ඔපරේෂන් 2 ආරම්භ කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

මුළු කොළඹම එකතු කරගන්න ප්‍රථම පුරපතිනිය රෝසි සේනානායක විජයග්‍රාහී සටන දියත් කරයි.

ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථීකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.

නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක‍ෂිත වටපිටාවක්, සුරක‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි. මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක‍ෂා කරයි.

එක නිලදාරියෙක් කරපු වරදකට ඔක්කොම අල්ලන්න එපා.හරින ප්‍රනාන්දු වේදිකාවකදී ප්‍රසිද්දියේ සියල්ල කියයි.

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදිය.

එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී තිබේ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11කි.එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහඬව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථීකය මුළුමනින්ම ඇද වැටීම පමණකි.=හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද් භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි.

කරපු හොර වැඩ අහුවේවි කියලා බයෙන් පොහොට්ටුව පාර්ලිමේන්තුවේ යකා නැටුව හැටි.

10 වැනිදා බැඳුම්කර සිද්ධිය පිලිබඳ හදිසි විවාදයකට එක් වූ පාර්ලිමේන්තු රැස්වීමේදී පොහොට්ටු පිල එක්වරම කලබල වෙමින් විශාල කලබැගෑනියක් ඇති කරමින් සභාවේ කටයුතු මුළුමනින්ම අවුල් කරන ලදී. පොහොට්ටු පිල බලාපොරොත්තු වූ අයුරින් පසුගිය තෙවසර තුල පමණක් බැඳුම්කර සිදුවීම් පිලිබඳව සාකච්ඡුාවට නොගෙන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ 2008 සිට 2014 දක්වා බැඳුම්කර මගඩි මගින් රටට අහිමි වී ඇති මුදල බිලියන 4702ක් බවය.

පසුගිය තෙවසර තුල සිදු වූ බිලියන 11ක මගඩිය සේම රාජපක්‍ෂ සමය තුල සිදු වූ ගනුදෙනුව පිලිබඳවත් විවාදයට බඳුන් කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේය.

බැඳුම්කර කොමිසන් වාර්තාව ඉතා පැහැදිලිව 2008-2014 වකවානුව පිලිබඳව සිය වාර්තාවේ සඳහන් කර තිබියදී, එවකට රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතා මේ පිලිබඳව කරුණු දැක්වීමක් කළ යුතුව තිබුනද පොහොට්ටු පිල ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදුන්නේය. තමන් එල්ල කළ චෝදනා පාරා වළල්ලක් සේ නැවත පැමිණෙන බව දැනගත් ඔවුහු කළේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට නොගැලපෙන අයුරින් මරියාකඬේ රංගනයක් ඉදිරිපත් කිරීමයි.
මේ පිලිබඳව විචක්‍ෂණශීලී මනසකින්, විවෘත බුද්ධියකින් දකින්නට බලා සිටි බුද්ධිමත් ජනතාවගේ අපේක්‍ෂාව මේ නිසා බිඳවැටුන අතර, පොහොට්ටු පිලේ ගැටුම්කාරි මානසිකත්වය දෙස ඔවුන් බලා සිටියේ පිළිකුල්සහගත බවකිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වංචා අයකරගන්න යයි.මෙන්න විස්තරය දැනගන්න.

2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය’

මෙම ප‍්‍රකාශයත් සමග රාජපක්‍ෂ රෙජීමය නියෝජනය කරමින් බැඳුම්කරය පිලිබඳ හක්‍ෂ තලමින් හුන් පිරිසට නිහක්‍ෂ වන ලෙස රාජපක්‍ෂ රෙජීමයෙන් බලපෑම් එල්ල වී ඇත’ වඩාත් විනිවිද භාවයෙන් හා සුපරික්‍ෂාකාරිත්වයෙන් කටයුතු කෙරුන බැඳුම්කර කොමිසම රටේ බුද්ධිමතුන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබේ’ එවන් තත්ත්වයක් මත තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් මගහැර පළායාමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව රාජපක්‍ෂ ජෙරීමය මේ වනවිට මැනවින් අවබෝධ කරගෙන සිටියි’

මෙම බැඳුම්කර මගඩිය නිසා යහපාලන ආණ්ඩු සමයේ රටට අහිමි වූ මුදල බිලියන 11 ක් වන බැව් පසුගිය වකවානුව පුරාම විරුද්ධ පක්‍ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී’ එම චෝදනා වලට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත්” එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බැව් බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත්ය’

ලංකාවේ ඉතිහාසගතවන දැවැන්ත සටනක් අද නැවතත් හරීන් සමග වෙල්ලස්සෙන් ඇරඹේ..

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක‍ෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. මීට පෙර රාජපක‍ෂ රෙජීමය පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි. එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක‍ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුර්දාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.

පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ.

ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පක‍ෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි. මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පක‍ෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේක‍ෂකයන් 3 එක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂකයෙක් එක්සත් ජාතික පක‍ෂයට එක් විය. ඌව වෙල්ලස්ස පමණක් නොව, ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේක‍ෂකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේක්ෂා කරයි.

මෙය එක්සත් ජාතික පක‍ෂයට ඉතාම වැදගත් අවස්ථාවකි. වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආකර්ෂණීය බවකින් චන්ද දායකයෝ එක්සත් ජාතික පක‍ෂය වටා එක්රොක් වෙමින් සිටිති.