බුදුන්ගේ රස්තියාදුව කෘතිය පිළිබඳව උපුල් ශාන්ත සන්නස්ගල පළමු වරට මාද්‍යට කට අරි.,මෙන්න කිව්ව කතාව.

වත්මන් ආණ්ඩුව කලා කෘති වාරණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් ‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් 23 දින කොළඹදී පැවැත්විණි.
වාරණයට ලක්වූ කේ.කේ ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සම්බන්ධයෙන් එහි ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මෙසේ කියා සිටියේය.
‘බුදුන්ගේ රස්තියාදුව කෘතියේ මුද්‍රණකරුවා මම, ප්‍රකාශකයා මම බෙදාහරින්නෙත් මම. අපි එදා හැන්දෑවෙ කෘතිය ලෝන්ච් කරන්න සූදානම් වෙලා ඉන්න කොට
මිරිහාන පොලිසියෙන් ඇවිත් අත්අඩංගුවට ගත්තා. එ් වෙලාවෙ ලියුමක් ඉදිරිපත් කළා ඒක ගහලා තිබුනේ කමල් ජයසිංහ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ. මේක පොලිස්පතිට යවලා නියෝජ්‍ය පොලිස්පතිට යවලා තිබුනේ. පසුව මේ විදිහට අත්අඩංගුවට අරන් අපිව මිරිහාන පොලිසියට අරන් ගියා. තිබුණ පොත් 500 ඇතුලු සියල්ලත් අරගෙන. පොලිසිය ඒ වෙලාවෙ අපිව උසාවි දාන්න ලියකියවිලි සූදානම් කරල තිබුණා.

නමුත් විශාල අරගලයක් කරල අපි එදා එතැනින් නිදහස් වුණා. පස්සෙ උත්සවය තිබ්බා. පස්සෙ පොත පොත් සාප්පු වලට දැම්මම පොත් සාප්පුවල මේ පොත නැහැ.
ඒ බෞද්ධ කියන කන්ඩායම විසින්ම මේ පොතේ පීඩීඑෆ් එකක් ගහනවා. ටයිප් සෙට් කරපු එක නෙමෙයි. පොත ස්කෑන් කරනවා. සහ ඊට ව්‍යාජ පෙරවදනක් දානවා. ඒකෙ කුඩා දරුවෙකුගෙ බෙල්ලෙ කුරුසයක් දානවා. දාලා ඒ පීඩීඑෆ් එක ප්‍රචාරය කරනවා. ඊට පස්සෙ පොත් සාප්පු වලට දුරකථනයෙන් කතාකරලා තර්ජනය කරනවා. ඇතැම් පොත් සාප්පුවලට කතාකරල තියෙන්නෙ මල්වතු අස්ගිරි නාහිමිවරු ඒ නිසා පොත් සාප්පු හිමියන් තිගැස්මට පත්වෙනවා.

දැන් ඉන්නව සංස්කෘතික ඇමතිවරයෙක් ඔහු සින්දු එහෙමත් ලියල තියනවා සීඩී එකක් ගහල තියනවා. චිත්‍රපටියකුත් නිෂ්පාදනය කරල තියනවා. ඒ කියන්නේ කලාකරුවෙක් වෙන්න උත්සාහ දරපු කෙනෙක්. එයාගෙ නම විජේදාස රාජපක්ෂ. අපිට ප්‍රශ්නයක් තියනවා මේ ඇමතිවරයා සංස්කෘතිකද කියලා.
පරිකල්පනය දෙවියන්ටවත් යටත් නෑ කියල අපට උගන්වන්නේ.ඇදහීම් කණ්ඩායම් විසින් කලාව වාරණය කරනවා නම් අපි ඉන්නෙ මහ ගෝත්‍රවාදී සමාජයක.
අපි කියන්නෙ සංවාද කරන්න. විචාරය කරන්න හාරවුස්සන්න. ඒත් වාරණය තේරුමක් නෑ කියලා.පන්සිය පනස් ජාතකය බෞද්ධයින් හිතන්නෙ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනයක් කියල. නමුත් සාහිත්‍යෙය්දී කපාකොටා පරිහරණය කෙරෙනවා. එහෙම රයිට් එකක් තියනවා ලේඛකයින්ට.‘

ආහාර වේලකට නැතුවම බැරි දෙයක් වන ලුණු වැඩිපුර ගත්තොත් ඇත්තටම කුමක් වෙයිද.හේතුව ඇසුවොත් ඔබ ලුණු කන එකක් නෑ.

ශ්‍රී ලංකාවේ අපට, ආහාර වේලක තිබිය යුතුම දෙයක් ලෙස ‘ ලුණු ‘ හැඳින්විය හැකි ය. ලුණු, රස තරම් ම, අපේ ශරීරයට හිත කර නැති බව ඔබ දන්නවාද? ලුණු වැඩිපුර ගත්තොත්, විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. මේ ඉන් කිහිපයකි

1. අධික පිපාසය

ලුණු බහුල ආහාර අපි ආහාරයට ගත්තාම බොහෝවිට අපිට පිපාසයක් දැනෙනවා. මේ අධිකව දැනෙන පිපාසය මඟ හරින්න නම් එපා. චිප්ස් වගේ ලුණු බහුල ආහාර ගත්තම ඔබ හැකි තරම් වතුර පානය කරන්න. මේ තුලින් ඔබගේ සෛලවල ලුණු සාන්ද්‍රණය සමතුලිත කිරීමේ හැකියාව ඇත.

2. ඔබගේ ශරීරය ඉදිමීම

ඔබ දන්නවද රාත්‍රියට අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඔබගේ උදැසනට ඔබගේ ශරීරය ඉදිමුම් ඇති විය හැකි බව. මෙම තත්වය edema ලෙස හදුන්වනවා. මෙහිදී සිදු වෙන්නේ ඔබගේ මාංශ පෙශින්වල වල අමතර ජාල තරලයක් එකතු වීමයි. මෙය සම යට පවත්නා රෝග ලක්ෂණයක්. මෙය ඔබ ගන්න ලුණු ප්‍රමාණය ඉතාමත් අධික බවට ඔබට කරන සංඥාවක්. ඒ නිසා ඔබ සෑමවිටම ලුණු අඩු ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.

3. මුත්‍රා ගල් ඇති වීම

අධ්ක ලෙස ලුණු ආහාරයට ගනීමෙන් ඔබගේ මුත්‍රාවලට ප්‍රෝටීන් එකතු වීමක් සිදු වෙනවා. මෙය පසු කාලීනව මුත්‍රා ගල් ලෙස වර්ධනය වෙනවා. මෙය ඉතාමත් අවදානම් සහගත තත්වයක්. යටි බඩේ වේදනාවක් දැනෙනවා නම්, ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුයි.

4. බඩ වැල්වල තුවාල ඇති වෙන්න පුළුවන්

ඕනවට වඩා ලුණු ආහාරයට ගැනීම ඔබගේ බඩ වැල්වල තුවාල ඇති වීමට හේතුවක්. මෙය පිළිකා තත්වයක් ලෙස වර්ධනය විය හැකියි. අපි දිව පිනවන්න හිතාගෙන ලුණු ආහාරයට ගත්තට, එයින් වන අතුරු ප්‍රතිඵල නම් ඉතාමත් භයානකයි. එම නිසා සැම විටම ඉතාමත් අඩුවෙන් ලුණු ආහාරයට ගැනීමට පුරුදු වන්න.

5. අධි රුධිර පීඩනය

සමාන්‍යයෙන් දිනකට ලුණු ආහාරයට ගත යුත්තේ මිලිග්‍රෑම් 1,500 පමණ ප්‍රමණයක්. නියමිත ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීමෙන් ඔබ රෝගී තත්ත්වයට පත් විය හැකියි. ඕනවට වඩා ලුණු කන කෙනෙක් නම් ඔබට අධි රුධිර පීඩන තත්ත්වයක් වුවද හට ගන්න පුළුවන්. මේ තත්ත්වය ඉතාමත් භයානකයි.

6. ලුණු වෙනම සංග්‍රහ කරන්න.

ආහාර පිළිගැන්විමේදී ලුණු වෙනම සංග්‍රහ කරනවා නම් ඉතාමත් හොඳයි. එවිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දිනකට අපට අවශ්‍ය වන්නේ ලුණු මිලිග්‍රෑම් 1,150 පමණයි. ඒ කියන්නේ තේ හැන්ඳකින් එකක් පමණය. ඒ නිසා ඔබගේ ශරීරයට හිතකර ආකාරයට ලුණු ආහාරට ගන්න.

කිසිම කෙනෙක්ට නොකියා නිවසෙන් පිටවීගිය තරුණිය මාස 6කට පසු වෙනත් නිවසකදී හමුවූ හැටි.හොයාගන්න විට දැරියට කරලා තියෙන දේ බලන්නකෝ.

නිවසින් අතුරුදන් වූ වයස අවුරුදු 14 යි මාස 3ක බාලවයස්‌කාර දැරියක මාස 6 1/2 කට පමණ පසු වෙනත් නිවසක සිටියදී හමුවී ඇත.

කොස්‌වත්ත පොලිස්‌ වසමට අයත් කොස්‌වත්ත වෑකන්ද පාර පදිංචිව සිටි මෙම දැරිය මේ වසරේ ජනවාරි 02 වැනි දින නිවසේ කිසිවකුටත් නොකියා නිවසින් පිටවී ගොස්‌ තිබේ. ඇය නිවසින් අතුරුදන්වීම ගැන ඇයගේ සහෝදරිය කොස්‌වත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ. එහෙත් ඇය ගැන තොරතුරක්‌ අනාවරණය වී නැත.

2018 ජූලි 21 දින දැරියගේ මව විදේශගතව සිට පැමිණ ඇය ගැන සොයා බලා ඇත. එම සොයා බැලීමේදී මාරවිල පොලිස්‌ වසමට අයත් වලහපිටිය ප්‍රදේශයේ නිවසක දැරිය සිටින බවට දැනගන්නට ලැබී මාරවිල පොලිස්‌ ස්‌ථානයට මේ බව දන්වා තිබේ.

පසුව මාරවිල පොලිසියේ නිලධාරීන් සමඟ ගොස්‌ දැරිය කැඳවාගෙන පැමිණීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීමට කොස්‌වත්ත පොලිසියට බාරදී ඇත.

කොස්‌වත්ත පොලිසියට ප්‍රකාශයක්‌ ලබාදී ඇති දැරිය තමා ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන ලද වලහපිටියේ පදිංචි තරුණයකු සමඟ අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර පදිංචි ඔහුගේ ඥති නිවසකට ගිය බවත් එහිදී තමා දූෂණයට ලක්‌වූ බවත් කියා තිබේ. ඒ අනුව 2018 ජනවාරි 06 දින අනුරාධපුර පොලිස්‌ වසමේදී ස්‌ත්‍රී දූෂණයක්‌ සිදුවී ඇති බැවින් එම ස්‌ථානය සටහන් කර එවන ලෙසට කොස්‌වත්ත පොලිසිය අනුරාධපුර පොලිසියට දැනුම් දී ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

දුම්රිය ගාස්තු 15%කින් ඉහල යයි.රුපියල් 10 ටිකට් එකටත් කිලෝමීටර් ගණන අඩු වුන හැටි.

ඔක්තෝම්බර් මස 01 වනදා සිට දුම්රිය ගාස්තු15% කින් ඉහළ දමන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජී එස් විතානගේ මහතා කියා සිටියේ ඊට අදාළ ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදරිපත් කර තිබෙන බවයි.මෙන්න රුපියල් 10 ටිකට් එකත් වෙනස් වෙන හැටි.

පහත වීඩියෝව නරඹා ඒ තුලින් මේ සියල්ල හරියටම දැනගන්න.

මද්‍යම කඳුකරයට අදික ලෙස වර්ෂාව වැටෙයි.මුළු මාර්ගයම බලාගෙන ඉද්දි පස් වලින් වැහෙයි.

මේ දිනවල ඇදහැලෙන වර්ෂාව ප්‍රදේශ කිහිපයකට බලපෑ තිබෙනවා.ඒ අතර මද්‍යම කඳුකර වලට මේ තත්වය දැඩි ලෙස බලපෑ තිබෙනවා.පස් කඳු කඩා වැටීම නිසා මාර්ග දාවනයටද දැඩි ලෙස බලපෑ තිබෙනවා.මේ කියන්න යන්නෙත් එලෙස පස්කඳු කඩා වැටී විනාස වූ ප්‍රදේශයක් ගැන.මෙන්න පහත වීඩියෝව තුලින් නරඹන්න.

https://www.facebook.com/hirunews/videos/702899453403748/