සමාජ මාද්‍යවල කතාවූ නදිමාල්ගේ සහ නිරුපිකාවක අතර තිබුනා කියන සම්බන්දය ගැන ඇත්ත ඔහු හෙළිකරයි.

නදීමාල් පෙරේරා කියන්නේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්. නමුත් ඔහුට ගීතය සංගීතය අලුත් දෙයක් නෙමෙයි. සීයා හා පියාගේ දක්ෂතා ඔහු දැක තිබෙනවා. ඒ ආභාෂය එක්ක සංගීතයට අවතීර්ණ වුනු නිර්මාල් ඔහු ගැන කතා කරන්නේ මෙහෙමයි.

මොකක්ද මේ නදිමාල්ගේ නුරා වසන්තේ?
“නුරා වසන්තේ” කියන්නේ මගේ අලුත්ම ගීතය. මෙලඩි එක කළේ මම. පද රචනය උමා අසේනිගේ.මට මුලින්ම මෙලඩි එකක් ආවා. ඒක මම රෙකෝඩ් කරලා උමා අක්කට යැව්වා. මට ඒකට වචන ටිකක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ පසන් අයියා ඒක තව ලස්සන කරලා ගත්තා. ඒ ගීතය මගේ යූ ටියුබ් චැනල් එක ඔස්සේ තමයි මුලින්ම ප්‍රචාරය කළේ.

ගීතයක් කරන්න ගොඩාක් කල් ගන්නවා. මොකක්ද ඒකට හේතුව?
සමහරවිට ඒක කම්මැළිකම වෙන්න ඇති. ඇත්තටම කල් ගත්තා වැඩියි. වැඩ එක්ක නිදහස් වෙලාවක් හොයාගන්න අමාරුයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.

දැන් ගොඩාක් අය සිංදුවක් කළාම වීඩියෝ එකක් කරන්නෙ නැතුව ඒක යූ ටියුබ් එකට දාන ට්‍රෙන්ඩ් එකක් තියනවා. ඒ ට්‍රෙන්ඩ් එක නිසාද ඔබත් ලිරික්ස් එකක් විතරක් යූ ටියුබ් දැම්මේ?
නැහැ. ඇත්තටම මම වීඩියෝ එකක් කළා නම් ලොකු කාලයක් යනවා. මම දැනටමත් පරක්කු වැඩි නිසා අනික් කට්ටියගෙනුත් අහල බලලා මම කල්පනා කළා ඒකට ලිරික්ස් වීඩියෝ එකක් කරන්න. මොකද මේකට වීඩියෝ එකක් කළා නම් තව අවුරුද්දක්වත් යනවා සිංදුව අවුට් කරන්න. ඒක නිසා තමයි ඕඩියෝ එකක් විතරක් රිලීස් කළේ.

ඒ කියන්නේ මේ සිංදුවට වීඩියෝ එකක් දැන්ම කරන්න අදහසක් නැද්ද?
වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා. බලමු තව ඉස්සරහට.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩාක් සතුටුයි.

නදීමාල් ප්‍රසංග වේදිකාවෙදි තාත්තාගේ ගීත කියනවා අඩුයිනේ. ඇයි ඒ, තාත්තා එපා කියලා තියෙනවද?
සාමාන්‍යයෙන් මම තාත්තාගේ ගීත කියනවා අඩුයි. මගෙන් තාත්තාගේ ගීත ඉල්ලුවොත් තමයි මම කියන්නේ. මම එහෙම ලොකුවට තාත්තාගේ ගීත කියන්නේ නැත්තේ තාත්තාත් ඉන්නේ මේ ක්ෂේත්‍රයේ නිසා.මගේ නම කියලා තාත්තාව හඳුන්වලා දෙන්න ඕනේ නෑ. මිනිස්සු මාව දැනගත්තෙ අමල් පෙරේරාගේ පුතා විදියටනේ. ඒක වෙනස් කරන්න ඕනේ නෑ.

තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනඟා ගන්න කැමැති නැද්ද?
අනිවාර්යයෙන්ම කැමැතියි. මගේ අනන්‍යතාවක් ගොඩනඟන එක තමයි මම මේ කරමින් ඉන්නේ. ඒකට තාම මම වැඩ කරගෙන යනවා. මේ ගීතයත් මගේ අනන්‍යතාව ගොඩනැඟීමේ එක පියවරක් තමයි.

ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ දරුවන් අතරින් මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්නේ කවුද?
සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්නේ සනුක. මොකද මම සනුකගේ ෆෑන් කෙනෙක්.

එහෙම කියන්න හේතුව මොකක්ද?
සනුක කියන්නේ දක්ෂ කෙනෙක්. මනුස්සයෙක් විදියට ගත්තත් හරිම හොඳයි. ඒ වගේම හොඳ යාළුවෙක්. සහෝදරයෙක් වගේ කෙනෙක්.

නදීමාල්, සනුක, සජිත අතරේ තියෙන යාළුකම තාමත් සුරක්ෂිතද?
ඔව්. අපි අතර තාමත් යාළුකම තියෙනවා. අපේ සම්බන්ධය නැතිවෙයි කියලා මම හිතන්නේ නැහැ.

ඒ වුණාට අනිත් අයත් එක්ක බලද්දී සනුක සහ ඔබ අතර ලොකු යාළුකමක් තියෙනවා නේද?
අපේ යාළුවන්ගෙන් මට වැඩිපුරම හම්බවෙන්නේ සජිතවයි, සනුකවයි තමයි. ඒ දෙන්නට සාපේක්ෂව අනික් අය මුණගැහෙනවා අඩුයි. සජිත හිටපු ගමන් මේ ඉන්නවා මේ නෑ. හැබැයි කොහොම වුණත් අපි තුන්දෙනා එකට තමයි ඉන්නේ. සනුකව තමයි මට වැඩිපුරම මුණගැහෙන්නේ.

නදීමාල්ට තරුණියන්ගෙන් ලොකු ආකර්ෂණයක් තියෙනවා කියන්නේ ඇත්තද?
අනේ මන්දා. එහෙම ආකර්ෂණයක් තියෙනවාද කියලා මම දන්නේ නෑ.

නිරූපිකාවක් එක්ක නදීමාල් ආදර සම්බන්ධයක පැටලිලා කියන්නේ ඇත්තද?
මම පෞද්ගලිකත්වය ගැන කතා කරන්න කැමැති නැහැ. පෞද්ගලික ජීවිතයේ දේවල් අවශ්‍ය කාලෙට කියන්නම්.

ඉදිරි වැඩ කටයුතු මොනවාද?
මගේ බෑන්ඩ් එක පටන් ගත්තා. ඒකේ නම ‘පොයින්ට් 5’ ඉස්සරහට කොන්සර්ට් කිහිපයක් කරන්න තියෙනවා. ඒවත් කරගෙන මගේ ඊළඟ ගීතයට ලෑස්ති වෙනවා.

උදාරා ඉන්දිවරි ජිනදාස
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

ලංකාවේ අය හරි වැරැද්ද හොයලා බලන්නේ නැතුවනේ කතා කරන්නේ.මහේෂි එක්ක සිංගප්පුරු ගිහින් කරපු දේ පිළිබඳව පළමු වරට කතා කරයි.

රංගන ශිල්පිණී මහේෂි මදුශංකා සහ නිරූපණ ශිල්පිණී ටනාෂා හතුරුසිංහ මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි ලෙස කතාබහකරන චරිත 2 ක් වෙලා තියෙනවා. ඒ ඔවුන් දෙදෙනා විදෙස් රටකට යාමේදී වූ සිද්ධියක් සම්බන්ධයෙනුයි. ගුවන් යානයේ නියමු කුටියේ නියමු කුටියේ ගමන් ගත් බවට කියැවෙන කටකතාවක් ගැනයි මේ විදියට සමාජජාලා මාධ්‍යයන්වල පළ වෙන්න ගත්තේ. ඉතින් මේ ගැන ටනාෂා පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට.

ටනාෂා දැන් නිරූපණයෙන් ඈත්වෙලා කියන්නේ ඇත්තද?
දැන් නිරූපණයෙන් ඈත්වෙලා නැහැ. හැබැයි ඉස්සර වගේ නිරූපණ වැඩවලට කාලය යොදවන්න විදිහක් නැහැ. ඒත් මම තෝරාබේරාගෙන නිරූපණ වැඩවලට සහභාගි වෙනවා.

ටනාෂා ගැන මේ දවස්වල සමාජ වෙබ් අඩවි හරියට කතාබහ වෙනවා?
අපි සිංගප්පූරු සංචාරයක් ගියා. ඒ අවස්ථාවේදී අපිව ගුවන්යානයේදී දැනහදුනාගෙන මටයි මහේෂි මධුසංකා අක්කිගෙයි රසිකයෝ කියලා අපෙන් ඇහැව්වා පාලක මැදිරිය බලන්න කැමැතිද කියලා. ඊට පස්සේ යානය ගොඩබැස්සුවාට පසුව අපිව පාලක මැදිරිය නරඹන්න එක්කගෙන ගියා. හැබැයි ගොසිප්වල තියෙන්නේ ගුවන්ගමන අතරතුර ගියා කියලා. අපිත් එක්ක ගුවන් යානයේ ගිය අය පවා මුහුණුපොතේ සදහන් කරලා තිබුණා ඇත්තම කතාව මොකක්ද කියලා. ගොසිප් සයිට්වල දාලා තියෙන්නේ හරියට හොයලා බලලා නෙමෙයි. අපි පාලක මැදිරියට ගියා” ආහාර පාන ගත්තා කියලා. අනේ එහෙම කිසිම දෙයක් වුණෙ නැහැ.

සමාජ ජාල පළකළ කතාව බොරුවක් ?
ඔව්. ඒ කතාව බොරුවක්. අපිත් එක්ක මේ ගමන ගිය අය දන්නවා ඇත්ත මොකක්ද කියලා. ගොඩක් අය ඇත්ත කතාව මොකක්ද කියලා ක්මෙන්ට් කරලා තිබුණා. ඒ ගොසිප් එක බොරුවක්.

කතාව බොරුවක් නම් මේ වගේ කතාවක් වෙබ් අඩවි වල පළකළේ ඇයි ?
අපිත් දන්නේ නැහැ. ඒ කතාව දැනගත්තාට පසුව අපිත් පුදුම වුණා. මම තමයි මුලින්ම ගොසිප් එක දැක්කේ. ඊට පස්සේ මම තමයි මහේෂි අක්කිට කිව්වේ. අපිත් ඒ කතාව දැකලා පුදුම වුණා. ඒකේ දාලා තිබුණේ ගුවන් ගමන අතරතුර පාලක මැදිරියට ගියා කියලා. ගුවන් ගමන අතරතුර පාලක මැදිරියට යන්න තහනම්. ඒක අපි දන්නවා. අපි එහෙම කළේ නැහැ. යානය ගොඩබැස්සුවාට පසුව තමයි පාලක මැදිරියට ගියේ. මම දන්නේ නැහැ ඇයි එහෙම දැම්මේ කියලා.

මහේෂි මොනවාද ඔයත් එක්ක මේ ගැන කිව්වේ ?
මහේෂි අක්කාත් සෝෂල් මීඩියාවල දාලා තිබුණා ඇත්ත කතාව මොකක්ද කියලා. අනික අපි කරපු දේ ගැන. මට ආපහු කියන්න තියෙන්නේ ඒ කතාව බොරුවක්. ඔවුන් පළ කරලා තියෙන්නේ අපි ලොක්කෙක් එක්ක ගියා කියලා. අපි දන්න ලොක්කෙක් නෑ. අපිට කතා කරපු කෙනා අපිට කතා කළේ අපේ රසිකයෙක් විදිහට. අපි එයාව දැක්කෙත් එදාමයි. අඩුම තරමේ තවමත් අපි ඒ මනුස්සයාගේ නමවත් දන්නේ නැහැ.

මේ වගේ මඩ ප්‍රචාර එනකොට තනාෂාට මොකද හිතෙන්නේ ?
ඇත්තටම හරිම කනාගාටුයි. අපි දන්නවා අපි වැරැද්දක් කළේ නැහැ කියලා. පාලක මැදිරිය නරඹන්න මීට කලින් ගොඩක් දෙනෙක් ගිහිං තියෙනවා. පටු අදහස් එක්ක මේ වගේ ගොසිප් දානකොට කලකිරීමක් තමයි ඇතිවෙන්නේ. සල්ලි හම්බකරන්න අපිව පාවිච්චි කරනකොට ඇත්තටම දුකයි. වැරැද්දක් නොකර ඇයි මේ වගේ දේවල් කරන්නේ.

මේ වගේ කතා හැදෙනකොට ගෙදරින් මොකද කිව්වේ ?
ගොසිප් එක දැක්කහම මට ඇත්තටම ටිකක් බයවුණා. කවදාවත් මට ඔයවගේ ගොසිප් එකක් හැදිලා නැහැ. ගෙදර අය ඒ කතාව දැකලා හිනාවුණා.

ගුවන් යානයේ හිටපු කෙනෙක් මේ වැඩේ කළා කියලාද හිතන්නේ ?
අපි දන්නේ නැහැ කවුද එහෙම කළේ කියලා. මටත් තේරෙන්නේ නැත්තේ කවුද මේ වගේ වැරදි දෙයක් ගොසිප් සයිට්වලට දුන්නේ කියලා.

ඇත්තටම සිංගප්පූරු ගියේ ඇයි ?
ෂොපින් කරන්න තමයි සිංගප්පූරු ගියේ.

දැන් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉන්නද කල්පනාව?
මට ගොසිප් කතාවක් පළවුණේ පළමු වතාවට. මේ සිද්ධිය හින්දා ක්‍ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මට කතා කළා. මෙතැන ඉන්නවා නම් ඔයවගේ දේවල් බලාපොරොත්තුවෙන්න ඕනෑ කියලත් කිව්වා. ඔයා කවුද කියන්නත් ගොසිප් සයිට් ගැනත් අපි දන්නවා. ඒ හින්දා සැලෙන්න එපා කියලා ඒ අය මට කිව්වා. ගොඩක් දෙනෙක් කතා කළා. ලංකාවේ ඉතිං හරි වැරැද්ද හොයලා බලන්නේ නැතිවනේ කතා කරන්නේ. දැන් හිතෙනවා මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඔයවගේ දේවල් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනෑ කියලා. මොකද නොකළ වැරැදිවලට තමයි කතා හැදෙන්නේ. මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ඉදිරියට තව ඔයවගේ මඩ එයිද කියලත් හිතෙනවා. අනේ මන්දා.

වෙබ් අවඩි ගැන මොනවාද කියන්න තියෙන්නේ ?
අනේ ඇත්තටම මොකුත් කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන්නේ හරියට දෙයක් දැනගෙන පළ කළා නම් හොදයි කියලා.

උපුටා ගැනීමකි.

බුදුන්ගේ රස්තියාදුව කෘතිය පිළිබඳව උපුල් ශාන්ත සන්නස්ගල පළමු වරට මාද්‍යට කට අරි.,මෙන්න කිව්ව කතාව.

වත්මන් ආණ්ඩුව කලා කෘති වාරණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් 23 දින කොළඹදී පැවැත්විණි.
වාරණයට ලක්වූ කේ.කේ ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සම්බන්ධයෙන් එහි ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මෙසේ කියා සිටියේය.
‘බුදුන්ගේ රස්තියාදුව කෘතියේ මුද්‍රණකරුවා මම, ප්‍රකාශකයා මම බෙදාහරින්නෙත් මම. අපි එදා හැන්දෑවෙ කෘතිය ලෝන්ච් කරන්න සූදානම් වෙලා ඉන්න කොට
මිරිහාන පොලිසියෙන් ඇවිත් අත්අඩංගුවට ගත්තා. එ් වෙලාවෙ ලියුමක් ඉදිරිපත් කළා ඒක ගහලා තිබුනේ කමල් ජයසිංහ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ. මේක පොලිස්පතිට යවලා නියෝජ්‍ය පොලිස්පතිට යවලා තිබුනේ. පසුව මේ විදිහට අත්අඩංගුවට අරන් අපිව මිරිහාන පොලිසියට අරන් ගියා. තිබුණ පොත් 500 ඇතුලු සියල්ලත් අරගෙන. පොලිසිය ඒ වෙලාවෙ අපිව උසාවි දාන්න ලියකියවිලි සූදානම් කරල තිබුණා.

නමුත් විශාල අරගලයක් කරල අපි එදා එතැනින් නිදහස් වුණා. පස්සෙ උත්සවය තිබ්බා. පස්සෙ පොත පොත් සාප්පු වලට දැම්මම පොත් සාප්පුවල මේ පොත නැහැ.
ඒ බෞද්ධ කියන කන්ඩායම විසින්ම මේ පොතේ පීඩීඑෆ් එකක් ගහනවා. ටයිප් සෙට් කරපු එක නෙමෙයි. පොත ස්කෑන් කරනවා. සහ ඊට ව්‍යාජ පෙරවදනක් දානවා. ඒකෙ කුඩා දරුවෙකුගෙ බෙල්ලෙ කුරුසයක් දානවා. දාලා ඒ පීඩීඑෆ් එක ප්‍රචාරය කරනවා. ඊට පස්සෙ පොත් සාප්පු වලට දුරකථනයෙන් කතාකරලා තර්ජනය කරනවා. ඇතැම් පොත් සාප්පුවලට කතාකරල තියෙන්නෙ මල්වතු අස්ගිරි නාහිමිවරු ඒ නිසා පොත් සාප්පු හිමියන් තිගැස්මට පත්වෙනවා.

දැන් ඉන්නව සංස්කෘතික ඇමතිවරයෙක් ඔහු සින්දු එහෙමත් ලියල තියනවා සීඩී එකක් ගහල තියනවා. චිත්‍රපටියකුත් නිෂ්පාදනය කරල තියනවා. ඒ කියන්නේ කලාකරුවෙක් වෙන්න උත්සාහ දරපු කෙනෙක්. එයාගෙ නම විජේදාස රාජපක්ෂ. අපිට ප්‍රශ්නයක් තියනවා මේ ඇමතිවරයා සංස්කෘතිකද කියලා.
පරිකල්පනය දෙවියන්ටවත් යටත් නෑ කියල අපට උගන්වන්නේ.ඇදහීම් කණ්ඩායම් විසින් කලාව වාරණය කරනවා නම් අපි ඉන්නෙ මහ ගෝත්‍රවාදී සමාජයක.
අපි කියන්නෙ සංවාද කරන්න. විචාරය කරන්න හාරවුස්සන්න. ඒත් වාරණය තේරුමක් නෑ කියලා.පන්සිය පනස් ජාතකය බෞද්ධයින් හිතන්නෙ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනයක් කියල. නමුත් සාහිත්‍යෙය්දී කපාකොටා පරිහරණය කෙරෙනවා. එහෙම රයිට් එකක් තියනවා ලේඛකයින්ට.‘

එයා ඉල්ලන්නත් කලින් දෙන කෙනෙක්.බුකිය ගිනියම් කල කවුශි හොර රහසේම විවාහ වෙයි.

ලංකාවේ පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කල චරිතයක් තමයි කවුශි කියන්නේ.ඇය හොර රහසේම විවාහ වී ඇති බව ප්‍රධාන පෙලේ පුවත්පතකට පවසා තිබෙනවා.එහිදීද කියපු වචනයක් මේ වන විට පැතිරී යනවා.මෙන්න ඒ සියල්ල පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

https://youtu.be/yLGdbL3orVQ

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු නොවන්නේ ඇයි.මෙන්න බොහෝ දෙනා පවසන්නේ මෙන්න මේ හේතුව නිසා.

බලවත් නගර පාලනය කරන බලවත්තු

ප්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඩ් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි. මෙය නව ප්‍රවණතාවයකි. නව ප්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි. බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි.
පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි. 2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැඛෙන බවද කිව යුතුයි.

රෝමය පාලනය කරන, වර්ජිනියා රගී, දූෂණ විරෝධී සටනකට නායකත්වය දෙයි. ඇගේ සටන දූෂණයට එරෙහි සටනකි. අනාගත පරම්පරාව, නිදහස් සාමකාමී රෝම පුරවරයක පුරවැසියන් බවට පත් කිරීම ඇගේ අභිප්‍රායයි.

නගරාධිපතිනියන් අතර සිටින වඩාත්ම රැඩිකල් නගරාධිපතිනිය, ස්පාඤඤයේ බාර්සිලෝනාව පාලනය කරන ඒඩා කොලව් ය. ඇගේ සටන බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ දුප්පත් ජනතාවට, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම ස`දහා යොමු වී තිබේ. නගරාධිපති සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒඩා කොලව්, ඇගේ ජයග්‍රහණය බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා ය.

මේ සියලූ නගරාධිපතිනියන්, පිරිමින් හා සමානව සහ අනාගත පරම්පරාව කෙරෙහි වූ ඊටත් වඩා වැඩි ආදරයකින් යුතුව තමන්ගේ නගර පාලනය කරයි¦ අනාගත සැලසුම් සදයි. සටන් කරයි. පෙබරවාරි 10 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් රෝසී සේනානායක මැතිණිය කොළඹ පුරපති අසුනට තේරී පත් වුවහොත්, කොළඹ පළමු පුරපතිනිය ලෙස ඈ ඉතිහාස ගත වනු ඇති. ලෝකයේ අනෙකුත් පුරපතිනියන් සම`ග එක පෙළට සිට ගැනීමට හැකි, බුද්ධිමත් සහ දේශපාලන සවිඤාණිකත්වයකින් යුතු පුරපතිනියක් තෝරා පත් කර ගත්තා යැයි, කොළඹ පුරවැසියන්ට සතුටු විය හැකි ය. ස්වාධීන විචාරකයන්ගේ අදහස නම්, කොළඹ පුරපති සටනින් රෝසී සේනානායක නිසැක ලෙසම ජය ගන්නා බවයි. ඇගේ ජයග්‍රහණය අලූත් බලගතු කොළඹක ආරම්භය වනු ඇති.
රෝසී, කොළඹ පළමු වැනි නගරාධිපතිනියයි.
ලංකාවේම දෙවැනි නගරාධිපතිනියයි.

පෙබරවාරි 10 මැතිවරණයෙන් පසුව, රෝසී සේනානායක නිසැක ලෙස ම කොළඹ පුරපති අසුනේ අසුන් ගනු ඇති. ඒ ගැන කිසිදු සැකයක් කිසිවෙකුට නැත. පොහොට්ටුවෙන් සහ බුලත් කොළයෙන් කොළඹ ට ඉල්ලන අපේක්ෂකයන් අතරේ, කොළඹ පුරපති අසුනේ අසුන් ගැනීමට රෝසී තරම් සුදුසු කිසිවෙකු නැත. මේ හේතුව නිසාම නිතරගයෙන් රෝසී ජයගනු ඇති. නිසැක ජයග්‍රහණයෙන් පසුව, කොළඹ පළමු පුරපතිනිය බවට පත් වීමේ වාසනාව හිමි වූවත්, රෝසී ලංකාවේ පළමු පුරපතිනිය නොවේ. රෝසිට පෙර, මහනගරයක් පාලනය කළ පුරපතිනියක් අපට සිටියි. ඒ යාපනය මහ නගර සභාව පාලනය කළ සරෝජනී යෝගේස්වරන් මැතිණියයි. 1997 වසරේ පැවති මැතිවරණයෙන්, යාපනයේ නගරාධිපතිනිය ලෙස සරෝජනී යෝගේස්වරන් තේරී පත් වූ වා ය. ඈ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජන කළ අපේක්ෂිකාවයි. නමුත් වැඩිකල් පුරපති අසුනේ වාඩි වී සිටීමට ඇයට නොහැකි විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඈ මරා දැමුවා ය.

රෝසි ම මිසක් කොළඹට වෙන කිසිවෙක් සුදුසු
නොවන්නේ ඇයි…?

 

ලංකාවේ අපට අග නගර දෙකක් තිබේ. එකක් කොළඹ යි. අනෙක, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යි. ජයවර්ධනපුර කෝට්ටේ ලංකාවේ —පරිපාලන˜ අගනුවර යි. ˜කොළඹ˜ වාණිජ අගනගරයයි. ඉදිරි දශකය අපේ රට, සංවර්ධන ඉලක්ක හඹායන දශයකය වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයි. ඒ ගමනේ දී කොඹට˜ සුවිශේෂ කාර්ය භාරයක් පැවරී තිබේ.

සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සිවු කොණ ව්‍යාප්ත වුවත්, දේශපාලනයට සහ ආර්ථීකයට අදාළ ජාත්‍යන්තර සම්බන්ධතා අපි ගොඩ නගන්නේ කොළඹ සිට යි. එමෙන්ම ජාත්‍යන්තරය අපේ රට ගැන චිත්‍රයක් ඇද ගන්නේ, —කොළඹ පරිපාලනයට˜ සාපේක්ෂවයි. ඒ නිසාම, රට නියෝජනය කරමින්, කොළඹ මුල්පුටුව දැරිය යුත්තේ, විදග්ධ, බුද්ධිමත් සහ තීක්ෂණ නායකයෙකි. රෝසී තරම් තීක්ෂණ, රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී ඈ තරම් පරිණතභාවයක් දක්වා ඇති වෙනත් අපේක්ෂකයෙකු වෙනත් කිසිදු පක්ෂයකින් මේ මැතිවරණයට ඉදිරිපත් වී නැත. විශේෂයෙන්ම අගමැති විසින් සැලසුම් කර තිඛෙන, ඉදිරි සංවර්ධන ඉලක්ක ගැන පුලූල් අවබෝධයක් ඇයට තිබේ. කොළඹ පුරපති අසුනේ රෝසී වාඩි වී ම ඒ ඉලක්ක වෙත රට රැගෙන යන ගමනේ දී, අගමැති රනිල් වික්‍රමසිංහට ලැඛෙන අමතර වාසියක් ද වනු ඇති.

කොළඹ පුරපති අසුන ස`දහා රෝසිම මිසක් – සුදුසු වෙනත් අයෙකු නැතැයි, බොහෝ දෙනා පවසන්නේ මේ හේතුව නිසා ය.

හැමෝගෙම කොළඹට
අපේ රෝසි.

කොළඹ˜ අපි හැමෝගේ ම නගරයයි. කොළඹ˜, අපි හැමෝගෙම නගරය යැයි කියන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් යන ආදී සියලූ ජනකොටස් කොළඹ ජීවත් වන බැවිනි. සංඛ්‍යා ලේඛනවලට අනුව, කොළඹ ජනගහනයෙන් 41.6% ක් සිංහලයන් ය. 28.9% ක් ලංකා දෙමළ වන අතර, 23.8% ක්, මුස්ලිම් වරුය. මීට අමරතව, —ඉන්දියානු දෙමළ˜, මැලේ˜, සහ බර්ගර්˜ යන ජන කොටස් ද සුලූ ප්‍රතිශතයන්ගෙන් වුවත්, කොළඹ ජීවත් වෙයි. කොළඹ මුල් පුටුවට තේරී පත් විය යුත්තේ, මේ සියලූ ජනකොටස් නියෝජනය කළ හැකි චරිතයකි.

බහුවාර්ගික, බහු ආගමික, කොළඹට රෝසී තරම් සුදුසු වෙනත් අයෙකු මේ මැතිවරණයේ දී ඉදිරිපත් වී නැත. පොහොට්ටුවෙන් සහ අත ලකුණෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් දෙදෙනා ම, යම් කිසි තරමකට ජාතිවාදය කේවල් කරන දේශපාලන චරිත බව නො රහසකි. රෝසී, ඇගේ දේශපාලන ජීවිතයේ දී කිසි දිනෙක, අදහස්වලින් හෝ හැසිරීමෙන්, ජාතිවාදී වී නැත. ඈ, සියලූ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුනින් පිළිගන්නා කාන්තාවකි. රෝසී, ප්‍රසිද්ධ වේදිකාවේ දී හෝ දේශපාලන සංවාදවල දී, ජාතිවාදී අදහස් ප්‍රකාශ කළා යයි කියා කිසිම තැනක වාර්තා නොවේ.

කොළඹ යනු බහු ආගමික සහ බහුවාර්ගික නගරයකි. එමෙන්ම කොළඹ,ඉහළ සහ පහළ මධ්‍යම පන්තියට අයත් ජනප්‍රජාවන්ගෙන් ද යුත් නගරයකි. රෝසී, ඒ දෙපිරිසේම හද ගැස්ම හදුනා ගන්නට සමත්ව සිටියි. ඉහළ පන්තියේ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් රැක දිය යුතුවනවා මෙන්ම පහළ මධ්‍යම පන්තියට අයත් බහුතරයේ, මුලික අවශ්‍යතා ඉටු කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ වගකීම ද කොළඹ මුල් පුටුව භාර ගන්නා කාට වුවත් පැවරෙයි. එවැනි වගකීමක් ඉටු කළ හැකි එකම අපේක්ෂිකාව රෝසී බවට කිසිදු විවාදයක් නැත. හැමෝගෙම කොළඹට, රෝසී තරම් ගැලපෙන – වෙනත් අයෙක් නැත.

ශ්‍රී ලංකාවේ තාක‍ෂණයට විශාල ශක්තියක් ඉන්දියාවෙන් එක්වෙයි.ඉන්දියාව සමග අත්සන් කරන්න යන වැදගත් ගිවිසුම මෙන්න.

ශ්‍රී ලංකාවේ තාක‍ෂණයට විශාල ශක්තියක් ඉන්දියාවෙන් එක්වෙයි.
පසුගිය දා විදුලි හා සන්දේශ ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාත්, ඉන්දියානු රජයේ නීතිය හා සාමය, අදිකරණ හා ඉලෙක්ට්‍රොනික්, තොරතුරු තාක‍ෂණ පිලිබඳ අමාත්‍ය රවී ශංක ප්‍රසාද් අතර අවබෝධතා ගිම́සුමක් අත්සන් කෙරිනි.
සෙ̈වා අතර, තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට අයත් අවබෝධතා ගිම́සුමක්, ආදර්ශ ඉ- කාර්යාල ක්‍රමයක් හා දෙරටේ අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගිතාව පිලිබඳ පුළුල් කතිකාවතක් ඇරඹීමට දෙරටේ අමාත්‍යවරුන් එකඟ වූහ. එහිදී අමාත්‍යවරුන් විදින් ඉතාම වැදගත් අදහස් ප්‍රකාශ කළ අතර, දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක‍ෂණය යොදා ගැනීම වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

මුළු කොළඹම එකතු කරගන්න ප්‍රථම පුරපතිනිය රෝසි සේනානායක විජයග්‍රාහී සටන දියත් කරයි.

ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථීකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.

නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක‍ෂිත වටපිටාවක්, සුරක‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි. මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක‍ෂා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වංචා අයකරගන්න යයි.මෙන්න විස්තරය දැනගන්න.

2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය’

මෙම ප‍්‍රකාශයත් සමග රාජපක්‍ෂ රෙජීමය නියෝජනය කරමින් බැඳුම්කරය පිලිබඳ හක්‍ෂ තලමින් හුන් පිරිසට නිහක්‍ෂ වන ලෙස රාජපක්‍ෂ රෙජීමයෙන් බලපෑම් එල්ල වී ඇත’ වඩාත් විනිවිද භාවයෙන් හා සුපරික්‍ෂාකාරිත්වයෙන් කටයුතු කෙරුන බැඳුම්කර කොමිසම රටේ බුද්ධිමතුන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබේ’ එවන් තත්ත්වයක් මත තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් මගහැර පළායාමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව රාජපක්‍ෂ ජෙරීමය මේ වනවිට මැනවින් අවබෝධ කරගෙන සිටියි’

මෙම බැඳුම්කර මගඩිය නිසා යහපාලන ආණ්ඩු සමයේ රටට අහිමි වූ මුදල බිලියන 11 ක් වන බැව් පසුගිය වකවානුව පුරාම විරුද්ධ පක්‍ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී’ එම චෝදනා වලට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ 2008 වසරේ සිට බැඳුම්කර වංචා සිදුව ඇති බවත්” එයින් රටට අහිමි වූ මුදල බිලියන 4000 ඉක්මවන බැව් බැඳුම්කර කොමිසම විසින් හෙළි කර ඇති බවත්ය’

https://youtu.be/NaQgxY6xyBQ

ලංකාවේ ඉතිහාසගතවන දැවැන්ත සටනක් අද නැවතත් හරීන් සමග වෙල්ලස්සෙන් ඇරඹේ..

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක‍ෂ තරග භූමිකාව අද බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. මීට පෙර රාජපක‍ෂ රෙජීමය පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි. එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක‍ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුර්දාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.

පොහොට්ටුවේ 3ක්, සීනුවේ 1ක් එජාප වේදිකාවේ.

ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පක‍ෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි. මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පක‍ෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේක‍ෂකයන් 3 එක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේක‍ෂකයෙක් එක්සත් ජාතික පක‍ෂයට එක් විය. ඌව වෙල්ලස්ස පමණක් නොව, ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේක‍ෂකයන් එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේක්ෂා කරයි.

මෙය එක්සත් ජාතික පක‍ෂයට ඉතාම වැදගත් අවස්ථාවකි. වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආකර්ෂණීය බවකින් චන්ද දායකයෝ එක්සත් ජාතික පක‍ෂය වටා එක්රොක් වෙමින් සිටිති.

මුළු රටක්ම කඳුලින් තෙත්කල අදවැනි දවසක සිදු වූ සුනාමියේ අමිහිරි මතකයන් මෙන්න.

අම්මාට සිය දරුවාත්, දරුවාට සිය පියාත්, සහෝදරයාත් මිතුරාත් ඇතුළුව සියලු හිතවත්කම් හිත්පිත් නැතිව උදුරාගත් සුනාමියට අදට වසර 13 ක් ගතවී අවසන්ය.
මේ ඒ අමිහිරි මතකය ගැන සිහිගැන්වීමකි.
මීට වසර 13කට පෙර අද වැනි දිනක මුළු රටම එකම මළගෙයක් බවට පත් කළ ඒ රුදුරු සුනාමි ව්‍යසනයේ අමිහිරි මතකය අද වන විට බොහෝ දෙනකුගේ සිත් තුළින් පහව යමින් තිබේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින කිසිවකුත් නොසිතූ පරිදි සිදු වූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයින් හතළිස් දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි කළේය.
තුවාල ලැබූ ගණන විසි දහසකට අධිකය. නිවාස ලක්ෂයක් පමණ මුළුමනින්ම විනාශ විය. කුඩා දරුවන් 979 දෙනකුට සිය දෙමාපියන් අහිමි කළේය.
සුනාමියෙන් දැඩි ලෙස විපතට පත් වූයේ රට වටා මුහුද අයිනේ ජීවත් වූ ධීවර ජනතාවය.
මීටර් 100 ආදී විවිධ නීති ගෙන ඒම තුළ කිසිවකුටත් මුහුදු වෙරළ ආසන්නයේ කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි විය. එම නිසා ධීරවයින්ට නිවාස ලැබුණේ ද රට අභ්‍යන්තර ප‍්‍රදේශවලිනි. එය ඔවුන්ගේ රැුකියාවලට දැඩි බලපෑමක් විය. පසුව එම නීතිය මීටර් 45 දක්වා අඩු විය. එහෙත් එම නීතියද ක‍්‍රියාත්මක වෙන්නේ දුප්පත් අහිංසක ජනතාවට මිස සල්ලිකාර බලය ඇති අයට නොවන බව මුහුදු වෙරළ අයිනේ අලූතින් ඉදිකරන ගොඩනැගිලි දෙස බැලූ විට පැහැදිලි වෙයි.
හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළදී ඒ මහා ව්‍යසනය ජීවිත 4500ක් පමණ බිලිගත්තේය. එමෙන්ම මුළු හම්බන්තොට නගරයම නැත්තටම නැති කළේය.
යාල පට්ටනංගල වෙරළේ සිරි නරඹමින් සිටි විදේශීය ජාතිකයින් 144 දෙනකු මේ මහා විපතට බිලි විය.
එමෙන්ම එම වෙරළේ ගල් තලාවක් මත සිට සිය පියාත් සමග උපන් දිනය සැමරීම සඳහා කේක් ගෙඩියක් කපමින් සිටි කුඩා දරුවකු සිය පියා සමග රළ පහරට ගසා ගෙන යාම මේ මහා විපතේ අනුවේදනීය බව කදිමට පෙන්වා දෙයි.
එහිදී දරුවාගේ සිරුර පසුව හමු වුවත් පියාගේ සිරුර සොයා ගත නොහැකි විය. ඒ දරුවාගේ මව එතැන් පටන් සෑම වර්ෂයකම ශ්‍රී ලංකාවට පැමිණ දෙසැම්බර් මස 26 වැනිදාට සුනාමියෙන් අහිමි වූ සිය සැමියා හා දරුවා අනුස්මරණය කිරීමට අමතක නොකරන්නේය.
ඒ තරමටම සමීපව කටයුතු කළ හදවත් වෙන් කිරීමට ද සුනාමියට හැකි විය.
හම්බන්තොට සිංගප්පූරු ගම්මානයේ පදිංචි ෆාතිමා නුස්ර මහත්මිය මෙසේ කීවාය.
මගේ මහත්තයාගේ තාත්තාත් සුනාමියට බිලි වුණා.
ඒ වගේම අපේ ගෙවල් දොරවල් පවා මුහුදට බිලි වුණා. ඒ නිසා අපි දැන් මේ ගම්මානයේ පදිංචි වෙලා ඉන්නවා. මහත්තයට ධීවර රැකියාව කරන්න මුහුදු යන්න දුර වැඩි නිසා දැන් ඩිලිවරි රැකියාවක් කරනවා. ඒත් අපට දීපු ගෙවල්වල දැන් ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. නිවාස අබලන් වෙලා තිබෙනවා.
සිරිබෝපුර පදිංචි ඩබ්ලිව්.ආර්. නිල්මිණී මහත්මිය
මගෙත් මහත්තයාගේ තාත්තා සුනාමියට බිලි වුණා. අපිත් සුනාමියට හසු වුණේ හම්බන්තොට ටවුන් එකට බඩු ගන්න ගිය වෙලාවෙයි. ගොඩබිම දෙසට දුවලා ගිහින් ජීවිත බේරා ගත්තා. ගෙවල් දොරවල් අහිමි වූ නිසා සුනාමි නිවාස ලැබුණා. දැනට මේ ගෙවල්වල බිත්ති පුපුරලා වැසිකිළි උතුරා යනවා. පොළොව කැඩෙනවා. වහල අබලන්, ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා.
මාතර දිස්ත‍්‍රික්කයේ සුනාමියෙන් මිය ගිය ගණන 1342කි. ඒ වන විට මාතර නව බස් නැවතුම්පොළ ඉදිකර තිබීම නිසා සිදුවීමට තිබූ ජීවිත හානිය යම් ප‍්‍රමාණයකින් අඩු විය. එහෙත් මාතර කොටුව, මඩිහ, කඹුරුගමුව, වැලිගම ආදී ප‍්‍රදේශ සොහොන් පිට්ටනි බවට පත් කළේය.
එවකට මාතර මහ දිසාපතිවරයා ලෙස සේවය කළ ගාමිණී ජයසේකර මහතා මේ මහා විපතට හසු වූයේ මහජන පොළට බඩු රැගෙන ඒම සඳහා පැමිණි අවස්ථාවේය.
ඔහු සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.
මම පොළේ බඩු මිලදී ගන්නා විට එක්වරම මුහුදු රළ පහරක් පැමිණියා. එය යම්තම් කකුලේ වැදුණා. සුළු වේලාවකදී ලොකු රළ පහරක් ඈත සිට එනවා දැක්කා.
ඒ රළ පහරට මා හසු වුණා. කොටුවේගොඩ පැත්තට ගසා ගෙන ගියා. මම වෙළඳසලක වහලක් උඩ රැුඳී තිබුණා. අවට හැම තැනම සොහොන් පිට්ටනි වගෙයි. මගෙ ඇඳුම් ගැලවිලා ගොස් තිබූ නිසා ඒ අසල සිටි අයකු සරමක් ගෙවිත් දුන්නා. බොහෝ අය මා දිසාපති කියලා හඳුනාගත්තේ නැහැ. මඩ පෙරාගෙනයි සිටියේ.
වතුර බැස ගියාට පසු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ආවා. ඒකත් මුළුමනින්ම විනාශ වෙලා. ඒක නිසා මාතර බෝධිය ළඟට ගිහින් පුටුවක් හා මේසයක් තබා ගෙන සහන රාජකාරි කටයුතු ආරම්භ කළා. ගෙදර අය ගැනත් එතැන සිට සොයා බැලූවා. පුතා ගමනක් ගිහින් ගෙදරට ආවේ නැති බව දැනගන්න ලැබුණා.
ඒ නිසා රාත‍්‍රී වන විට පොලිසිය සමග ඔහු සොයමින් ගියා. රෝහල්වල මෘත ශරීර පවා පරීක්ෂා කළා. ඒත් හමුවුණේ නැහැ. පසු දින දැන ගන්න ලැබුණා පුතා ජීවතුන් අතර සිටින බව. අපි සියලූ දෙනා එකතු වෙලා ඉක්මනින් මාතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළා.
මාතර කොටුව පදිංචි ටී.එච්. ජයත් විපුල මහතාගේ මුළු පවුලම සුනාමි ව්‍යසනය බිලි ගත්තේය. ඔහුගේ මව, පියා, බිරිඳ මෙන්ම අවුරුදු 07ක් හා මාස 02ක් වයසැතිව සිටි පුතුන් දෙදෙනාද සිය ජීවිතවලින් වන්දි ගෙවන ලදී. විපුල මහතා ඒ වන විට මාතර මහජන පොළට බඩු ගෙන ඒමට ගොස් තිබුණා.
ඔහු සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.
මම පොළේදියි සුනාමියට අසු වුණේ. දුවලා ගිහින් බේරුණා. ටික වේලාවකට පසු කොටුවට ඇවිත් බලන විට ගෙවල් එකක්වත් නැහැ. පන්සල විතරයි බේරිලා තිබුණේ. මගේ ගෙදර හිටපු පස් දෙනාම සුනාමියට ගසාගෙන ගිහින්. චූටි පුතාගේ සිරුර විතරයි හමු වුණේ. අනේ මගේ පවුලම මට නැති වුණා. අලූතින් නිවසක් හමුවුණේ රස්සන්දෙනියෙන්. දැන් ඒකේ ජීවත් වෙනවා. දරු පවුල සිටි නිවස තිබූ ඉඩමත් මම විකුණලා දැම්මා.
වැලිගම, පැලෑන සුනාමි ගම්මානයේ පදිංචි එම්.ඒ. දිනේෂා උදයංගනී මහත්මිය
සුනාමියට හසු වන විට මගේ ලොකු පුතා රවිඳුට වසර දෙකයි. දුව ජානකීට මාස තුනයි. මහත්තයා ඒ වෙලාවෙ ගෙදර හිටියේ නැහැ. මම දරුවන් දෙන්න වඩාගෙන පන්සල් ගොඩ පැත්තේ කන්දකට දුව ගෙන ගියා. යද්දි වතුරට අහුවුණා. පොල් ගහක එල්ලිලයි බේරුණේ.අද මගේ දුවට වයස 13යි, පුතාට අවුරුදු 14යි. අපිටත් සුනාමි ගෙයක් ලැබුණා. ලෝඞ්ස්ටාර් ආයතනයෙන් දුන්නේ. මේ ගෙවල් කියන්න තරම් වරදක් නැහැ.
සුනාමි ව්‍යසනයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ වටිනා ජීවිත 4214ක් අහිමි විය. විශේෂයෙන්ම ඒ අතරින් වැඩිම හානිය සිදුවුණේ පැ?ලිය දුම්රිය අනතුරෙන්. එම දුම්රියේ ගමන් කළ දෙදහසකට ආසන්න පිරිසකට මුහුදු බත් වීමට සිදුවිය.
අංක 8050 දරන කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ශීග‍්‍රගාමී දුම්රියේ ප‍්‍රධාන රියදුරා මෙන්ම රිය සහායකයා ද එම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
දුම්රිය කාර්ය මණ්ඩලය අතුරින් දිවි බේරා ගැනීමට සමත් වූයේ ප‍්‍රධාන දුම්රිය නියාමක වනිගරත්න කරුණාතිලක උප නියාමක ආර්.යූ. ගුණරත්න යන මහත්වරු පමණි. වනිගරත්න කරුණාතිලක මහතා අහම්බෙන් අපට හමුවූයේ වැලිගමදීය.
වසර 13කට පෙර තමා මුහුණ දුන් බිහිසුණුම අත්දැකීම ඔහු මෙසේ විස්තර කළේය.
අපි උදෑසන 6.40 කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළා. ප‍්‍රධාන රියදුරු ලෙස ජානක ප‍්‍රනාන්දු හා රිය සහායක ලෙස සිවයෝගනාදන් කටයුතු කළා. අපි නියමිත වෙලාවට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණියා.
අංක 585 සංඥා කණුව අසල කහ පැහැති විදුලි ආලෝකය වැටී තිබූ නිසා දුම්රිය නතර කළා. මිනිත්තු කිහිපයක් තුළ දී එක පාරටම මුහුදු රළක් ආවා. මිනිස්සු මර ලතෝනි දෙන්න පටන් ගත්තා. කාර් වාහන උඩ පාවෙන්න පටන් ගත්තා. ගෑණු ළමයෙක් කොහොඹ ගසක අත්තක රැඳි සිටියා. මම එයාව අල්ලලා දුම්රිය ඇතුළෙන් ගෙනත් තැබුවා. තවත් අවුරුදු 10ක විතර ළමයෙක් ගේට්ටුවක් අල්ලාගෙන සිටියා. මම එයාවත් අල්ලලා දුම්රිය මැදිරියෙන් තැබුවා.
ඒ වන විට මගීන් දුම්රිය වීදුරු වහගෙනයි තිබුණේ. මම අරින්න කියලා කෑ ගැසුවා. ඒ සමගම තවත් විශාල වතුර පාරක් ඇවිත් දුම්රිය පෙරළෙන්න ගත්තා. ඒ වන විට මගීන් ඉතිපිසෝ ගාථාවයි, පිරිත් කියමිනුයි සිටියේ. ඒ රළ පහරට මැදිරි අටම ගසා ගෙන ගියා. මම බොහොම අමාරුවෙන් දුම්රිය ජනේලයෙන් වහලයට ගොඩ වුණා. ඒ අසල ලේ පෙරාගෙන සිටි දහ දෙනෙක් පමණ අත දීලා උඩට ගත්තා. ටික වේලාවකින් මම බැහැලා ගිහින් බලද්දි දුම්රිය රියදුරු හා රිය සහායක දෙදෙනාම එන්ජිම තුළ මිය ගොස් තිබුණා. මගේ උපනියාමක අතුරුදහන් වෙලා.
පාරවල් සියල්ලම යට වෙලා තිබුණේ. මගේ ඇඳුනුත් ගැලවිලා තිබුණෙ. මගදී හමු වූ අයකු මට සරමක් දුන්නා. ඒක ඇඳගෙන මීටියාගොඩ පොලිසියට ගිහින් සිදු වූ විපත ගැන පැමිණිලි කළා. එතනදී තමයි දැන ගත්තේ රටටම එවැනි දෙයක් සිදුවෙලා කියලා. බොහොම අමාරුවෙන් වාහනයකට ගොඩ වෙලා වැලිගමට ඇවිත් බලන විට මගේ ගෙයත් සුනාමියට අසුවෙලා. ඒත් පවුලේ අය බේරිලා තිබුණා. මට මගේ ජීවිතයේ කවදාවත් මේ සිද්ධිය අමතක වෙන්නේ නැහැ. මම හරියට මැරිලා ජීවත් වූ කෙනෙක් වගෙයි.
කෙසේ වෙතත් මෙම අනතුර ලෝකයේ සිදු වූ විශාලතම රිය අනතුර ලෙස ද සැලකෙයි. දුම්රියේ ඒ වන විට සිටි මගීන්ගෙන් දිවි ගලවාගෙන තිබුණේ අටසීයකටත් අඩු පිරිසක්.
ඒ පිළිබඳව අදහස් දැක්වූ පැරැලිය පදුම ගම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති පෑරැලියේ විමල හිමි මෙසේ කීහ.
”සුනාමියේ මතක සටහනක් ලෙස මේ දුම්රිය පැරැලිය තෙල්වත්තේ තබා තිබුණා. ඒක බලන්න විවිධ ප‍්‍රදේශවලින් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණියා. ටික කාලයකට පසු අලූත්වැඩියා කටයුතු යැයි පවසා එම දුම්රිය රැගෙන ගොස් තිබුණා. ඒක නැවත ගෙන්වා ගැනීමට අපි විශාල උත්සාහයක් කළා. ඒත් ඒක තවම හරි ගියේ නැහැ. අපිට ආරංචියි කොච්චිකඬේ දුම්රිය අංගනයේ මේ දුම්රිය දිරාපත් වෙන බව. ඒක යළි ගෙන්වා දෙන්න කියලා ලිඛිතව ඉල්ලීම් කළත් ඒ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප වී තිබෙනවා.
මේ පිළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතාගෙන් විමසූ විට කියා සිටියේ අදාළ දුම්රිය මැදිරි දෙමටගොඩ දුම්රිය අංගනයේ සුරක්ෂිතව තබා ඇති බවත් එය සංරක්ෂණය කර කෞතුක භාණ්ඩයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බවත්ය.
එය යකඩවලට විකිණීමට යන බවට නගන චෝදනා පදනම් විරහිත බව ද ඔහු වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් රුදුරු සුනාමිය මනුෂ්‍යත්වයේ හැඟීම් අවදි කළේය. එහෙත් අද වන විට ඒ හොඳ ගුණාංග ද සමාජයෙන් ඉවත් වෙමින් පවතී. එය සාමාන්‍ය තත්ත්වයකි. ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව කුඩා කාලයේ සිටම දරුවන්ට අවබෝධයක් ලබා දීම තුළ එවැනි තත්ත්වයකට මුහුණ දීම එතරම් අපහසු අභියෝගයක් නොවනු ඇත.