තනිකඩ ජීවිතෙට තිත තියලා ළඟදීම විවාහ වෙනවා.මෙන්න තාරුකා විවාහය ගැන කිව්ව අනාවකිය.

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයන් අතර හිරු නාළිකාවේ විකාශය වෙන ‘පත්තිනි’ ටෙලි නාට්‍යයට සුවිශේෂී තැනක් හිමි වෙලා තියෙන බව ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් දැනගන්න ලැබුණා. මෙහි පත්තිනි චරිතය නිරූපණය කරන්නේ පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි.

අද නිවාඩු ලැබිලා වගේ?
ඔව්. පොඩි නිවාඩුවක් ලැබුණා.
ආරංචි වුණේ නම් ‘ගොඩක් කාර්යබහුල’ වෙලා කියලා.
කාර්යබහුලයි කියන්නේ මෙහෙමයි. ටෙලි නාට්‍ය දෙකක් මේ දවස් වල විකාශය වෙනවා. තව ෆිල්ම් එකක වැඩ කරගෙන යනවා. ඒකෙත් වැඩ ඉවර වෙමින් තමයි තියෙන්නේ.

ප්‍රථම වතාවට ඓතිහාසික ටෙලි නාට්‍යකට දායක වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්. ‘පත්තිනි’ ටෙලි නාට්‍යයට. කියන්න සතුටුයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් කරන හොඳම ටෙලි නාට්‍ය තමා ‘පත්තිනි’ කියන්නේ.

‘පත්තිනි’ කියන චරිතය විටෙක ඔබට අභියෝගයක් වෙන්න ඇති නේද?
ඔව්. ‘පත්තිනි’ කියන්නේ ගොඩක් දෙනා අදහන දේව චරිතයක්. ඒ වගේම ඒ වගේ චරිතයක් කරද්දී අපිත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන, මොකද ඒ වගේ චරිතයකට හානියක් නොවෙන්න සහ අපිට හානි කරගන්නේ නැතුව චරිතයට සාධාරණයක් කරන්න. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙනවා ඒ චරිතය නිරුපණය කරද්දී. ඒ වගේම පිටපතින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මට මේ ටෙලි නාට්‍ය ඇතුළේ අහියෝගයක් නැහැ. නමුත් මට මම කරන චරිතය මිනිසුන් කොහොම වැළඳ ගනීද කියන අභියෝගය තිබුණා .

ඇයි ඒ වගේ අභියෝගයක් එයි කියලා හිතුවේ?
මොකද ‘පත්තිනි’ කියලා ෆිල්ම් එකක් ආවා. එයින් පස්සේ ටෙලි නාට්‍යය මේ යන්නේ. සමහර වෙලාවට මිනිස්සු දෙක සංසන්දනය කරනවා නේ. ෆිල්ම් ඒකයි ඩ්‍රාමා ඒකයි. හැබැයි ෆිල්ම් එක කියන්නේ වෙනම පැත්තක්, ඩ්‍රාමා එක කියන්නේ වෙනම විදියකට කෙරෙන එකක්.

ඔබ ඔය කියන සංසන්දනය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර වලදී දකිනවද?
නෑ නෑ . එහෙම නෑ. මම මුලින්ම හිතුවේ, ඒ කිව්වේ විකාශය වෙන්න කලින් එහෙම දෙයක් වෙයි කියලා. දැන් දැනෙන දේ තමා ෆිල්ම් එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ටෙලි නාට්‍ය ගැන තමා හැමෝම කියන්නේ. ඇත්තටම ඒක සතුටක්. ප්‍රේක්ෂකයන් වෙනම ඇහැකින් දකින එක ගැන ගොඩක් සතුටුයි.

අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නෙමෙයි නේද මේ චරිතය ?
ඔව්. තුෂාරි අක්කා මේ කතාව ලියද්දීම එයාගේ හිතේ මාව ඇඳිලා තිබුණා කියලා එයා මට කිව්වා. මම මිට කලින් තුෂාරි අක්කත් එක්ක වැඩ කරලා තියෙනවා. මේ ටෙලි නාට්‍ය වැඩ පටන් ගන්න දවස් කිහිපයකට පෙර මම රියැලටි වැඩසටහනකට සම්බන්ධ වෙලයි හිටියේ. හැබැයි කොහොමහරි දින හැදුණා ටෙලි නාට්‍ය වෙනුවෙන්ම. මම හිතන්නේ ඒකත් වුණේ මටම ලැබෙන්න තිබුණ නිසාම ද දන්නේ නැහැ. කාර්යබහුලත්වය මැද්දේ වුවත් කොහොමහරි ඒකට අවශ්‍ය දින ටික හදාගෙන ඒකට දායක වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමා දැන් ලැබෙන්නේ.

තවත් ටෙලි නාට්‍යයක් මේ දිනවල විකාශය වෙනවා නේද?
ඔව්. හිරු නාළිකාවෙම සතියේ දවස් වල ‘කවුරුන්ද නුඹ මගේ’ කියන ටෙලි නාට්‍යය. අවසාන කොටස් හරිය තමා දැන් යන්නේ. ඒකත් ඉක්මනට ඉවර වෙයි.

රූපවාහිනී නාළිකාවක දින 7 පුරාම ටෙලි නාට්‍ය දෙකක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම එක්තරා වාසනාවක් නේද?
එහෙම හිතනවා. මොකද එකෙත් සුවිශේෂිත්වයක් තියෙනවා. කාල දෙකක්, වකවානු දෙකක චරිත ස්වරූපයන් දෙකක්.භාෂාවන් දෙකක්. මම හිතන්නේ රංගනයේ හැකියාවන් පෙන්නවන්න හොඳ අවස්ථාවක්.

අලුත් ෆිල්ම් කිහිපයක වැඩ පටන් ගත්තා කියලා කිව්වා නේද?
ඔව්. එකක් ‘ටවුමේ ස්කෝලේ’ කියලා, අනිත් එක සුසන්ත ධර්මප්‍රිය මහත්මයාගේ ‘රිලෝඩ්’ කියන ෆිල්ම් එක. යම රජ්ජුරුවන්ගේ දුව විදියට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. මම හිතන්නේ ඒකත් ගොඩක් වෙනස්ම කතාවක්. ඒකත් ඉක්මනටම ප්‍රේක්ෂකයන් අතරට එයි.

‘තාරුකා මුලදී හරිම නිහඬ කෙනෙක්. හැබැයි දැන් නම් ඒ වගේ නැහැ. කියවනවත් වැඩියි‘ කවුරුත් ඔබට මේ විදියට කියලා නැද්ද?
අයියෝ… ඔව්. කියලා තියෙනවා. මම ඒ දේ පිළිගන්නවා. හොඳම උදාහරණය ‘පත්තිනි’ ටෙලි නාට්‍ය. එකේ ඉන්නේ මටම හරියන සෙට් එකක්. සමහර වෙලාවට කියනවා මෙයා හිනාවෙනවා වැඩි කියලා. ඒ වුණාට ඒ අයම පස්සේ කියනවා, හිනාවෙලා ඉන්න එක හොඳයි කියලා. කියවනවා වැඩි කියන්නේ මෙහෙමයි, ගොඩක් අය සෙට් වුණු වෙලාවක හොඳට කතා කරනවා. එක පාරටම හැමෝමත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. චුට්ටක් ෆිට් වුණාට පස්සේ ඉවරයක් නැතුව කතා කරනවා.

තරුකාට දැන් කල වයසත් හරි කියලා ගෙදරින් කියන් නැද්ද ?
ඒ දේට නම් ගෙදර අය හොයනවා. මගේ ජිවිතේ ගෙවුණු කාලයත් එක්ක හොඳ වෙලාවේදී මට ඒ දේවල් ලැබුණා. විවාහය කියන දේත් හොඳ කාලේදී වෙයි. හැබැයි අනිවාර්යෙන්ම ළඟදීම තනිකඩ ජීවිතේට තිත තියන්න බලාගෙන ඉන්නවා.

(නිලු­පුලි සඳ­කැ­ලුම්)

උපුටා ගැනීම dinamina.lk

පිරිමි දරුවන් දෙදෙනෙක්ව කැලයකට අරගෙන ගොස් අතවර කරන්න හැදු මාදම්පේ පුද්ගලයට ගමේ අය කරපු දේ.

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු කැලයකට රැගෙන ගොස් අතවර කිරීමට ගිය පුද්ගලයෙකු ගම්වැසියන් විසින් අල්ලාගෙන මාදම්පේ පොලිසියට භාර දී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ඊයේ (29) පස්වරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කැරිණි .අත්අඩංගුවට පත් වූ සැකකරු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු බව මේ වන විට අනාවරණය වී ඇත. මොහු කලක් විදේශ ගතව සිට පැමිණ ඇති අතර මේ වන විට මොහුගේ බිරිද විදේශ ගතව සේවය කරයි.

කලක සිටම තමා යතුරුපැදියෙන් ගමින් ගමට ගොස් මෙලෙස කුඩා දරුවන් සොයාගෙන ලිංගික අතවර කල බව සැකකරු පිළිගෙන ඇත. සමහර අවස්ථාවලදී කුඩා දරුවනට මුදල් පවා දුන් බව සැකකරු පිළිගෙන තිබේ.සිද්දිය වූ දින සැකකරු මේ කුඩා දරුවන් කැලයට රැගෙන ගොස් ඇත්තේ තමාට හාතවාරිය අවශ්‍ය වී ඇති අතර එය තමන් නොහදුනන බැවින් එය පෙන්වා දෙන ලෙස ඉල්ලමිනි.

මේ සිදුවීම විස්තර කල ගල්මුරුව පදිංචි තරුණයෙකු වන ලහිරු උදය කුමාර .මේ පුද්ගලයා කීපවරක්ම බයික් එකේ මේ ස්ථානයේ කැරකුනා. මේ නිසා අපිට මුල ඉදලම සැක හිතිලයි තිබුනේ. මාත් එක්ක මගේ යාලුවා දිනේෂ් චතුරංගත් හිටියා. ඒ ඉද්දි තමයි පොඩි පිරිමි ළමයි දෙන්නෙක් එක්ක මේ පුද්ගලයා කැලයට ගියේ. අපි මුලින් හිතුවේ මේ පුද්ගලයා ළමයි දෙන්නගේ කවුරු හරි කියල.මේ තුන් දෙනා කැලයට ගිහින් විනාඩි දහයක් විතර ගියා. අපිට නිකමට හිතුනා ගිහින් බලන්න ඕනෑ කියල. ඒ යනකොට තමයි දැක්කේ පොඩි ළමය අඩනවා. ලොකු පිරිමි ලමයව මේ මිනිහ බෙල්ල හිරකරගෙන අල්ලාගෙන ඉන්නවා. අපි දෙන්න ගහල ළමයි දෙන්නව බෙර ගත්තා. එතකොට මේ මිනිහ කිව්වා සල්ලි දෙන්නම් අත හරින්න කියල. අපි බැහැ කියල, ගමේ අයට කතා කලා. එත කොට තමයි ගමේම අය එකතු වෙලා මේ පුද්ගලයාට හොදටම ගහල පොලිසියට භාර දුන්නේ. අපි දෙන්න ඒ වෙලාවේ නොගිය නම් ළමයි දෙන්නට ලොකු කරදරයක් වෙන්න තිබුනා.

මේ සිදුවීමට මුහුණ දුන් දරු දෙදෙනාගේ මව සිද්දිය විස්තර කලේ මෙසේයි.

දරුවෝ දෙන්නා ගෙදරින් ගියේ යාලුවෙකුගේ ගෙදරට සෙල්ලම් කරන්න.ඒ යාලුවා සරුංගල් අරින්න වේලට ගිය ආරංචියට තමයි මගේ දරුවෝ දෙන්නත් වේලට ගිහින් තියෙන්නේ. ඒ යද්දී තමයි මේ පුද්ගලයා මගේ දරුවෝ දෙන්න රවට්ටගෙන කැලයට ගෙනහින් තියෙන්නේ. ගමේ තරුණයන් නොදැක්ක නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුන. සමහර විට මගේ දරුවෝ මරලා දාල යන්න පවා තිබුන.ඒ නිසා මම මේ තරුණයන්ට ස්තුති කරනවා. ඒ වගේම මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ දරුවන් ගැන මේ නිවාඩු කාලේ ලොකු අවධානයකින් ඉන්න කියලයි .

මාදම්පේ පොලිසිය මේ සිදුවීම් පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

හිංසනයට පත්වුණා දරුවෙක් ගැන කෝලිගේ හිත වුනු වෙයි.මෙන්න විරාත් කෝලි කිව්වා සංවේදී කතාව.

හිංසනයටපත් දැරිය පිළිබද කෝලිගේ හිත උනුවෙයි “අවස්තාවක් ලැබුනොත් මම මේ දරුවා හදාගන්නවා”

පුංචි දැරියකට පහර දෙමින් ගණන් කියාදෙන්න උත්සාහ දරන අයුරු රැගත් වීඩියෝපටයක් පසුගිය දවස්වල අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනාට දැක ගන්නට ලැබිණි. මෙය දුටු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි බොහෝ සෙයින් සංවේදී වෙලා.

“මේක බොහොම දුක්බර සිදුවීමක්. දරුවන්ට ඉගැන්විය යුතු බව ඇත්ත. ඒත් මේ අන්දමින් ඔවුන්ට හිරිහැර කරන්න අයතියක් නැහැ. මේකට වගකිව යුත්තන්ගෙ අවධානය යොමු විය යුතුයි.”කෝලි පවසන්නෙ දැඩි හිත් වේදනාවකින්. ඒ විතරක් නෙවෙයි. අවස්ථාවක් ඇතොත් දරුවා රැක බලාගන්න පවා ඔහු ඉදිරිපත් වෙලා. ඔහු විතරක් නෙවෙයි, ෂිකර් ධාවන් සහ ඔහුගේ බිරිය අයේෂා, යුවරාජ් සිං, රොබින් උතප්පා ද මේ දරුවා රැකබලා ගැනීමට තම දායකත්වය ලබා දෙන්න සූදානම් බව තම ට්විටර් අඩවිවල සඳහන් කොට තිබෙනවා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

දෙවැනි ඉනිමේ සෙනාලි ටීචර්ගේ ජීවිතය ගැන කිසි දිනක හෙළි නොකළ සංවේදී කතාව මෙන්න.

“මට අප්පච්චි නැහැ. ඒ වගේම මගේ අම්මා අංශභාග රෝගියෙක්” දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් (හිමායා) කියන කතාව

ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත් වී හමාරය. එම චරිතයට පණ ‍පොවන රංගන ශිල්පිනිය වන්නේ හිමායා බණ්ඩාරය. දෙවෙනි ඉනිමේ ඇගේ භූමිකාව ගැන මෙන්ම, සිය රංගන දිවිය ගැනද තොරතුරු කියන්නට හිමායා මෙලෙස සංවාදයට එක්වූවාය.

*හිමායා නිළියක් විදිහට වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්ගේ චරිතයෙන්. කොහොමද දැන් සොනාලි ටීචර්ට ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර ගැන නම් හිතාගන්න බැහැ. මට හිතෙනවා සොනාලි ටීචර්ට අද අපේ රටේ වෙනම ටේ‍රන්ඩ් එකක් හදන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම ගුරුවරිය කියන භූමිකාව මිතුරියක් වගේ සමීප සම්බන්ධයක් බවට පත් කරන්නටත් අද වෙනකොට සොනාලි ටීචර්ට පුළුවන් වෙලා තියෙනවා.

*හිමායාට සොනාලි ටීචර් වෙන්න අවස්ථාව උදා වුණේ කොහොමද?

මට මීට කලිනුත් දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂවරයා සමග වැඩි කරලා තියෙනවා. ඒත් සොනාලි ටීචර්ගේ චරිතයට තෝරා ගත්තේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සෙයි. ඒ සඳහා ඉදිරිපත් වුණ පහළොස් දෙනෙක් අතරින් මට දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් වෙන්න අවස්ථාව ලැබුණා.*දඟකාර හිමායාට තැන්පත් සොනාලි ටීචර් වෙන්න ලැබිම අභියෝගයක් වුණාද?

ඇත්තටම ඒක අභියෝගක් වුණා තමයි. ඒත් දෙවෙනි ඉනිම කණ්ඩායමෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මම සොනාලි වෙන්න කලින ගුරුවරිය කියන භූමිකාව ගැන හොඳ අධ්‍යයනයක් කළා. මේ වෙද්දි මට ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතාගන්න පුළුවන් මට ඒ අභියෝගය හොඳින්ම ජයගත්තා කියලා.

Related image

*එතකොට හිමායා කියන්නේ සැබෑ ජීවිතයේදීත් සොනාලි වගේ කෙනෙක්ද?

අ‍පොයි නැහැ. මම ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද හිමායා කියන්නේ දඟකාර වගේම හරියට ‍පොඩි ළමයෙක් වගේ කෙනෙක්. ඒත් සොනාලි කියන්නේ හරිම තැන්පත් පරමාදර්ශී චරිතයක්. නමුත් මට දැන් සැබෑ ජීවිතයේදීත් සොනාලිගේ භූමිකාවෙන් මිදෙන්න අමාරුයි. ඒ නිසා මම ඇඳුම් තෝරා ගනිද්දි පවා සොනාලි ටීචර් කියන ප්‍රතිරූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.

Image result for himaya bandara

Image result for himaya bandara

 

*ටෙලි නිර්මාණවලින් ජනප්‍රිය වුණාට පස්සේ හිමායට සිනමා රංගනය සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?

මේ වෙනකොටත් මම සිනමාවට පිවිසිලා ඉවරයි. ඒ “සාම” කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙන්. බෞද්ධ චිත්‍රපටියකින් සිනමාවට ප්‍රධාන චරිතයකින් අවතීර්ණ වෙන්න ලැබිම මගේ වාසනාවක්. ඒත් ඒ චිත්‍රපටය නම් තවමත් ප්‍රමාදයි.

*හිමායා මේ වෙන කොට ආදරවන්තියක් කීවොත් හරිද?

ඔව්. මම මගේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් බොහෝම ඉස්සරහිනුයි ඉන්නේ. ඒ අතර සමහර තැන්වලදී හැම කට්ටියටම මුහුණ දෙන්න වෙන අවස්ථා නැතුවම නොවෙයි. ඒත් ආදරවන්තියක් විදිහට මම හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

Related image

*හිමායා බණ්ඩාරට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

මට අප්පච්චි නැහැ. ඒ වගේම මගේ අම්මා අංශභාග රෝගියෙක්. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ නවක රංගන ශිල්පිනියන් පිටිපස්සෙන් ඇවිත් එයාලා එක්කම හිඳගෙන හරි මග කියලා දෙනවා. මට එහෙම නැහැ. නමුත් මගේ අම්මගේ නිහඬ ආශිර්වාදය මාව නිතරම ශක්තිමත් කරනවා.

සමන්මලි නැලිගම

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

ලංකාවේ ආන්දෝලනාත්මක කතාවකට තුඩු දුන් නදීර නොනිස්ගේ අලුත් සුපිරි සින්දුව මෙන්න.

නදීර නෝනිස් විසින් ගායනය කරන “ඔබ නොඑන කාරණේ” නම් ගීතය ගැන විවාදාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. මෙම ගීතය Youtube හි දක්නට ලැබෙනවා. ඇත්තටමත් මිනීමැරුමක සම්බන්ධයකුත් හෙළිවෙලා.බලන්නකෝ මියුසික් වීඩියෝව කොහොමද කියලා.මෙන්න පහතින් එම වීඩියෝව.

https://youtu.be/ha0cd1ls6-s

අවුරුදු 4 පිරිමි දරුවෙක්ට කියල බලෙන් දුෂණය වුන අවුරුදු 18 අසහනකාරී අක්කට වුන දේ.

වයස අවුරුදු 4 ක කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කළ 18 හැවිරිදි තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලින්.අදාළ තරුණිය කුඩා දරුවන් බලාගන්නා තැනැත්තියක් බවටයි වාර්තා වී ඇත්තේ.

මෙම තරුණිය විසින් අදාළ ළමයා අපයෝජනය කල බවට දරුවාගේ මව විසින් චෝදනා එල්ලකලද මුල් අවස්ථාවේ සැකකාර තරුණිය විසින් එය ප්‍රතික්ෂේප කළා.නමුත් අධිකරණය විසින් සිදුකළ DNA පරීක්ෂාවේදී අදාළ තරුණියගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සහ පියයුරු ආශ්‍රිතව තිබූ DNA සාම්පල මෙම කුඩා දරුවාගේ DNA සමඟ ගැලපීමත් සමඟ අදාළ සිදුවීම තහවුරු වී තිබෙනවා.සාක්ෂි සනාථ වීමත් සමඟ තරුණිය විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දරුවාගේ මව නිවසේ නොමැති අවස්ථාවේ මෙම තරුණිය නිවසේ තනිව සිටි කුඩා දරුවා සමඟ ලිංගිකව එක්වීමට උත්සහ කර තිබෙනවා.එයට දරුවා විරුද්ධ වීමත් සමඟ එම තරුණිය බලහත්කාරයෙන් දරුවා අපයෝජනය කර ඇති බවටයි වාර්තා වන්නේ.පසුව අදාළ කුඩා දරුවා විසින් තම මවට මේ පිළිබඳව දැනුම්දීමත් සමඟ මව විසින් තරුණියට විරුද්ධව පැමිණිලි කර තිබෙනවා.අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකාර තරුණියට ඩොලර් හැත්තෑපන්දහසක දඩයක් නියම කර ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

උපුටා ගැනීම gossiplankasinhala.lk

ප්‍රභාකරන් ගැන යුධ හමුදාපති කිසිදිනක හෙළි නොකළ රහසක් හෙළි කල හැටි.

මහේෂ් සේනානායක යුද හමුදාවට බැඳෙන්න කැමැත්තක් ඇති වුණේ කොයි කාලෙද? මොනවද ඒකට හේතු වුනේ?

මෙහෙමයි මගේ සීයා යුද හමුදාවේ සේවය කළේ. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මම පොඩි කාලෙ හැදුණෙ ඇන්ඩර්සන් පොලිස් නිවාස වල. පුංචි කාලෙ ඉඳලම මම දැක්කෙ නිළ ඇඳුම්. හැත්තෑ එකේ කැරැල්ල වෙලාවේ අපේ තාත්තා ඇතුලු නිළධාරීන් අවි ඇතැතිව කළ රාජකාරිය අපි දැක්කා. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. අපේ කාලේ විදුහල්පති කර්නල් ඩී ඩබ්ලිව් රාජපක්ෂ. ඔහු හරියට ළමයින් අඳුනාගත්තා. පන්තියේ ළමයින්ගෙන් කවුද දොස්තර වෙන්නෙ කවුද ඉංජිනේරුවරයෙක් වෙන්නෙ කවුද හමුදා නිලධාරීන් වෙන්නෙ කවුද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔහුට තිබුණා. මම හොඳින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වුණා. හැබැයි පාසලේ කරපු ක්‍රියාකාරකම් එක්ක ඔහු හිතුවේ මම යන්න ඕන හමුදාවට කියලා. විදුහල්පති මගේ මව්පියන් ගෙන්වලා කිව්වා මෙයාව කැඩෙට් කරන්න යොමු කරන්න කියලා

හමුදාවට බැඳුණු කොයි අවුරුද්දේද?

1981 ඔක්තෝම්බර් 16 වැනිදා මම යුද හමුදාවට බැඳුණා. කඩෙට් නිලධාරීන් අංක 16 බඳවාගැනීම් යටතේ තමයි මම බැඳුණේ දියතලාව හමුදා අභ්‍යාස විද්‍යාලයේ මස 20 ක පමණ කාලයකින් පසුව 1983 ජූනි 23 වැනිදා මම අධිකාරිත්වයට පත්වුණා. ඊට හරියටම මාසෙකට පස්සෙ ජූලි 23දා යුද හමුදා නිලධාරීන් දහතුන් දෙනකු මරලා ඒල් ටී ටී ඊ ය යුද්ධය පටන් ගත්තා.

1983 ජූලි 23 කියලා දිනයක් ඔබ කිව්වා හැබැයි යුද්ධයේ ආරම්භය ගැන විවිධ මත තියෙනවා. ඇත්තටම කවදද යුද්ධයේ ආරම්භය සිද්ධ වුණේ?

අපි මුලින්ම බලන්න ඕනේ යුද්ධය ආරම්භ වෙන්නේ බලපාපු හේතු.ඒවා දේශපාලනික වෙන්න පුළුවන් නැත්තම් ජාතිවාදී වෙන්න පුළුවන් ආර්ථිකය හේතු ඇති. හතලිස් අටේ ඉඳලම ඕක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණා පනස් ගණන්වල මුස්ලිම් කෝලාහල වුණා ඊට පස්සෙ දෙමළ කෝලාහලත් වුණා.ඕවා පහු කරගෙන ඇවිත් ඇත්තේ හැත්තෑ ගණන් වල තරුණ නැගිටීම් වුණා. විශේෂයෙන්ම උතුරේ එහි ප්‍රතිඵල ලෙස යාපනයේ නගරාධිපති දොරේ අප්පා ඝාතනය වුණා. වෙනත් වෙනත් ඝාතන සිද්ධ වුණා. හැබැයි ඒ වෙලාවේ භූමියේ හමුදාව හිටියේ නැහැ . මුහුදු සීමාව ආශ්‍රිතව හමුදාව සුලු ප්‍රමාණයක් හිටියා මත්දුව්‍ය ජාවාරම් මැඩලන්න.මම දකින විදියට යුද්ධය කියන එක ඇඟට දැනෙන්න පටන්ගත්තේ 83 ජුලි 23දා තුන් දෙනා ඝාතනය කිරීමත් එක්ක යුද්ධය වචනය අපේ සමාජෙ භාවිතා කරන ගත්තේ ඔය සිදුවීමෙන් පස්සේ.

හතරවැනි ඊළාම් යුද්ධය පටන් ගත්තේ මාවිල්ආරු වලින්. යුද්ධය පටන් ගනිද්දි යුධ හමුදාවට සැළසුමක් තිබුණද එය අවසානයක් කරා යන ජයග්‍රාහී යුද්ධයක් බවට පත් කරන්න?

2002 – 2004 කාල සමයේ යාපනයේ යුද හමුදා ආඥාපති ලෙස කටයුතු කළේ සරත් ෆොන්සේකා. අපි ඒ කාලේ තමයි යුද්ධය ජයග්‍රහණය කරන හැටි සැලසුම් කළේ. ජෙනරාල් ෆොන්සේකා හමුදාපති වෙලා මාවිල්ලාරු වලට ගහන වෙලේ නෙවෙයි යුද්ධයේ සැලසුම් හැදුවෙ. ඊට බොහෝ කාලයකට පෙර අවුරුදු තුනකින් යුද්ධය අවසන් කරන හැටි අපි සැළසුම් කළා. ඒස් අයි ඕ ටී කියන ප්ලැටූන්ස්, එයිට් මෑන් – ෆෝ මෑන් කියන කුඩා කණ්ඩායම්, විශේෂ බලකායේ කණ්ඩායම්,ම කුළුවා කියලා බුද්ධි කණ්ඩායම් හැදුවේ මාවිල්ආරු කියන වචනය දැනගන්නත් ඉස්සෙල්ලා. එහෙම කළේ සාමය කඩවුනොත් සටනකට යන්න වෙන බව අපි දැනගෙන හිටිය නිසා. මම ඒ වෙනකොට යුධ හමුදා විශේෂ බල සේනාවේ සේනාධිපති. කොමාන්ඩෝ බල සේනාවේ සේනාධිපති ජෙනරාල් රාජපක්ෂ. අපි ජෙනරාල් ෆොන්සේකාත් එක්ක එකතු වෙලා කලින් කියපු කණ්ඩායම් සහ අවශ්‍ය පසුබිම හැදුවා පුහුණුවීම් කළා.

මාවිල්ආරු වලින් පටන් ගත්ත සටන ඊට පස්සේ සැලසුම් කළේ කොහොමද?

මාවිල්ආරු සටන පටන් ගන්නකොට මම හිටියේ යාපනය අර්ධද්වීපයේ. මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විදිහට කටයුතු කළේ. ඊට කලකට පසුව තමයි යුධ සැළසුම් අධ්‍යක්ෂකවරයා විදිහට මාව යුධ හමුදා මූලස්ථානයට කැඳෙව්වේ. ඒ වෙනකොට අපි තේරුම් අරගෙන හිටියා ත්‍රස්තවාදි සංවිධානයක් පවත්වාගෙන යන්නට නම් මිනිස් බලය අවශ්‍යයි කියන එක. එල් ටී ටී ඊයට මිනිස් බලය ලැබුණේ නැගෙනහිරින්. යාපනයෙන් නොවෙයි.ඒල් ටී ටී ඊ යේ මිනිස් බලය අඩු කරන්න අපි තීරණය කළා සටනට නැගෙනහිරින් පටන් ගන්න. මිනිස් බලය අඩු වුණාම එල ටී ටී ඊ යේ සටන්කාමීත්වය අඩුවෙනවා. වන්නියෙන් අලුතෙන් බඳවා ගත්තත් එල් ටී ටී ඊයට ගන්න පුලුවන් සුලු ප්‍රමාණයයි. බඳවා ගන්න අයත් සටනට අධුනිකයි. අනෙක් විශේෂ කාරණය තමයි එල් ටී ටී ඊ සංවිධානය දෙකට කැඩීම. යම් යම් ක්‍රමවේද හරහා එය සාම කාලයේ කරලා තිබුණා. යුධ ජයග්‍රහණයට අප එයින් ප්‍රයෝ්ජන ගත්තා.

මීට කලින් යුද්ධ වලදී එල් ටී ටී ඊය යම් තාක් දුරකට පසුබස්වා සටන අතරමග නතර කරපු අත්දැකීම් අපට තිබෙනවා. මාවිල්ආරු සටන පටන් ගත්තෙත් එහෙම අදහසකින් ද? නැත්තම් එල් ටී ටී ඊ ය ඉවර කරනවා කියන අරමුණකින්ද?

ජෙනරාල් ෆොන්සේකා යුධ හමුදාපති වුණාම එවකට හිටිය ජනාධිපතිටත් රටටත් පොරොන්දුවක් දුන්නා. ඊළඟ හමුදාපතිට මම මේක ඉතුරු කරන්නේ නැහැ කියලා. අපට කිව්වේ අවුරුදු තුනකින් යුද්ධය ඉවර කරන්න ලෑස්ති වෙන්න කියලා. අපි මාවිල්ආරු වලින් සටන පටන් ගත්තේ එල් ටී ටී ඊ ය ඉවර කරන්න මිසක් අතරමඟ නවත්තන්න නෙමෙයි.

හමුදාව යුද්ධය දිනනවා කියලා දැනුණු තීරණාත්මක හැරවුම් ලක්ෂය කොතැනද?

එහෙම හැරවුම් ලක්ෂ කීපයක් ම තියෙනවා. නැගෙනහිර ජයග්‍රහණය ඉන් එකක්. නැගෙනහිර ජයග්‍රහණයෙන් පසුව රටේම විශ්වාසයක් ඇතිවුනා හමුදාව යන්නේ ජයග්‍රාහී ගමනක කියලා. අවුරුද්දට 3,000 ක් බඳවගන්න බැරුව හිටපු හමුදාවට ඊට පස්සේ මාසෙකට 3,000 ක් බඳවගන්න පුලුවන් වුණා. එල් ටී ටී ඊ යට කිලිනොච්චිය අහිමවීමත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. හමුදාව කිලිනොච්චිය ජයග්‍රහණය කළාට පස්සේ රටේ විශාල පරිවර්තනයක් සිදුවුණා. මේක දිනන යුද්ධයක් කියලා.

එල් ටී ටී ඊ යට විශාල පිරිස් බලයක් තිබුණා. සල්ලි තිබුණා. ආයුධත් තිබුණා. එල් ටී ටී ඊ යට තිබුන යුධමය ශක්තිය ගැන යුද හමුදාවට නිවැරැදි අවබෝධයක් තිබුණද?

එල් ටී ටී ඊ යට තිබුණු ශක්තිය පිළිබඳව අවබෝධය හැමදාමත් හමුදාවට තිබුණා. නමුත් යම් යම් අවස්ථාවල අපේ යුද උපක්‍රමවල තමයි දෝෂ තිබුණේ. ඒ කාලේ හමුදාවේ සේනාංක ඔක්කොම ඒ 9 පාරේ දෙපැත්තේන් ගියා එතකොට එල්ටීටීඊ ඔවුන්ගේ සම්පූර්ණ අවි බලය එයට එරෙහිව යොදවන්න පුළුවන් වුණා. හැබැයි අන්තිම යුද්ධයේදී අපි යුධ පෙරමුණ පහකින් විතර සටන් කළා. මන්නාරමින් ආවා වැලිඔයෙන් ඉදිරියට ගියා ඒ 9 පාරේ ගියා යාපනයේන් පහළට ආවා එතකොට සතුරාගේ අවි බලය බෙදුණා. අපේ වෙනස් යුද සංකල්පය සාර්ථක වුණා.

ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදී නායකයෙක්. හැබැයි ඔහු විශාල සංවිධානයක් ගොඩනැගුවා. මරාගෙන මැරෙන කාඩර්වරු හැදුවා. මුහුදු කොටි බලකායක් හැදුවා.සැහැල්ලු ගුවන් යානා තිබුනා ප්‍රභාකරන් කොහොමද මේ දේවල් කළේ?

ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදී නායකයෙක්. හැබැයි ඔහුට carismatic leadership එකක් තිබුණා. අනෙක් කාරණේ තමයි මිනිස්සුන්ට වෙන තෝරාගැනීමක් තිබුණේ නැහැ උතුරේ තිබුණු අනෙකුත් සංවිධාන නවයක් විතර ඔහු සුන්නද්දූලි කරලා දැම්මා. එල්ටීටීඊය ඇතුලේ වෙනත් නායකයෙක්ට හැදෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ. සංවිධානයෙන් ඉහළට මතු වෙලා ආපු මහත්තයාව ප්‍රභාකරන් මරලා දැම්මා. ඔය වගේ දේවල් හරහා ප්‍රභාකරන් ඒකාධිපති බලයක් ගොඩනඟා ගත්තා. මිනිස්සුන්ට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ප්‍රභාකරන්ට කැමති වෙන්න උනේ වෙන නායකත්වයක් නොතිබුණු නිසා. අනෙක් දේ තමයි එල් ටී ටී ඊ සාමාජිකයන් හැමෝම කැමැත්තෙන් සංවිධානයට බැඳුණු අය නෙමෙයි බොහෝ දෙනෙක්ව බලෙන් ගෙනිච්චේ.ඉස්කෝලෙ යන ළමයින්වත් බලෙන් ගෙනිච්චා කාන්තාවන්වත් අරගෙන ගියා.

යුද්ධය හොඳින් කෙරෙනකොට නවත්තන්න කරපු බලපෑම් ගැන අතීත අත්දැකීම් අපට තියෙනවා. අවසන් යුද්ධයේදීත් ඒක නවත්තන්න බලපෑමක් ආපු අවස්ථා තියෙනවාද?

එහෙම බලපෑමක් නම් අවසන් මානුෂීය මෙහෙයුමේදී කිසිම අවස්ථාවක මම දැක්කේ නැහැ සතුරාට කිසිම අවස්ථාවක ඔළුව උස්සන්න බැරි වෙන්න එක දිගට අප සටන කළා

එල් ටී ටී ඊ ප්‍රහාර හමුවේ එක අඩියක්වත් පස්සට තියපු අවස්ථා නැද්ද?

නැතුව නොවෙයි අපේ ආරක්ෂක වළලු කැඩිච්ච අවස්ථාත් තිබුණා. හැබැයි අපට ශක්තියක් තිබුණා ඉක්මනින්ම ඒවා ආපහු ගන්න. අනෙක නිලධාරීන් සහ සොල්දාදුවන් විශාල මානසික ශක්තියක හිටියා යුද්ධය දින්නන. යුද භූමියේ ඉන්න කණ්ඩායම් අපි හිර කළේ නැහැ. ඔවුන්ට නිදහස දුන්නා හරි විදිහට යුද්ධය කරන්න. ඉස්සර ජයසිකුරු කිව්වා බලවේගය කිව්වා හැබැයි අපි අවසන් මානුෂීය මෙහෙයුම කලේ ඒවගේ ඔපරේෂන් ඕඩර් එකකට නෙවෙයි.

මීට වෙනස් කරන්න ප්‍රභාකරන්ව අල්ලා ගත් අවස්ථා තිබුණාද?

මෙහෙමයි හමුදාව ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටි අවස්ථාවක යම් හේතුවක් මත වඩමාරච්චි සටන අතරමග නතර කරන්නට සිද්ධ වුණා. ඒ වෙලාවෙ ප්‍රභාකරන් පසු බැහැලා හිටියේ. ඒ අවස්ථාවේ යුද්ධය අවසන් කරන්න තිබුණා. ඉන්දීය හමුදාවට ඇවිත් හිටිය කාලයකුත් තිබුණා .අපට වඩා හමුදාවක් ඔවුන්ට හිටියා. ඒ අවස්ථාවේත් ඉවර කරන්න තිබුණා. ඒ අවස්ථාවල අපි කණිෂ්ඨ නිළධාරීන්. ඒවා අතරමග නැවැත්තුවේ ඇයි නවත්වන්නට අණ දුන්නේ කව්ද කියන එකට පිළිතුරක් අපි ළඟ නැහැ.අපි කළේ යුධ භූමියේ අපිට පැවරුණ රාජකාරිය හරියට කරන එක. ප්‍රභාකරන් ලංකාවෙන් හොරෙන් පැනලා ගිහින් කාලයක් ඉන්දියාවේත් හිටියා. දෙදහස් නමයේ මැයි මාසයට කලින් ඔහු විනාශ කරන්න තිබුණ අවස්ථා කිහිපයක් මොන මොන හේතු හින්දා හරි අපට මඟ හැරුණා.

එල් ටී ටී ඊ ඇතැම් නායකයන් යුද හමුදාවට බාර වුනා කියලා එක එක කතා තියෙනවා. ඒක අදටත් විසඳිලා නැති ප්‍රශ්නයක්. යුද්ධය යන අතර මගදී එල් ටී ටී ඊ නායකයන්ගෙන් යම් සිග්නල් එකක් ලැබුණද හමුදාවට බාරවෙන්න කැමතියි කියලා?

නැහැ එහෙම signalඑකක් ලැබුනෙ නෑ. එල්ටීටීඊ නායකයන් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස පාවිච්චි කළා. ඔවුන් සාමාන්‍ය ඇඳුම් ඇඳලා සිවිල් ජනතාව අතර සිටියේ. ඔවුන් භාරවෙන්න කතා කලේ නැහැ. යුද්ධයේ අවසානය කරා ළඟා වෙද්දී ඔවුන්ට එහෙම පණිවුඩ එවන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ

කිලිනොච්චි දිනලා මුලතිව් වලට යනකොට, නන්දිකඩාල් වලට කිට්ටු කරනකොට, යුධ හමුදාවද ප්‍රභාකරන් පණපිටින් අල්ලා ගන්න පුලුවන් වෙයි කියලා?

ඒ වෙනකොටත් අපට තහවුරු වෙලා තිබුණා ප්‍රභාකරන් ඇතුලේ ඉන්නවා කියලා. අපි ඔහුව පණපිටින් අත්අඩංගුවට ගන්න සැලසුම් කළේ නැහැ. අපි සැලසුම් කළේ අවුරුදු තුනකින් යුද්ධය ඉවර කරන්න. නැතුව කාවහරි පණපිටින් අල්ලා ගන්න නොවෙයි ඒ ක්‍රියාන්විතය කරගෙන යද්දී ප්‍රභාකරන් පණපිටින් අහුවෙනවට වඩා මිය යන්න තිබුණ සම්භාවිතාව වැඩියි

ප්‍රභාකරන්ගේ අවසානය ගැන එක එක කතා කියනවා. සමහරු කියනවා ඔහු සිය දිවි නසා ගත්තා කියලා තවත් අය කියනවා කාලතුවක්කු ප්‍රහාරයකින් මියගියා කියලා. පණපිටින් අල්ලාගෙන පනාගොඩ කෑම්ප් එකට ගෙනත් මහින්ද රාජපක්ෂට පෙන්නලා ආපහු නන්දිකඩාල් වලට අරගෙන ගිහින් මැරුවා කියලත් කියනවා මොකක්ද ප්‍රභාකරන්ගේ ඇත්ත අවසානය?

සටන් භූමියේදී ඔහු වෙඩි වැදී මියගියා. මම මීට තප්පර ගණනකට කලින් ඔබට කිව්වා ඔහුව පණපිටින් අත්අඩංගුවට ගන්න කිසිදු සැළසුමක් තිබුණේ නැහැ කියලා. පනාගොඩට ගෙනත් මහින්ද රාජපක්ෂට පෙන්නුවා කියලා මොනවද ලැබෙන්නේ.

ප්‍රභාකරන්ගේ මළ සිරුරට මොකද කළේ?

ඒක ආදාහනය කළා

ප්‍රභාකරන් මැරුණා කියන පණිවුඩය ඔබට ලැබුණේ කොහොමද?

මම ඒ වෙලාවේ හිටියේ යුද හමුදා මූලස්ථානයේ භූමියේ නිලධාරීන්ගේන් ඒ පණිවුඩය ඉස්සෙල්ලම ලැබුණේ යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාට .මම දැන ගත්තේ ඔහුගෙන්

ජෙනරාල් ෆොන්සේකාගේ ඒ වෙලාවේ ස්වරූපය කොහොමද තිබුණේ?

ජෙනරාල් ෆොන්සේකා එහෙම ස්වරූප කියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔහුගේ මුහුණේ මම දැක්කේ සතුටුදායක හැඟීමක්. ඔහු ආරක්ෂක ලේකම්ටත්, ජනාධිපතිවරයාටත් ප්‍රභාකරන් මැරූණා කියන පණිවුඩය දැනුම් දුන්නා.

යුද්ධය අවසන් පණිවුඩය යුද බිමෙන් ලැබුනහම ඔබට ඇතිවූ හැඟීම මොකක්ද?

මගේ යුද හමුදා ජීවිතයේ කුඩා කාලයේදී අපේ වීරයා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. ඔහු හැම වෙලාවෙම අපිට කිව්වා මේ යුද්ධය ඊළඟ පරම්පරාව වෙත භාර නොදීමට වගබලා ගත යුතුයි කියලා. ඔහු අද මෙතන නැති වුණත් ඔහු කියපු දේ කළා කියලා මට හිතුනා. අද අපේ දරුවෝ සාමයෙන් මෙරටේ ජීවත් වෙනවා.

යුද්ධය අවසන් වුණත් සමාජය අදටත් මතු කරන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පෝට්ටු අම්මාන්ට මොකද වුනේ?

ඔහු මිය ගියා

හැබැයි මළ සිරුර හම්බවුණේ නැහැ

නැහැ. සෑම කෙනෙක්ගෙම මළසිරුර හම්බවෙන්න ඕන නෑ මැරුණ බව ස්ථීර කර ගන්න

ප්‍රභාකරන්ගේ දුව ද්වාරකාට මොකද වුනේ?

ඇය මිය ගියා.

ප්‍රභාකරන්ගේ බිරිය මදිවදිනිටත් වුණේ ඒකද?

මම දකින්නේ ඒ විදියට. යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුදු අටක් වෙනවා.ඔවුන් මිය ගියේ නැත්නම් මොනවා හරි තොරතුරක් එළියට එන්න ඕනෑනේ.

යුද්ධේ අන්තිම මොහොතේ ප්‍රභාකරන් වැලිඔයෙන් පාරක් හදාගන්න උත්සාහ කලාද? එහෙම උත්සාහ කළ නම් යුද හමුදාව කොහොමද ඒක නැවැත්තුවේ?

ඔහු නන්දිකඩාල් වලදී අන්තිමට දැඩි සටනක් දුන් ඒකට. අපි ආරක්ෂක වළලු කිහිපයක්ම දැම්මා.ඒ එකකින් හරි පැනලා නම් අනෙක් එකේදි ඔහුව විනාශ කරන්න අපට පුළුවන් කමක් තිබුණා

යුද්ධයත් සමග යුද හමුදාවේ වීරයෝ බිහි වුණා. අපි මාධ්‍යයෙන් දැකපු වීරයන්ට වඩා සැඟවුණු වීරයොත් ඉන්න ඇති. මොකද ඔබට කියන්න තියෙන්නේ?

මම දකින විදියට මේ සැඟවුණු වීරයන් තමයි සැබෑ වීරයෝ. මොකද වීරයන්ට තමන් වීරයා කියලා කියාගන්න ඕන නැහැ එහෙම කරන්නේ මං පොර ජාතියේ අය. දන්න අය දන්නවා අහවලා මොනවද කලේ කියලා. සැබෑ වීරයන්ට ගෙදරත් හොඳින් ඉන්න පුලුවන්.ගමෙත් හොඳින් ඉන්න පුලුවන්. කොතැනත් හොඳින් ඉන්න පුලුවන්.

අවසාන වශයෙන් ඔබෙන් දැන ගන්න කැමතියි එල් ටී ටී ඊ ය හෝ එවන් සංවිධානයක් යළි අපේ රටේ බිහි වෙන්න ඉඩක් තියෙනවද? එහෙම වුණොත් ඒකට මුහුණ දෙන්න යුද හමුදාව සූදානම්ද?

යුද හමුදාව ඒ ඒ ප්‍රදේශවලින් අඩු කිරීමක් සිද්ධ කරලා නැහැ. හමුදාව ඉන්න භූමියේ යම් සංකෝචනයක් කරලා ඇති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. යුද්ධය දිනපු යුද හමුදාව ම තමයි අදත් ඉන්නේ. නාවික සහ ගුවන් හමුදාත් එහෙමෙයි. යළි යුද්ධයක් ඇති නොවන ආකාරයට අපි කටයුතු කරනවා. මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් යනවා. මේවා හරියට කෙරෙද්දි යළි යුද්ධයක් ඇතිවීමේ අවස්ථාවක් නැහැ. හැබැයි ඕනම සමාජයක එක එක කණ්ඩායම් ඉන්නවා. ආවා කල්ලිය කියලා හිටියට ඔවුන් එල්ටීටීඊ නෙවෙයි. අපි කරන්න ඕනේ ඒ වගේ කල්ලි මැඩලන ගමන් ඔවුන්ව වෙනත් වෙනත් අයට පාවිච්චි කරන්න ඉඩ නොදෙන එක. මම ජනතාවට කියන්නෙ යුද්ධෙ දිනපු හමුදාව ගැන විශ්වාසය තබන්න කියලා.මොකද අතීතයේ පටන් මොන රජවරු සිටියත් රට රැකගත්තේ හමුදාව නිසා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

හිටපු ජනපති මහින්ද මහතා අතින් විවෘත වූ සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන්ගේ හෝටලය මෙන්න.දැක්කම පිස්සු හැදෙනවා ෆට්ටා.

හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ශාන් කියන්නේ.ඔහු පසුගිය දිනක ඉතාමත් ලස්සන හෝටලයක් විවෘත කළා.ඒ සඳහා ප්‍රදාන ආරදිත අමුත්තා වුනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා. සුපිරිම හෝටලයක් මේක නම්.ෆට්ටා..බලන්නකෝ ලස්සන.

https://youtu.be/P1saZaq1Wlo

අවුරුදු 26යේ රූ රැජිනක් වූ සිය දියණියගේ බෙල්ලට පිහියෙන් ඇන මරන්න ගිය මව චිත්‍රානි

අවුරුදු 26යේ රූ රැජිනක් වූ සිය දියණියගේ බෙල්ලට පිහියෙන් ඇන මරන්න ගිය මව චිත්‍රානි. ලාංකික මවක් විසින් තමන්ගේ දියණිය රාත්‍රී නින්දට ගොස් සිටියදී පිහියකින් ඇන ඇයව ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් වන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

https://youtu.be/25t_zLsZr_o

ඇමරිකාවේ දරුවන් සැපසේ ජීවත්වෙන නමුත් ලංකාවේ තනියම දිවි ගෙවන පියෙකුගේ සංවේදී කතාව.

මගේ ළමයි ඉන්නේ ඇමරිකාවේ අරෙහෙ මෙහෙ.මම දැන් තනිකඩ වෙලා..දරුවන් හදන්නට දෙමාපියන් නොවිඳිනා දුක් විඳිනවා.නමුත් ළමයින් ලොකු මහත් වෙලා ලොකු ලොකු රස්සා කරන කොට පෝසත් වෙනකොට දෙමාපියන් සමග යන්නටවත් කැමති නෑ .එයාලට ලැජ්ජයි.නමුත් එහෙම කරන්නට එපා යාලුවනේ.මොකද දෙමාපියන් දුක් විඳපු තරම් මේ ලෝකේ කිසිම කෙනෙකු විඳලා නැතුව ඇති.මෙන්න බලන්න මේ අහිංසක පියා දරුං නැති සොවෙන් කියන සංවේදී කතාව.පහත විඩියෝවෙන් නරඹන්න.
හැමෝටම බලන්න ෂෙයාර් කරන්න

https://www.facebook.com/YouJudge.lk/videos/356743054760924/