ලිඳ පිරිසිදු කරන්න ලිඳට බැස්ස කිලිනොච්චිය ගමේ අය එකවරම ලිඳෙන් මතුවූ දේ දැකපු ඔවුන් සිහසුන් නැතිවුණා.

කිලිනොච්චිය පරවිපාන්චන් ප්‍රදේශයේ ගමේ කිසිම කෙනෙකු නොසිතු දෙයක් අස්කරන්න සුදානම් වූ ළිඳකින් සොයාගෙන තිබුනා.මේ සොයාගත් දේ දැකපු හැම කෙනෙක්ම භීතියට පත්වුනා.තමන්ගේ ජිවිත පවා විනාශ වන්නට ඉඩ තිබු මේ දේ ඔවුන්ගේ වාසනාවට ඔවුන්ටම හමුව තිබෙනවා.මේ ලිඳේ තිබිල මොනවා හමුවෙන්නට ඇත්ද.මෙන්න හමුවූ දේ දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩිතැබූ සැකකරුවන් හමුවෙයි.ඔවුන් කතා කලා කියන හඬ පටයක්ද එලියට.

පසුගිය දිනවල රටේ කතාවූ ප්‍රධානම මාතෘකාවක් තමයි කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩිතැබූ සිදුවීම පිළිබඳව.මේවන විට මේ පිළිබඳව නොයෙක් නොයෙක් තොරතුරු ආරංචි වෙනවා.සැකකරුවන් පිළිබඳව සහ..ඔවුන් යම් පුද්ගලයෙක් සමග කතා කල හඬ පටයක්ද නිකුත්ව තිබෙනවා.මෙන්න එම සියල්ල පිළිබඳවම දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න.

මාර්ග සංඥ අන නොතකමින් පිස්සෙක් වගේ පාරේ ගිය රියදුරෙක් හරි විදිහට පාරේ ගිය ත්‍රිරෝද රථයක් කුඩුකරගෙන ගිය හැටි.

කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම අසල සිදුවන මෙම රිය අනතුරෙන් මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.මාර්ග සංඥා නොතකා අධික වේගයෙන් පැමිණෙන කාර් රථය ත්‍රී රෝද රථයේ ගැටෙන අතර ඉන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදු වෙනවා. වාර්තා වන අන්දමට අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරට දැඩි අනතුරු සිදුව තිබෙන අතර ඔහුගේ පාදයන්ට බරපතල ලෙස හානි සිදුව තිබේ.දැක්කම ඇඟ හිරිවැටිලා යන ඒ අනතුරේ දර්ශන මෙන්න පහත තිබෙන වීඩියෝව තුලින් නරඹන්න.

රැකියාවට ජපානයට යන්න ඉන්න අයට මෙන්න සුභ ආරංචියක්.ඔයාටත් පුළුවන් යන්න මෙන්න මේ දේවල් සම්පුර්ණ නම්.

බොහෝ දෙනෙක් දැන් විදෙස් රැකියා සඳහා යන්න ආසාවෙන් සිටිනවා.ඒ එහිදී ලොකු පඩියක් ගැනීමට හැකියාව පවතින නිසා..මෙන්න ජපානයේ විදෙස් රැකියාවකට යන්න ඉන්නවා නම් මෙන්න එයාලට සුභ ආරංචියක්.ඇත්තටම මොකක්ද ඒ ආරංචිය මෙන්න ඒ සියල්ලම පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

මව සහ දියණියගේ ජීවිතය මහමගදීම අවසන් වූ මුළු මහනුවරම කම්පාවූ අනතුර දුරකතනයක කැමරාවේ සටහන් වෙයි.

මහනුවර – නුගවෙලදී මවකට සහ කුඩා දියණියකට මරු කැදවමින් රිය අනතුරක් සිදුකළ පෞද්ගලික බස් රථ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.කුරුණෑගල සිට කටුගස්තොට දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව, පියා සහ කුඩා දියණිය රැගත් යතුරුපැදිය නුගවෙල ඩිපෝව අසලදී එම දිසාවටම ඉදිරියෙන් ගමන් කරමින් තිබූ තවත් යතුරුපැදියක පසුපස ගැටී අනතුරට ලක්වුණා. එහිදී කටුගස්තොට සිට කුරුණෑගල දෙසට ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක යටවීමෙනුයි මව සහ දියණිය ජීවිතක්ෂයට පත්වුණේ.පහතින් නරඹන්න එම වීඩියෝ දර්ශන.

ජන්දයට අල්ලස් දෙන්න ගිය අසාද් සාලි අතටම මාට්ටු වෙයි.මෙන්න හසු වූ හැටි විඩියෝවකින් නරඹන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතා නීති විරෝධී ඡන්ද අල්ලසක් ලෙස ජනතාවට භාණ්ඩ බෙදාදීමෙී සිද්ධියක් ඊයේ (31) පිටකොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ පරණ යොන් වීදියේ වෙළඳ සැලක් තුළ මෙම භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කොට තිබෙනවා. සිද්ධිය සැලවූ වහාම වෙිල්ලවීදිය පොලිසියේ නිලධාරින් අදාල ස්ථානය වෙත පැමිණ තිබෙන අතර සිද්ධිය පිළිබඳව ඔවුන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න….

මැතිවරණ කටයුත්තක් සඳහා ගිය රෝසි සේනානායක මහත්මිය නොසිතු ලෙස හදිස්සියේ අනතුරකට ලක් වෙයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.
අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයා අතේ.පත්කිරීමේ ලිපියට අත්සන් තැබුවේ කවුද? සුනිල් හඳුනෙත්ති කට අරි.

මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම කර ඇත්තේ ජනාධිපතිවරයා බැවින් ඔහුට බැඳුම්කර වගකීමෙන් ගැලවෙන්නට කිසිදු ඉඩක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ති්‍ර සුනිල් හඳුනෙත්ති මහතා පක‍ෂ මූලස්ථානයේ පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මැතිවරණයක් අභිමුව ජනපි්‍රය නායකයෙක් වීම සඳහා මෛති්‍රපාල සිරිසේන මහතා බැඳුම්කර මගඩියේ වීරයා වෙන්නට විශාල වෙහෙසක් ගන්නා බවත්, එය අසාර්ථක මෙන්ම බොළඳ උත්සහයක් බවත් ප්‍රකාශ කළ හඳුනෙත්ති මහතා මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමේ ලිපියට අත්සන් තැබූ පුද්ගලයා වශයෙන් ජනාධිපතිවරයාට අදාළ වගකීමෙන් කිසිදු ආකාරයකින් හෝ මිදෙන්නට ඉඩක් නැති බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසම මගින් තමාගේ විනිවිද භාවය හෙළිකරන්නට ගන්නා උත්සහයේදි මෛති්‍රපාල සිරිසේන මහතා අමතක නොකළ යුතු යථාර්ථය නම් ඔහු රටේ විධායක ජනාධිපතිවරයා බවයි. ඒ වගකීමෙන් මිදී අන්‍යයන් පිට වැරදි පැටවීන නායකත්වයට නොසුදුසු ලක‍ෂණයක් බව පෙන්වා දෙන සුනිල් හඳුනෙත්ති මහතා, ජනතාව හට නඩු ඇසීම ජනතාවට බාර කරන්නට මෙන් මෛති්‍රපාල සිරිසේන මහතා උදේ පටන් රෑ වනතෙක් දුක්ගැනවිලි කියන්නට පටන් ගෙන ඇති බවත්, මෙයින් සිදුවන්නේ ජනතාව නීතිය අතට ගනිමින් රටේ පාලනය අඩාල කරවන ආකාරයේ විශාල අරගල වලට යොමුවීම බවත් පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ නායකයා තමන්ගේ කශේරුකාව කෙලින් තබා වැඩකිරීම සියල්ලටම පෙර ඉගෙනගත යුතු බවයි.

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු නොවන්නේ ඇයි.මෙන්න බොහෝ දෙනා පවසන්නේ මෙන්න මේ හේතුව නිසා.

බලවත් නගර පාලනය කරන බලවත්තු

ප්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඩ් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප්‍රවණතාවයකි. නව ප්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි. බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි.
පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි. 2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැඛෙන බවද කිව යුතුයි.

රෝමය පාලනය කරන, වර්ජිනියා රගී, දූෂණ විරෝධී සටනකට නායකත්වය දෙයි. ඇගේ සටන දූෂණයට එරෙහි සටනකි. අනාගත පරම්පරාව, නිදහස් සාමකාමී රෝම පුරවරයක පුරවැසියන් බවට පත් කිරීම ඇගේ අභිප්‍රායයි.

නගරාධිපතිනියන් අතර සිටින වඩාත්ම රැඩිකල් නගරාධිපතිනිය, ස්පාඤඤයේ බාර්සිලෝනාව පාලනය කරන ඒඩා කොලව් ය. ඇගේ සටන බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ දුප්පත් ජනතාවට, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම ස`දහා යොමු වී තිබේ. නගරාධිපති සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒඩා කොලව්, ඇගේ ජයග්‍රහණය බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා ය.

මේ සියලූ නගරාධිපතිනියන්, පිරිමින් හා සමානව සහ අනාගත පරම්පරාව කෙරෙහි වූ ඊටත් වඩා වැඩි ආදරයකින් යුතුව තමන්ගේ නගර පාලනය කරයි¦ අනාගත සැලසුම් සදයි. සටන් කරයි. පෙබරවාරි 10 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් රෝසී සේනානායක මැතිණිය කොළඹ පුරපති අසුනට තේරී පත් වුවහොත්, කොළඹ පළමු පුරපතිනිය ලෙස ඈ ඉතිහාස ගත වනු ඇති. ලෝකයේ අනෙකුත් පුරපතිනියන් සම`ග එක පෙළට සිට ගැනීමට හැකි, බුද්ධිමත් සහ දේශපාලන සවිඤාණිකත්වයකින් යුතු පුරපතිනියක් තෝරා පත් කර ගත්තා යැයි, කොළඹ පුරවැසියන්ට සතුටු විය හැකි ය. ස්වාධීන විචාරකයන්ගේ අදහස නම්, කොළඹ පුරපති සටනින් රෝසී සේනානායක නිසැක ලෙසම ජය ගන්නා බවයි. ඇගේ ජයග්‍රහණය අලූත් බලගතු කොළඹක ආරම්භය වනු ඇති.
රෝසී, කොළඹ පළමු වැනි නගරාධිපතිනියයි.
ලංකාවේම දෙවැනි නගරාධිපතිනියයි.

පෙබරවාරි 10 මැතිවරණයෙන් පසුව, රෝසී සේනානායක නිසැක ලෙස ම කොළඹ පුරපති අසුනේ අසුන් ගනු ඇති. ඒ ගැන කිසිදු සැකයක් කිසිවෙකුට නැත. පොහොට්ටුවෙන් සහ බුලත් කොළයෙන් කොළඹ ට ඉල්ලන අපේක්ෂකයන් අතරේ, කොළඹ පුරපති අසුනේ අසුන් ගැනීමට රෝසී තරම් සුදුසු කිසිවෙකු නැත. මේ හේතුව නිසාම නිතරගයෙන් රෝසී ජයගනු ඇති. නිසැක ජයග්‍රහණයෙන් පසුව, කොළඹ පළමු පුරපතිනිය බවට පත් වීමේ වාසනාව හිමි වූවත්, රෝසී ලංකාවේ පළමු පුරපතිනිය නොවේ. රෝසිට පෙර, මහනගරයක් පාලනය කළ පුරපතිනියක් අපට සිටියි. ඒ යාපනය මහ නගර සභාව පාලනය කළ සරෝජනී යෝගේස්වරන් මැතිණියයි. 1997 වසරේ පැවති මැතිවරණයෙන්, යාපනයේ නගරාධිපතිනිය ලෙස සරෝජනී යෝගේස්වරන් තේරී පත් වූ වා ය. ඈ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජන කළ අපේක්ෂිකාවයි. නමුත් වැඩිකල් පුරපති අසුනේ වාඩි වී සිටීමට ඇයට නොහැකි විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඈ මරා දැමුවා ය.

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු
නොවන්නේ ඇයි…?

 

ලංකාවේ අපට අග නගර දෙකක් තිබේ. එකක් කොළඹ යි. අනෙක, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යි. ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ —පරිපාලන˜ අගනුවර යි. ˜කොළඹ˜ වාණිජ අගනගරයයි. ඉදිරි දශකය අපේ රට, සංවර්ධන ඉලක්ක හඹායන දශයකය වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයි. ඒ ගමනේ දී කොඹට˜ සුවිශේෂ කාර්ය භාරයක් පැවරී තිබේ.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සිවු කොණ ව්‍යාප්ත වුවත්, දේශපාලනයට සහ ආර්ථීකයට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා අපි ගොඩ නගන්නේ කොළඹ සිට යි. එමෙන්ම ජාත්‍යන්තරය අපේ රට ගැන චිත්‍රයක් ඇද ගන්නේ, —කොළඹ පරිපාලනයට˜ සාපේක්ෂවයි. ඒ නිසාම, රට නියෝජනය කරමින්, කොළඹ මුල්පුටුව දැරිය යුත්තේ, විදග්ධ, බුද්ධිමත් සහ තීක්ෂණ නායකයෙකි. රෝසී තරම් තීක්ෂණ, රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී ඈ තරම් පරිණතභාවයක් දක්වා ඇති වෙනත් අපේක්ෂකයෙකු වෙනත් කිසිදු පක්ෂයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වී නැත. විශේෂයෙන්ම අගමැති විසින් සැලසුම් කර තිඛෙන, ඉදිරි සංවර්ධන ඉලක්ක ගැන පුලූල් අවබෝධයක් ඇයට තිබේ. කොළඹ පුරපති අසුනේ රෝසී වාඩි වී ම ඒ ඉලක්ක වෙත රට රැගෙන යන ගමනේ දී, අගමැති රනිල් වික්‍රමසිංහට ලැඛෙන අමතර වාසියක් ද වනු ඇති.

කොළඹ පුරපති අසුන ස`දහා රෝසිම මිසක් – සුදුසු වෙනත් අයෙකු නැතැයි, බොහෝ දෙනා පවසන්නේ මේ හේතුව නිසා ය.

හැමෝගෙම කොළඹට
අපේ රෝසි.

කොළඹ˜ අපි හැමෝගේ ම නගරයයි. කොළඹ˜, අපි හැමෝගෙම නගරය යැයි කියන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන ආදී සියලූ ජනකොටස් කොළඹ ජීවත් වන බැවිනි. සංඛ්‍යා ලේඛනවලට අනුව, කොළඹ ජනගහනයෙන් 41.6% ක් සිංහලයන් ය. 28.9% ක් ලංකා දෙමළ වන අතර, 23.8% ක්, මුස්ලිම් වරුය. මීට අමරතව, —ඉන්දියානු දෙමළ˜, මැලේ˜, සහ බර්ගර්˜ යන ජන කොටස් ද සුලූ ප්‍රතිශතයන්ගෙන් වුවත්, කොළඹ ජීවත් වෙයි. කොළඹ මුල් පුටුවට තේරී පත් විය යුත්තේ, මේ සියලූ ජනකොටස් නියෝජනය කළ හැකි චරිතයකි.

බහුවාර්ගික, බහු ආගමික, කොළඹට රෝසී තරම් සුදුසු වෙනත් අයෙකු මේ මැතිවරණයේ දී ඉදිරිපත් වී නැත. පොහොට්ටුවෙන් සහ අත ලකුණෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනා ම, යම් කිසි තරමකට ජාතිවාදය කේවල් කරන දේශපාලන චරිත බව නො රහසකි. රෝසී, ඇගේ දේශපාලන ජීවිතයේ දී කිසි දිනෙක, අදහස්වලින් හෝ හැසිරීමෙන්, ජාතිවාදී වී නැත. ඈ, සියලූ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුනින් පිළිගන්නා කාන්තාවකි. රෝසී, ප්‍රසිද්ධ වේදිකාවේ දී හෝ දේශපාලන සංවාදවල දී, ජාතිවාදී අදහස් ප්‍රකාශ කළා යයි කියා කිසිම තැනක වාර්තා නොවේ.

කොළඹ යනු බහු ආගමික සහ බහුවාර්ගික නගරයකි. එමෙන්ම කොළඹ,ඉහළ සහ පහළ මධ්‍යම පන්තියට අයත් ජනප්‍රජාවන්ගෙන් ද යුත් නගරයකි. රෝසී, ඒ දෙපිරිසේම හද ගැස්ම හදුනා ගන්නට සමත්ව සිටියි. ඉහළ පන්තියේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් රැක දිය යුතුවනවා මෙන්ම පහළ මධ්‍යම පන්තියට අයත් බහුතරයේ, මුලික අවශ්‍යතා ඉටු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ වගකීම ද කොළඹ මුල් පුටුව භාර ගන්නා කාට වුවත් පැවරෙයි. එවැනි වගකීමක් ඉටු කළ හැකි එකම අපේක්ෂිකාව රෝසී බවට කිසිදු විවාදයක් නැත. හැමෝගෙම කොළඹට, රෝසී තරම් ගැලපෙන – වෙනත් අයෙක් නැත.

ශ්‍රී ලංකාවේ තාක‍ෂණයට විශාල ශක්තියක් ඉන්දියාවෙන් එක්වෙයි.ඉන්දියාව සමග අත්සන් කරන්න යන වැදගත් ගිවිසුම මෙන්න.

ශ්‍රී ලංකාවේ තාක‍ෂණයට විශාල ශක්තියක් ඉන්දියාවෙන් එක්වෙයි.
පසුගිය දා විදුලි හා සන්දේශ ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාත්, ඉන්දියානු රජයේ නීතිය හා සාමය, අදිකරණ හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක‍ෂණ පිලිබඳ අමාත්‍ය රවී ශංක ප්‍රසාද් අතර අවබෝධතා ගිම́සුමක් අත්සන් කෙරිනි.
සෙ̈වා අතර, තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට අයත් අවබෝධතා ගිම́සුමක්, ආදර්ශ ඉ- කාර්යාල ක්‍රමයක් හා දෙරටේ අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගිතාව පිලිබඳ පුළුල් කතිකාවතක් ඇරඹීමට දෙරටේ අමාත්‍යවරුන් එකඟ වූහ. එහිදී අමාත්‍යවරුන් විදින් ඉතාම වැදගත් අදහස් ප්‍රකාශ කළ අතර, දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක‍ෂණය යොදා ගැනීම වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.