පස්ගොඩ රොටුඹ කන්ද නාය යාමට ඉඩ තිබෙනවා.

මාතර පස්ගොඩ ප්‍රදේශයේ රොටුඹ කන්ද නාය යාමේ අවධානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට පදිංචිකරුවන් ඉවත් කරවීමට පියවර ගෙන ඇති බවයි මාතර දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේ.

මේ පිළිබඳව හැම කෙනෙක්ම දැනුවත් කරන්න.තවත් ජිවිත නැති වන්නට ඉඩ දෙන්නට එපා.ඔබටත් හැකි උපරිම දේ කරන්න.මෙය share කරලා හැම කෙනෙක්ම දැනුවත් කරන්නට හැම කෙනෙකුම කාරුණික වන්න.

 

සිංහලයා කුල භේද වලට බෙදුනේ ඇයි.ඔබ කිසිදිනක නොඇසූ පුදුම හිතෙන කතාවක්.

ඈත අතීතයේ සිටම මේ බෙදීම් වලට සිංහලයා හැරුනා.නමුත් ඔබ මේ කතාව කිසිදිනක අසා නැතුව ඇති,නොදන්නවා ඇති.මෙන්න සත්‍ය කතාව ඔබත් දැනගන්න.ඔබ අනිවාර්යෙන් පුදුම වෙනවා මෙය ඇසුවොත්.මෙන්න පහතම විඩියෝවෙන් අසා දැනගන්න.

https://www.youtube.com/watch?v=DueWwXdPzmA

විශාල සේවාවක් කල දෙරණ පවුලේ සාමාජිකයෙක් මෙලොව හැරදා යයි.

දෙරණ මාධ්‍ය ජාලයේ නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ අමිල හේමාල් මහතා අද අළුයම හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලොව හැරදා ගියා.

ඊයේ රාත්‍රීයේ රෝගාතුරුවීමෙන් පසු හෝමාගම රෝහලට ඇතුළත් කරන ලදුව ඔහු පසුව කොළඹ මහ රෝහලට මාරුකර තිබුනා.

ජාතික රූපවාහිනියේ අතුරු මිතුරු වැඩසටහනින් රූපවාහිනි අත් පොත් තබන ඔහු 2012 වසරේ අගෝස්තු මස දෙරණ පවුල සමග එක්වන්නේ සහකාර නිෂ්පාදකවරයකුගේ භූමිකාව ආරම්භ කරමිනි.ඔහු කොළඹ තර්සටන් විදුහලෙන් අධ්‍යාපනය හදාරා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණද, ඔහුගේ නිසඟ කලා කුඩා කල සිටම ප්‍රදර්ශනය කර තිබේ.

එතැන් පටන් විවිධ දේශපාලනික මෙන්ම කාලීන වැඩසටහන්, වාර්තා වැඩසටහන් , කලා විචාර වැනි වැඩසටහන් රැසකට සක්‍රිය දායකත්වය සැපයූ ඔහු දෙරණ අරුණ, ලෝකය සහ ලෝකයෝ, වාදපිටිය, මෙන්ම නීතියට ඉඩක්, වැනි වැඩසටහන් සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේය.ඉන් අනතුරුව අමිල හේමාල් ‘ආර්ට් වීක් “ වැඩසටහින් නිවේදකයෙකු ලෙස ප්‍රෙක්ෂකයාට සමීපවිය.

ඔහු නිමකළ සුනාමි වර්ෂ පූර්ණය සහ නැදුන්ගමුවේ රාජා වාර්තා වැඩසටහන් ගුණාත්මක නිර්මාණ භාවිතය සම්බන්ධයෙන් ඔහු සතු සුවිශේෂී හැකියාව විදහා පාන්නකි.මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ගිය වසරේ දෙරණ ප්‍රවෘත්ති අංශයේ විශිෂ්ඨතම සේවකයින් උදෙසා පිදෙන රන් සම්මානයද තමන් සතු කරගැනීමට අමිල හේමාල් සමත්විය.

මෙවර ගංවතුර උවදුරේදීත් විපතට පත්වූවන් වෙනුවෙන් යුහුසුළු වූ ඔහු ඒ වෙනුවෙන්ම තම අදහස් කැටිකොට නිර්මාණය කළ ගීතයේ සංස්කරණ කටයුතු අවසන් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය.

අමිල හේමාල් සහෘදයානෙණි…….ඔබට නිවන් සුව…

https://www.youtube.com/watch?v=Pezq8xOVfrc

කෝටි 10කට වාලම්පුරි විකුනන්න ගිහින් මඩකලපුවේදී කොටු වුන හැටි.

කෝටි 10කට සුපිරිම වර්ගයේ වාලම්පුරියක් විකුණන්න ගහින් මඩකළපුවේදී මාට්ටු වෙච්ච හැටි බලන්නකෝ…මේ මනුෂ්‍යයෝ නම් හරි පුදුමාකාරයි.බලන්නකෝ වෙනදේ

පහතින්ම නරඹන්න වීඩියෝව,

https://www.youtube.com/watch?v=og01vgX4RQA

දකුණේ මහා කේදවාචක මැද උතුරේ විරෝදතා.ඒ නවය මාර්ගය වැසෙයි.

උතුරු පළාතේ ජිවත්වන මිනිසුන් මහනුවර යාපනය ප්‍රදාන මාර්ගය වසාගෙන විරෝදතා කර තිබෙනවා.ඒ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්.මේ සඳහා උතුරු පළාත නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.

මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරත වීම වළක්වන ලෙස ඉල්ලමින් කිලිනොච්චි පොලිසිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා.

අදාළ නියෝගය පවා නොසලකා හරිමිනුයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

දකුණේ මහා කේදවාචක මැද උතුරේ විරෝදතා.ඒ නවය මාර්ගය වැසෙයි.

අහිංසක ජිවිතයක් බේරා ගමම සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය අභීත රණවිරුවා.

ජීවිතය බේරා දුන්න රණවිරුවා වෙනුවෙන් බේරුණු කාන්තාව කියන සංවෙඉ කතාව මෙන්න.

“මං වෙනුවෙන් ජීවිතය දුන්නු ගුවන් හමුදාවේ ඒ දරුවා නිවන් දැක බුදුන් දකින්න ඕන.
මා අද ජීවතුන් අතර ඉන්නේ මාව බේරාගැනිමට ආ ගුවන් හමුදාවේ පුතා නිසයි. නමුත් මම අද ජිවතුන් අතර සිටියත් එදා මව බේරාගත්තු ඒ පුතා මිය ගිහින්, ඒ ගැන මට තියෙන්නේ දුකක්‌ වගේම විශාල කම්පනයක්‌ බව නෙළුව දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරයේ සිටියදී නායයාමට ලක්‌ව බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඥාණවති මහත්මිය කියයි.”

නෙළුව, දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරය තුළ සිටියදී පස්‌කන්දක්‌ නාය යාමට ලක්‌වීමෙන් එහි සිටි අට දෙනෙක්‌ එම ස්‌ථානයේ දීම මිය ගිය අතර ඉන් දිවිගලවා ගැනීමට හැකිවුයේ ඥාණවති මහත්මියට හා තවත් කාන්තාවකට පමණයි.
දරුවන් හය දෙනකුගේ මවක වු ඥාණවති මහත්මියගේ දිවි බේරා ගැනීමට ගිය ගුවන් හමුදාවේ සැරයන්වරයකු වූ සේනක යාපාරත්න මහතා ගුවනේ සිට බිමට වැටී මිය ගියේ සිද්ධියෙන් දිනකට පසු ගාල්ල කරාපිටිය රෝහලේදී. මේ නිලධාරියාගේ මරණයෙන් මුළු රටම කම්පා වූ බව අප කව්රුත් දන්නා කාරණයක්.

සෙබල සොහොයුරා නුඹට නිවන් සුව ලැබේවා!

උපුටා ගැනීම gossip king

අහිංසක ජිවිතයක් බේරා ගමම සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය අභීත රණවිරුවා.

මං වෙනුවෙන් ජීවිතය දුන්නු ගුවන් හමුදාවේ ඒ දරුවා නිවන් දැක බුදුන් දකින්න ඕන.
මා අද ජීවතුන් අතර ඉන්නේ මාව බේරාගැනිමට ආ ගුවන් හමුදාවේ පුතා නිසයි. නමුත් මම අද ජිවතුන් අතර සිටියත් එදා මව බේරාගත්තු ඒ පුතා මිය ගිහින්, ඒ ගැන මට තියෙන්නේ දුකක්‌ වගේම විශාල කම්පනයක්‌ බව නෙළුව දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරයේ සිටියදී නායයාමට ලක්‌ව බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඥාණවති මහත්මිය කියයි.

නෙළුව, දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරය තුළ සිටියදී පස්‌කන්දක්‌ නාය යාමට ලක්‌වීමෙන් එහි සිටි අට දෙනෙක්‌ එම ස්‌ථානයේ දීම මිය ගිය අතර ඉන් දිවිගලවා ගැනීමට හැකිවුයේ ඥාණවති මහත්මියට හා තවත් කාන්තාවකට පමණයි.
දරුවන් හය දෙනකුගේ මවක වු ඥාණවති මහත්මියගේ දිවි බේරා ගැනීමට ගිය ගුවන් හමුදාවේ සැරයන්වරයකු වූ සේනක යාපාරත්න මහතා ගුවනේ සිට බිමට වැටී මිය ගියේ සිද්ධියෙන් දිනකට පසු ගාල්ල කරාපිටිය රෝහලේදී. මේ නිලධාරියාගේ මරණයෙන් මුළු රටම කම්පා වූ බව අප කව්රුත් දන්නා කාරණයක්.
සෙබල සොහොයුරා නුඹට නිවන් සුව ලැබේවා!

අසරණ ජනතාවට පිහිට වූ පාලිත තෙවරප්පෙරුම මහතා දේශපාලන ජිවිතයට සමු දෙන බව පවසයි.

අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම දේශපාලනයෙන් සමුගන්නා බව පවසනවා තිබෙනවා..එතුමා කියා සිටියේ මෙම ආපදා තත්ත්වයට පෙර බවයි එතුමා දුරටත් කියා සිටියේ.දේශපාලඥයකු ලෙස සමාජ සේවා කටයුකතු වල යෙදීමේදී ඇතැම් විට සිදුවන සිදුවීම් ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. තමාට දැන් දේශපාලනය කළා හොඳටම ඇති බවත් සමාජ සේවයේ දිගින් දිගටම නිරතවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

මේ වනවිට ඇතිව තිබෙන ආපදා අවස්ථාවේදී අමාත්‍යවරයා කැපී පෙනෙන ප්‍රායෝගික වැඩ කොටසක් ඉටු කළ අයෙකු ලෙස ජනතා ප්‍ර‍සංශාවටද ලක්වනවා.

නාග මානික්‍ය ගත් කෙනෙකු ප්‍රකාශ කල ආන්දෝලනාත්මක ප්‍රකාශය හැම කෙනෙකුම භීතියට පත් කරයි.

මේ කතාව මට අහන්න ලැබෙන කාලේ තමයි එල්ටීටීඊ එකෙන් කොටුවෙ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනේ එතකොට මම පාසල් ගිහින් යන්තම් අවුරැදු දෙකයි. මේ කතාව මම ලියන මේ අවුරැද්දෙ යුද්දෙ ඉවරවෙලා අවුරැදු හතරකුත් ගතවෙලා.

ඒ දවස්වල අපේ ගෙදර ගෑනු ලමයින්ට බොඩිමක් තිබුනා. සමහර දවස්වල රෑට මේ බොඩිම් අක්කල එකතුවෙලා හොල්මන් කතා කියනව මම හරි ආසයි මේව අහගෙන ඉන්න. ඉතින් ඉස්කෝල ගෙදර වැඩ ටික අතපහු කරල හරි රෑතිස්සෙ අක්කල කියන කතා අහගන ඉන්නව.

බොඩිමට අලුතෙන්ම ආව අනුරාධපුර පැත්තෙ අක්ක කෙනෙක් මෙයා ඒලෙවල් එහෙම හොඳට සමත් ගෑනුලමයෙක් කැම්පසුත් සිලෙක්ට් වෙලා ඒත් ගිහින් නෑ එයා කලේ සිකියුරිටි ජොබ් එකක් විස්වාස කරන්නත් අමාරැයි නේද ඒත් මේක ඇත්තක් මට මේ මෑත දවසක් අපේ අම්ම ඔය ගැන කිවුවම මමත් පුදුම වුනා.

මේ අක්කලගෙ පවුලෙ කට්ටිය හේන් ගොවියො.කතාව සිද්ධවෙලා තියෙන්නෙ මේ අක්කගෙම එකකුස උපන් අයියට මට මේ කාගෙවත්ම නම් ගම් නං මතක නෑ සමාවෙන්න ඕන!

කතාව පටන්ගන්නෙ මෙහෙමයි අයිය සාමාන්‍යපෙලින්ම පාසල් ගමන නවත්තල හේන් ගොවිතැන් වැඩ වලට සම්බන්ධ වෙලා තියෙන්නෙ. මේ අයියයි තාත්තයි දෙන්නම ලු රෑ පැල් රකින්න යන්නෙ හේනට. දවසක් මෙයාගෙ තාත්ත අසනීප වෙලා අයිය විතරයි ලු පැලට ගියෙ මේ හෙන එක කොනක මහා ගල්තලාවක් තියනවලු පලාතක් වැහෙන්න ඊට පිටිපස්සෙන් තියන්නෙ කැලෑවලු. ඉතින් කැලෑවන් සත්තු එද්දි ගල්තලාව හරහ එනව හොඳට පේනවලු. හඳ එලිය සත්තුන්ගෙ ඇස් ඈත තියාම දිලිසෙනව පේනකොට කෑගහල එලවනව. පාලු යන්න රේඩියො එක දාගන්නවලු. ඔහොම තමයි පැලේ ජීවිතේ. ‍පැල හදපු ගහ යට ගිනිමැලයක් අවුලල තියනව. ඒකත් සත්තු එලවන්නලු කරන්නෙ.

කරැමෙට මේ කියන දවස අමාවක දවසක් හඳ එලියවත් නැති නිසා යන්නම් මොව හරි පේන්නෙ පැල යට ගිනි මැලෙන් නැතිනම් ‍විදුලිපන්දමක් ලඟ තියාගෙන ඉන්නව. කහොම වෙතත් එදා හරිම පාලු දවසක් වන සත්තු එන පාටක්වත් නෑවගේ ලු කම්මැලි කමට මේ අයියට නින්ද ගිහින් තියනව පැලේ .අහ් තව දෙයක් මේ ගමත් ඔය මායිම් ගම්මාන වලට කිට්ටුවයි තිබිල තියෙන්නෙ.

මහ රෑ නිකන් අමුත්තක් දැනිල ඇහැරිල තියනව. ඇහැරෙද්දි ගල් තලාව පැත්තෙන් මහා අමුතු දිස්නයක් එනවලු හරියට පුන්චිම පුංචි තරැවක් ගල්තලාව උඩ වැටිල තියෙන්නා වගේ. මේ දිස්නෙ දැක්කම ඒකෙන් ඇස් ඉවතට ගන්න හිත දෙන්නෙම නැති වුනාලු ඉතින් මෙයා මේදිහාම බලං ඉඳල තියනව. ඒත් එකපාරටම මේ දිස්නෙ නැතිවෙලා ගිහින් මෙයා පස්සෙ ගල්තලාව දිහාවට විදුලි පන්දමත් අල්ලල බැලුවලු ඒත් කිසාම දෙයක් නැතිනිසා පහුවෙනිද දවාලෙත් ගිහින් හොයල තියනව. ඒත් කිසි තොරතුරක් නැතිලු

තාත්ත තාමත් අසනීප නිසා එද‍ා රෑත් තනියම මේ අයිය පැලට ගියාලු එදා මෙයා මුලු රෑම හොඳ අවදියන් ඉඳල එ්ත් සතෙක් දෙන්නෙක් ඇර කිසිම වෙනසක් නම් දැකල නෑ ඒත් ඊට සතියකට විතර පස්සෙ අර වගේම පාලු දවසක් ආවලු මෙයා එද‍ා හොඳ විමසිල්ලෙන් ගල්තලාව දිහා බලාගෙන ඉඳල නිදාගන්නෙ නැතුවම එදා එයා දැකල තියනව ඈත කැලෙන් විසාල පිඹුරෙක් විතර උරගයෙක් ගල්තලාව පැත්තට ඇදිල එනව ඌ ඇවිත් ගල්තලාව උඩ ටිකවෙලාවක් දිගාවෙලා ඉඳල දිස්නෙද‍ාන ගල්කැටයක් වැමෑරැවලු පස්සෙ දරනෙ ගහගෙන එ්දිහාවේ බලාගෙන ඉන්නවලු.

එක සැ‍ෙර්ටම කැලේ එහා කොනෙන් වල්උෟරෙක් එලියට අාවලු එසැනින් මේ සර්පය අර ගල්කැටේ ගිලල කැලේට ඇදුනලු . අර එදා දැකපු කාන්තියම මේ ගල් කැටෙන් විහිදුනේ. මෙයා සැක ඇරල දැනගත්තලු මේ නම් නාග ම‍ානික්‍යයක්ම තමයි කියල පස්සෙ මෙක ගෙදර අයටත් කියල කාලයක් යද්දි මෙයාට මේ නාගය ගල්තගාවට යන එන එන රට‍ාව ‍ෙහාඳට පුරැදු වුනාලු අහවල් දවසෙ මේවෙලාවට එයි කියල කියන්න පුලුවන් ගානටම. මේ අතරෙදි තමයි ගමේ වැඩිහිටියො වගයක් නාගම‍ානික්‍ය ගන්න විදිහක් ගැන කියනව මෙයාට ඇහිල තියෙන්නෙ.

ඒකත් එසේ මෙසේ රාජකාරියක් නෙවෙයි. තනි කෙනකුට කරන්න පුලුවන් දෙයකුත් නෙවයි. මුලින්ම අදාල අය මුලු ඇ‍ෙඟේම මඩ තවරගෙන නාගය එත න තැනට සැලකියයුතු දුරක් ඈතින් ගොම රිටකුත් තියා ගෙන රැකගෙන ඉන්න ඕනෙ පස්සෙ නාගය මැනික වමාරනකන් ඉඳල කිසි සද්දබද්දයක් කලබලයක් නොකර ගොම පිඬ අර මැනික වැහෙන්න විසි කරන්න ඕනෙ වැඩේ ගැස්සිල ගොම පිඬ මැනිකට නොවැටි නයා දැක්කොත් උෟ මැනික ආපහු ගිලගෙන කැලෑ වදිනව එහෙම වුනොත් හොඳයි ඒත් න‍ාගය තමුන්ව දැක්කොත් විනාසයක් තමයි වෙන්නෙ එතැනම දස්ට කරල මරණව. මේ කොහොම වුනත් නාගය ආපහු නැවතවතාවක් එතැනට එන්නෙත් නැතුව යනව.

කොහාම හරි මේ අයිය දන්න විස්වාසවන්ත යාලුවෙකුත් අඬගහගෙන සුදුසු දවසක් බලල වැඩේට ලෑස්ති වුනාලු යාලුවනං මුල ඉඳලම මේකට අකමැත්තෙනුයි ඉඳල තියෙන්නෙ. ඉතින් එ්දවසෙ බලං හිටියලු නයා ආවෙ නෑ ලු . දෙන්නම බලාපොරාත්තු අතෑරල ගෙදර ගිහින් ආයෙත් දවසක් දෙන්නම කොකටත් කියල ගල්තලාවෙ ඔය කියන තැනට තරමක් ඈතින් පුංචි පැලක් අටවගෙන හැංගිල ඉඳල තියනව මදුරැවො නිසා ඉන්නම බෑලු බැරිම තැන අර යාලුව ගිනි මැලයක් ගහමු කියල නැගිට්ටලු ඉතින් යාලුවට සද්ද කරන්න එපා කියන්න මේ අයියත් නැගිටල ඒදැක්ක පාරට දෙන්නම තුෂ්නිම්බුත වෙලා ගියාලු මේ කියන නයා අඩි පහලොවක් විතර දිගයිලු ඌ මේ දෙන්නට පේන මායිමේ සෑහෙන තරම් දුරකින් ගල්තලාවෙ පහලට බඩගාගෙන යනව හඳ එලියට පේනවලු . ගහින් නැවතිල අර මැනික් ගල වැමෑරැවලු ඒමැනිකෙ දිස්නෙ දැක්කම පුදුම ආසාවක්ලු ඇතිවෙන්නෙ. දැං නයා දරනෙ ගහගෙන මැනික දිහා බලං ඉන්නවලු .

අර අයියගෙ යාලුව හෙමින් පහත් වෙලා ගාම ගුලියක් අරගෙන අයියගෙ අතට දුන්නලු . මේ ඉන්න දුරේ හැටියට ඉලක්කයක් ගන්න තියා හිතන්නවත් බෑලු මැරෙනවනං එක සැරයයි නෙ කියල හිතාගන අයිය ගොමගුලිය විසි කරල මුගෙ වෙලාව කියන්නෙ ගොම ගුලිය උඩින් ගිහින් වැටිල තිනේනෙ මැනිකට නෙවෙයි නයාගෙ ඔලුව උඩට නයා එක පාරට අන්දුන්කුන්දුන් වෙලා හෙල්ලෙනෙවක්වත් නෑ ලු . උෟ බලන්නැති කවුද යකෝ එකපාරට ලයිට් ඕෆ් කරේ කියල ? .

පස්සෙ මේ අයිය තවත් ගොම රිටක් අරගෙන දුවල ගිහින් එ්ක අර මැනිකට ගැහැවුවලු . ඊට පස්සෙ මැනිකත් එක්කම ‍ෙගාම රිට අරගෙන දුවල ඇවිත් පැල ඇතුලෙ හැංගුනාලු දැං දෙන්නම නයා දිහාවෙ බලාගෙන ඉන්නවලු මු ටිකවෙලාවකින් ඔලුව ගසල ගොම ටික අයින්කරගත්තලු ඊට පස්සෙ මැනික තිබුනු තැන බැලුවලු එතන මැනික නැති බව තේැරනාම හත් වතාවක් ඔලුව ඒ ගල්තලාවෙ ගහගත්ලු ගල්තලාව උඩ ලේ විලක් වෙනකන් ඊට පස්සෙ කැ‍ෙ‍ල්ට ඇදිල ගියාලු

යාලුවො දෙන්න ඉතින් එදා රෑ ගල්තලාවෙ නිදාගත්තලු පහුවදා උදේ අයියගෙ යාලුව ඇහැරෙද්දි අයිය පේන්නවත් නෑල්ලු මූ ගෙදර ඇතියි කියල හිතාගන ගෙදර ඇවිත් බලද්දි ගෙදරත් නැහැලු පස්සෙ ගෙදර මිනිස්සුත් කලබල වෙලා හැමතැනම හොයල මිනිහව මාසෙනට විතර පස්සෙ හම්බවෙලා තියෙන්නෙ මායිම් ගම්මාන පැත්තෙන් එ් ගේනකාටත් මිනිහට හොඳටම පිස්සු හැදිලලු.

මෙයා ඇඳන් හිටපු ඇඳුමෙ පොට්ටනියක් ගැටගහගෙන ඉඳල තියනව ඒ පොට්ටනිය ඇතුලෙ තිබිල එක එක ගල් කෑලි ගොඩක් එක්ක මේ කියන නාග ම‍ානික්‍යත් හම්බ වෙලා තියනව අරවගේ දිලිසෙන්නෙ නැතිලු ඒත් මැනික් ගලක් කියල පේනවලු. පස්සෙ ‍ෙම් අයියලගෙ තාත්ත මේක අර අයියගෙ යාලුවට දීල දැන් ඉතින් මේකෙං අපට පලක්නෑ පුතාම තියාගන්න කිවුවලු. මේ අයිය ආයෙත් අර පොට්ටනිය ලිහද්දි මැනික නෑ කියල දැකල පිස්සු තදවෙලා ආයෙ ගෙදරින් පැනල ගිහින් ගෙදර ඇවිත් නෑ එල්ටීටී ඊ එකෙන් මරන්න ඇති කියල තමයි කිවුවෙ.

මේ අතර මේගොල්ලන්ගෙ තාත්තට හොයාගන්න බැරි ලෙඩක් හැදිල ටික කාලෙකින් නැතිවෙලා. මේ අක්කලග ගෙදර අම්මයි තව නංගිල දෙන්නෙකුයි මල්ලි කෙනකුයි ඉන්නව ඉතින් වැඩිහිටි පිරිමි කවුරැත් නැති නිසා හේන් පාලුවට ගිහින් . යන්තං අක්කයි අම්මයි මොනව හරි වවාගන්නවලු .

මේ අතරෙ අර අයියගෙ යාලුවට හොඳටම සරැවලා වාහන එහෙම අරගෙන වෙන පලාතක පදංචිවෙලා කසාදත් බැඳලලු ඒත් මේ මනුස්ස‍ය මෙයාලව අමතක කරල නෑ එයා තමයි අක්කට කොලඹ එන්න උදවු කරල තියන්නෙ කොහොම හරි අක්කගෙ කැම්පස් ගමනත් නැවතිල නංගිල මල්ලිලට උගන්නන්නයි කොලඹ ජීවත්වෙන්නයි රස්සාවක් ඕනෙම නිසා තමයි සිකුරැටි රස්සාවට ගිහින් තියෙන්නෙ පස්සෙ අම්මත් ‍ෙලඩ ගානට වැටිල ඒගමන තමයි අක්ක අපේ බෝඩිමෙන් ගියේ අම්මව බලාගන්න එතකොට පොඩි මල්ලි ආයෙත් හේන වවන්න පටන් අරන් ලු

මට පස්සෙයි දැනගන්න ලැබුනෙ මැනික ගත්තම නයා හත් සැරයක් ඔලුව පො‍ලෙවෙ ගහල හත්මුතු පරම්පරාවටම සාප කරනවලු එ් සාපෙ නිසා වෙන්නැති මේ අක්කලට මෙච්චර කරදර සිද්ද වුනෙ හත්වෙනි පරම්පරාවෙන් පස්සෙ දියුනුව උතුරනවලු ඒනිසා තමයි මැනික ගත්ත අයියගෙ යාලුවට එච්චර සරැ වෙන්න ඇත්තෙ . කාගෙන් ගත්තත් මේක හොරකමක් හොරකමට දඬුවම් ලැබුන වෙන්නැති

පස් කන්දෙන් ජීවිතය අහිමි වූ දුව සොයා කුසගින්නේම සිට දුව ළඟටම ගිය ආදරණිය පියා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමකට හසුව තමන්ගේ දියනිය අතුරුදන්ව ඇති පුවත මියගිය පියෙකු සම්බන්ධයෙන් වන පුවතක් ඇහැළියගොඩින් වාර්තා වෙනවා.

මෙම පියා එසේ මියගොස් ඇත්තේ නිරාහාරව සිටීමෙන් බවට පැවසෙන අතර බෝගොඩකන්ද නායයාමට හසුව ඔහුගේ දියණිය වන නිරෝශා චාමිනීගේ සිරුර සොයාගෙනද නැත.

මේ පිළිබඳව ඇයගේ රෝගාතුරව සිටින පියාට ඥාතීන් විසින් නොපවසා සිටියත් දැනට දිනකට පමණ පෙර ඔහු මේ සම්බන්ධයෙන් දැනගෙන ඇත.

ඉන්පසු කිසිදු ආහාරයක් නොගෙන ඇඳටම වී ශෝකයෙන් සිට ඇති ඔහු අද (30) උදෑසන මියගොස් තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

උපුටා ගැනීම citizen.lk