මීරිගම සැලෝන් එකේ අභිරහස් ලෙස මියගිය තරුණිය මිය ගියේ කොහොමද.මෙන්න මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරක්.

මීරිගම රූපලාවන්‍යාගාරක් තුලදී අභිරස් ලෙස මියගොස් සිටි දිනේෂා චතුරංගනීගේ මරණය විදුලි සැර වැදීමකින් වුවක් බව මුලින් පැවසුවත් මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව මරණ පරීක්ෂනයේදිවත් තවමත් අනාවරණය වී නෑ. මේ එම අභිරස් මරණය පිලිබදව සිද්ධිය මුලින්ම දුටු පිරිස් කියා තිබු අදහස් සති අන්ත පුවත්පතක පල කර තිබු අයුරු.ඇය ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේ මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට යෑමට ඇති නිසා ඇය පාසල නිමවී ලහිලහියේ පැමිණියේ මීරිගම නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකටය.තෙමහල් ගොඩනැඟිල්ලක පළමු මහලෙහි මෙම රූපලාවණ්‍යාගාරය පිහිටා තිබිණි. තෙමහල් ගොඩනැඟිල්ලෙහි පියගැටපෙළ පියනඟිමින් පැමිණි ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට ඇතුළු වූවාය. රූපලාවණ්‍යාගාරය තුළ ඇස් වූ අදහාගත නොහැකි දර්ශනයකින් ඇය නැවත ආපසු හැරී තෙමහල් ගොඩනැඟිල්ලෙහි බිම් මහලෙහි පවත්වාගෙන යන වෙළෙඳසලක් වෙත දිව ගියාය. තමන් දුටු දර්ශනය එහි සේවිකාවකට පැවසුවාය.

එම පුවතින් කලබල වූ සේවිකාවද ගුරුවරියද නැවත රූපලාවණ්‍යාගාරය තුළට දිව ගියහ.”මේ ඉන්නේ සැලොන් එකේ නංගී” සේවිකාව ගුරුවරියට පැවැසුවාය “මේ දරුවා මැරිලා” ගුරුවරිය කම්පනයට පත් වෙමින් මිමිනුවාය.

ඇය සිටියේ රූපලාවණ්‍යාගාරයේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන හාන්සි පුටුවක උඩුබැලි අතට වැටීය. ඇයගේ හිස තිබුණේ රූපලාවණ්‍යාගාරය තුළ කොණ්ඩය සේදීමට සවි කර තිබූ ජල බේසම තුළය. ජල බේසමෙහි සවි කර ඇති ජල කරාමයද විවෘත කර තිබූ හෙයින් ජල බේසම ජලයෙන් පිරී ඉතිරෙමින් ඉන් දොරේ ගලනා ජලයෙන් මුළු රූපලාවණ්‍යාගාරයද තෙමී ගොසිනි. ජල බේසම තුළ වූයේ විදුලි පේනුවකි. එහි කෙළවර කොටස විදුලිය හා සම්බන්ධ කර තිබිණි.මෙම ආරංචියට තෙමහල් ගොඩනැඟිල්ලෙහි සිටින තවත් බොහෝ පිරිසක් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණියහ. මේ අතර මීරිගම පොලිසියේ දුරකතනය නාද විය. රූපලාවණ්‍යාගාරයට යාබදව ඇති සතොස වෙළෙඳසලේ සේවකයකු රූපලාවණ්‍යාගාරය තුළ සිදුව ඇති ඛේදවාචකය පොලිස් නිලධාරීන්ට විස්තර කළේය.

ඉකුත් නොවැම්බර් 13 වැනි දින පස්වරු 2.45ට පමණ මෙම පණිවුඩය මීරිගම පොලිසියට ලද අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම මීරිගම නගරයේ පිහිටි අදාළ රූපලාවණ්‍යාගාරය තුළට පිවිසුණෝය.
“මේ නැති වෙලා ඉන්නේ මීරිගම පොලිසියේ රාලහාමි මහත්මයෙක්ගේ දුවෙක් “අසල සිටි අයෙක් විමර්ශන කටයුතු සඳහා පැමිණි පොලිස් කණ්ඩායමට කීවේය.මෙලෙස අබිරහස් ලෙස මිය ගොස් සිටියේ දිනේෂා චතුරංගනී අමරතුංග නම් තරුණියය. මිය යන විට ඇයගේ වයස 21කි. ඇය පදිංචිව සිටියේ කිතලවලාන මුට්ටෑවත්ත ප්‍රදේශයේය. ඇයගේ අබිරහස් මරණයෙහි විමර්ශන කටයුතු සඳහා පැමිණ තිබුණේද ඇයගේ පියාගේ මිතුරන්ය.

දිනේෂාගේ පියා මීරිගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කටයුතු සිදු කරයි. දිනේෂාට තව බාල සහෝදරයකු සිටී. උසස් අධ්‍යාපනයෙන් පසු දිනේෂාට අවශ්‍ය වූයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් වීමටය. කුඩා කල සිට ඇයගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් වූයේ රූපලාවණ්‍ය කටයුතු සඳහාය. තම සිහිනය සැබෑ කර ගැනීමට ඇය උසස් පෙළින් පසු රූපලාවණ්‍ය පාඨමාලාවක්ද හැදෑරීමට කටයුතු කළාය. රූපලාවණ්‍ය පාඨමාලාව හදාරන අතරමඟ ඇය මීරිගම නගරයේ පිහිටි මෙකී රූපලාවණ්‍යාගාරයට සම්බන්ධ වූවාය. ඒ මීට මාස හයකට පමණ ඉහතදීය.ඉන් ඇයට සරිලන වැටුපක්ද හිමි වූ අතර රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වූයේද අවිවාහක තැනැත්තියකි. මීට මාස කිහිපයකට පෙර ඇයට රජයෙන් පත්වීමක් ලැබිණි. ඒ පාසල් සංවර්ධන නිලධාරිනි තනතුරය. එම පත්වීමත් සමඟ රූපලාවණ්‍යාගාර හිමිකාරිනිය සතියේ දිනවල රූපලාවණ්‍යාගාරයට පැමිණෙන්නේ පාසල නිම වීමෙන් අනතුරුවය. ඒ වන තෙක් සියලුම කටයුතු බලාකියා ගන්නේ දිනේෂා චතුරංගනීය.

ඉකුත් 13 වැනි දිනද සුපුරුදු පරිදි බත් මුළකුත් බැඳගෙන ඈ සිය රැකියාව සඳහා ගෙදරින් පිටත්වූ බව දිනේෂාගේ මව පොලිසියට පවසා තිබිණි. එදින දිනේෂාගේ පියාද පොලිස් රාජකාරියට ගියේ නැත. ඔහු අනුමත නිවාඩු ලැබ නිවෙසට වී සිටියේය.“අපේ දරුවට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇය ඉතාම සාමාන්‍ය විදියට තමයි හිටියෙ. හරි සතුටින් තමයි රස්සාවට යන්නේ. ඒ ඇයගේ මවුපියන් පොලිසියට කී කතාවය. මරණය ආරංචි වූ විගස දිනේෂාගේ මවුපියෝ රූපලාවණ්‍යාගාරයට පිටත් වූහ.දිනේෂා මිය යන විට රූපලාවණ්‍යාගාරය තුළ කවුරුන්ද සිටියේ? පොලිස් කණ්ඩායම්වල අවධානය යොමු විය. රූපලාවණ්‍යාගාර හිමිකාරියද ආගිය අතක් නොමැති බව මුලදී පැවසුවද පසුව දුරකතනය හරහා පොලිස් නිලධාරීහු ඇයව සම්බන්ධ කර ගත්හ.

තමා භාර ගත් විවාහ මංගල්‍යයක ඇඳුම් ආයිත්තම් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන බඩුබාහිර ආදිය ගැනීමට ඇය නුවරට පැමිණ ඇති බවත් රාත්‍රිය එළැඹීමට ප්‍රථමව නැවත රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවත් ඇය පොලිස් නිලධාරීන්ට කීවාය. එදින සන්ධ්‍යා භාගය වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියද පැමිණියාය. ඒ වන විටත් මෙම අබිරහස් මරණය පරීක්ෂා කිරීම සඳහා පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් ඇඟිලි සලකුණු නිලධාරීන් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඒ අතර මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දිනේෂාගේ නිසල දේහය සුදු රෙද්දකින් ඔතා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යෑම සඳහා රූපලාවණ්‍යාගාරය තුළින් පිටතට ගනු ලැබුවේ ඇයගේ මවුපියන් ඥාතීන් සහ මීරිගම වෙළෙඳ ප්‍රජාවද හඬවමිනි.දිනේෂාගේ මරණය සිදුවූ දින මධ්‍යාහ්න 12.00ට පමණ රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඇය මීරිගම නගරයට ඇයගේ අවශ්‍යතාවකට පැමිණි මොහොතක එලෙස රූපලාවණ්‍යාගාරයටද ගොඩවී ගොස් තිබුණාය. ඒ මොහොත වනවිටත් දිනේෂා චතුරංගනී සුපුරුදු පරිදි රූපලාවණ්‍යාගාරය තුළ සිටි බවද තමා සමඟ ඉතා කුලුපඟව වෙනදා සේ කතාබහ කළ බවද රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව පොලිසිය වෙත දන්වා තිබුණාය.

ඉන් ඉක්බිති දිනේෂාව දැක තිබුණේ පාසල් ගුරුවරියය. පාසල් ගුරුවරිය ඇයව දකින විට ඇය මෙලොවින් සමුගෙන ගොස් සිටියාය. එම ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට රූපලාවණ්‍ය කටයුත්තක් සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ පස්වරු 2.45ට ආසන්න වේලාවක් තුළය. මෙම කාලසීමාවන් අනුව පොලිසිය නිගමනය කරනුයේ දිනේෂා චතුරංගනීට කරදරයක් සිදු වන්නට ඇත්තේ මධ්‍යහ්න 12.00ත් පස්වරු 2.45ත් අතර කාලය තුළ බවය.

එහෙත් ඇයගේ මරණය ඇසින් දුටුවකු නොමැත.රූපලාවණ්‍යාගාර හිමිකාරිය විසින් දිනේෂාටද රූපලාවණ්‍යාගාරයේ යතුරු කැරැල්ලක් දී ඇත. ඒ අනුව සුපුරුදු පරිදි එදිනද දිනේෂා විසින් පෙරවරු 9.00ට පමණ රූපලාවණ්‍යාගාරය විවෘත කරනු ලැබ තිබිණි.

එදින දිනේෂා රූපලාවණ්‍ය කටයුතු සඳහා පැමිණි තැනැත්තියන් කී දෙනකුට සිය සේවය ඉටු කර ඇතිද යන්න සොයා ගැනීම පොලිස් කණ්ඩායමේ ඊළඟ කාර්යය විය. නමුත් පොලිස් විමර්ශකයන් හට එම කරුණ සොයා ගැනීමට නොහැකි වූයේ රූපලාවණ්‍යාගාරයේ ගනුදෙනු සටහන් කිරීමට ඇති පොතෙහි පිටු දින දෙක තුනක පමණ සිට අවසන් වී තිබූ නිසාය. ඒ අනුව දිනේෂා දින දෙක තුනක පමණ සිට ගනුදෙනු සටහන් කර නොමැත. පොලිස් පරීක්ෂණවල සහාය සඳහා අදාළ රූපලාවණ්‍යාගාරයද අධිකරණ නියෝග මත මුද්‍රා තැබීය.

පොලිසියේ ඊළඟ අවධානය යොමු වූයේ දිනේෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගැනය. එම මරණ පරීක්ෂණයද ඉකුත් 14 වැනි දින පස්වරුවේ සිට රාත්‍රිය දක්වා රාගම රෝහලේදී පවත්වනු ලැබීය. අනතුරුව සිදු කළ එම පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබාදුන්නේ විවෘත තීන්දුවක් ලෙසටය. එනම් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණයට හේතු වූ කරුණු නිශ්චිතව නොදැක්වූ අතර දිනේෂාගේ ඇතැම් ශරීර කොටස් ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කළේය.

මරණයට අදාළ ප්‍රකාශද පොලිස් කණ්ඩායම විසින් සටහන් කරගත් අතර දිනේෂාගේ මව, පියා, අසල්වාසීන්, මිතුරන් ප්‍රකාශ ලබා දෙමින් පවසා සිටියේද ඇයට සිත්තැවුල් වීමට කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය.

එසේම දිනේෂාගේ ෆේස්බුක් ගිණුම ගැනද වැඩි අවධානය යොමු කළ පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ දිනේෂා තනිවම රූපලාවණ්‍යාගාරයේ සිටින විට ඇය විසින්ම විවිධ රූපලාවණ්‍ය නිර්මාණ කරගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර ඇති බවය. ඒ අනුව ඉකුත් 13 වැනි දිනද ඇය විසින් කොණ්ඩය සෝදා ගැනීමක් සිදු කළාද? යන ප්‍රශ්නය පොලිස් කණ්ඩායම හමුවේ ඉතිරි විය.

එසේ නම් ජල බේසමට වැටුණු විදුලි පේනුව හරහා ඇයට විදුලි සැර වැදුණාද? යන ප්‍රශ්නයද පොලිස් විමර්ශකයන්ගේ අබිමුව වේ. නමුත් මේ සියල්ල තවමත් හුදු ප්‍රශ්නාර්ථ පමණි. මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක තොරතුරක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් හෙළි කර ගැනීමට නොහැකි වී තිබේ.

දිනේෂා චතුරංගනී සැවොම හඬවමින් ඉකුත් 16 වැනි දින අවසන් ගමන් ගියාය. තවමත් පොලිස් රාජකාරි හමාර නැත. ඉදිරියේදී දිනේෂාගේ මරණයේ අබිරහස විසඳෙනු ඇත.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

ගාමන්ට් ගිහින් ගෙදර පැමිණි තරුණියව බයික් එකක දමාගෙන කැලයට ගෙනිහින් තරුණයෙක් කල අහස පොලව නුහුලන අපරාදය මෙන්න.

23 වියේ පසු වූ එක් දරු මවක් කැලෑවකට රැගෙන ගොස් දූෂණය කළ පුවතක් වාර්තා වුණා.රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ඇඟළුමි කමහලක සේවයේ නිරත තරුණියක් බවයි වාර්තා වන්නේ.ඊයේ (17) සවස 6.30 ට පමණ මෙම කාන්තාව රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ඇගලුම් කම්හලේ සේවය නිමවී හවුපේ නොම්බර 4 ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය නිවස බලා පැමිණෙමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු අදාළ කාන්තාව යතුරු පැදියේ නන්වාගෙන ගොස් තිබෙනවා.එලෙස රැගෙන ගිය තරුණියව අතුරු මාර්ගයක් ඔස්සේ කැලෑවක් තුලට රැගෙන ගොස් දුෂණය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව අතවරයට ලක් වූ මෙම කාන්තාව නිවසට ගොස් තම සැමියාට මේ බව දැනුවත් කිරිමෙන් අනතුරුව, කහවත්ත පොලිසියට පැමිණිළි කර තිබෙනවා.පසුව අතවරයට ලක් වූ කාන්තාව රත්නපුර රෝහලට ඇතුලත් කෙරුනු බවයි පොලිසිය සදහන් කලේ.මෙම දූෂණ සිද්ධියට අදාළ සැකකරු සැඟව සිටියදී අද 18 පෙරවරුවේ කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පැල්මඩුල්ල මහේශ්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි වාර්තා වුනේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසියත් රත්නපුර අපරාධ පරික්ෂණාගාර නිළධාරින්ද පරික්ෂණ කටයුතු ආරාම්භ කරතිබෙන බවයි වාර්තා වුණේ.

උපුටා ගැනීම gossip.hirufm.lk

ලංකාවේ පොඩි මිනිහගේ වාහනේ ත්‍රිවිල් එක මින් පස්සේ තෙල් ඕනේ නෑ.මෙන්න ලංකාවට හඳුන්වාදෙන්න යන සුපිරිම ත්‍රිවිල් එක.

ලංකාවේ දැනට සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාර්ග අතර ත්‍රිවිලය නැතහොත් ටුක් ටුක් ප්‍රධාන තැනක් ගනු ලැබ තිබේ.නුතන තාක්‍ෂණය සමග සීග්‍ර සහ ඉතා පහසු මෙන්ම මගියාට තරමක් ලාබදායි සේවාවක් ත්‍රිවිලය මගින් ලංකාව තුල ගොඩ නැගී තිබේ..2018 අයවැය මගින් පරිසර හිතකාමී නව විදුලි ත්‍රිරෝද රථ හදුන්වා දිමට යෝජනා කර තිබේ.මෙන්න පහතින් එහි සියලුම විස්තරය දැනගන්න.

අන්තර්ජාලය කළඹමින් රූනි හදපු ඉරාජ් පරදවන සුපිරි වීඩියෝව මෙන්න.

ලංකාවේ මියුසික් වීඩියෝ දැන් අලුත් රැල්ලකට යනවා.ඒ නිරුවත් වීඩියෝ සහ අඩ නිරුවත් වීඩියෝ ලෙසට.මේ වීඩියෝව නිරුවත් නම් නැහැ නමුත් මේ නිර්මානයත් ලස්සන නිර්මාණයක්.මෙන්න රූනි නිර්මාණය කල ඔහුගේ ලස්සන වීඩියෝව පහතින්ම තිබෙන වීඩියෝව නරඹන්න.

උඹලව පිටට දීලා බෑ කිය කියා වැඩිවියට පත් වූ දා සිට දැරියට නරුම පියා සාහසික ලෙස කරන්න හැදු දේවල් ගැන කිව්ව දුක්බර කතාව.

අනුරාධපුරයේ සිදු වූ දුක්බර කතාවක් ගැනයි අපි අද කියන්න යන්නේ.මෙන්න පහතින් එම සංවේදී කතාව.

සිය පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට අයුතු යෝජනා කරමින් අතවර සිදුකරන බව පවසමින් බාලවයස්කාර පාසල් දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව නරුම පියෙකු අනුරාධපුර මූළස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ඇලයාපත්තුව මහමංකඩවල පදිංචිව සිටින 13 හැවිරිදි සිසුවියක් ඇගේ මව සමගින් පැමිණ මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල මත 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක්.සැකකාර පියා තමන් වැඩිවියට පත්වූ දිනයේ සිට ඇස් ගසමින් ශරීරය ස්පර්ශ කරමින් තමාට විවිධ හිරිහැර සිදුකරන බවත්, එසේ නොකරන ලෙස ඉල්ලූ අවස්ථාවේදී ‘‘උඹලව පිටට දීලා බෑ“ යනුවෙන් පවසන බවත් දැරිය හඬමින් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිවරියට පවසා තිබුණා.

මෙම සැකකරුට 21 හැවිරිදි පුතකු හා තවත් දියණියක සිටින බව පොලිසිය පැවසුවා.

අනුෂා දමයන්ති විවාහය ගැන නොකිව්ව රහසක් හෙළි කරයි.ලබන අවුරුද්දේ විවාහ වෙනවාලු.මෙන්න බලන්න ඇය කියන දේ.

කාලයක් තිස්සේ කතා වුන කෙනෙක් තමයි අනුෂා දමයන්ති කියන්නේ.ඇත්තටම කොයිතරම් දේවල් කතා වුනත් ඇයගේ විවාහය ගැන කිසිදිනක කතා කලේ නෑ..නමුත් ඇය විවාහය ගැන මාද්‍යට කියා තිබෙනවා..මේ ඇය නොකළ විවාහය ගැන කිව්ව දේවල්.

ආදරය හංගන්න බෑ නේ….

ඔව්….දැන් මං පෙම්වතියක්‌.

කවද විතරද මේ පෙම්වතිය බිරින්දෑ කෙනෙක්‌ වෙන්නේ?

ම්…. ලබන අවුරුද්දේ…..

ඔහු මේ ක්‌ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌ද?

ව්‍යාපාර ක්‌ෂේත්‍රයට සම්බන්ධයි කියලා කියමුකෝ අපි. ම්… ඔව් ඔහු ව්‍යාපාරිකයෙක්‌.

සැලසුම?

උදාවෙන ජනවාරි මාසේ ඉඳන් තමයි වැඩ ටික සැලසුම් කරගෙන කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ටිකේ මගේ තියෙන වැඩ ටික කරලා ඉවරගන්න තමයි උත්සහ කරන්නේ.

විවාහයෙන් පස්‌සේ ගෙදරට වෙලා ඉන්න කියන යෝජනාව ඔහු කළේ නැද්ද?

නැහැ… කවදාවත් නෑ. ඔහු මගේ වෘත්තියට ආදරය කරන ගෞරව කරන කෙනෙක්‌. ඉතිං මං කැමති විදිහට මගේ වෘත්තීය කරගෙන යන්න කියලා තියෙනවා. මේ හිටියා වගේම මගේ කලා කටයුතු කරගෙන යන්න ඔහු අවසර දීලා තියෙනවා. මොකද ඔහු කලාවට ආදරෙයි.

ඔහු දෙමව්පියන්ගේ තෝරා ගැනීමක්‌ද? ඔබේ තෝරා ගැනීමක්‌ද?

අ…. මගේ තෝරා ගැනීම. දෙපැත්තේම දෙමව්පියන්ගේ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා.

දැනටත් ඔබේ ජංගම දුරකථනයට ආන්සර් කරන්නේ ඔබේ අම්මා. යන යන තැන පස්‌සෙන් යන්නේ අම්මා. අනාගතේ මේ රාජකාරි ඔහු භාර ගනීද?

නැහැ…. එහෙම වෙන එකක්‌ නැහැ. අවශ්‍ය හැම වෙලාවේම එයා මගේ ළඟ ඉඳි. නමුත් ඔහුගේ ව්‍යාපාර කටයුතු එක්‌ක ඔහුට මං එක්‌ක එහෙම දුවන්න වෙලා නැති වෙයි. ඒ නිසා වෙනදා වගේම මං අම්මිත් එක්‌ක ඒ වැඩවලට යාවි.

ඒ කියන්නේ දුවව දීග දුන්නත් අම්මට ගැලවීමක්‌ නැහැනේ?

ම්… ඔව්නේ. ඒක ඉතිං කොහොමත් එහෙමනේ වෙන්නේ නේද.

විවාහයෙන් පස්‌සේ පදිංචිය වෙනස්‌ වෙනවද?

පොඩි කාලෙකට පදිංචිය වෙනස්‌ වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඉතිං මේ ගෙදර මගේ නිසා, මට පුරුදු තැන නිසා, මෙහෙත් ඉඳි, එහෙත් ඉඳි මං.

ඔහුගේ පවුලේ විස්‌තර ටිකක්‌ කියන්නේ නැද්ද?

එයාට ඉන්නේ මල්ලි කෙනෙක්‌. ඔහු විවාහකයි. ඉතිං දෙමව්පියෝ වෙනම. එයා වෙනම. එයා විතරයි ඉන්නේ ඉතිං ඒ ගෙදර. ඉතිං එහෙත් මෙහෙත් ඉඳි අපි දෙන්නා.

අනුෂා දමයන්ති මේ වෙද්දී සිනමාවෙන් දුරස්‌ වෙලාද?

නැහැ. මේ දවස්‌වල ෂූටින්ග්. සීතල යුද්දේ ෆිල්ම් එකේ. මේක එක අතකින් අත්හදාබැලීමක්‌. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ග්‍රීන් එකේ තමයි රූගත කරන්නේ. ඒකත් එක්‌තරා විශේෂත්වයක්‌. ඉතිං වියදමත් ටිකක්‌ අධිකයි. අමාරු වැඩක්‌. හැබැයි ලස්‌සන ෆිල්ම් එකක්‌. ඒ වගේම නිශාන්ත වීරසිංහ ගේ අයියයි නංගියි චිත්‍රපටය රූ ගත කිරීම් ඉවර කළා. ලස්‌සන ෆිල්ම් එකක්‌, විදෙස්‌ රටවල පවා රූගත කිරීම් කළ. තව රජානෝ, ඇලකන්දේ මාකස්‌ සහ තවත් චිත්‍රපට හතරක්‌ විතර එන්න තියෙනවා.

ටෙලි නිර්මාණවලට පහුගිය ටිකේ ආරාධනා ලැබුණා නේද?

ඔව්.. දන්කුඩ බණ්‌ඩා කියන නිර්මාණයට මං සම්බන්ධ උනා. ඒක හරිම ලස්‌සනයි. රත්නා කියලා අම්මා කෙනෙකුගේ චරිතයක්‌ මං නිරූපණය කරන්නේ. ඒ වගේම සියත රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වෙනවා ලව් යු බොස්‌’.

අනුෂා දමයන්ති රඟපාන පළමු වේදිකා නාට්‍ය කවදද වේදිකාගත වෙන්නේ?

දෙසැම්බර් පළවෙනිදා. ඉස්‌සර ඉඳන් මට වේදිකා නාට්‍ය සඳහා හුඟක්‌ ආරාධනා ලැබුණා. නමුත් මට යන්න වෙලාව තිබුණේ නෑ. හැබැයි මට අහම්බෙන් වගේ අශෝක සෙනරත් මුදලි මට ආරාධනාවක්‌ කළා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න කියලා.

ඒ ආරාධනාවට එකඟ වෙන්න මොකක්‌ද ඒ නාට්‍යයේ තිබුණ විශේෂත්වය?

ඩාන්සින් ස්‌ටාර් මිස්‌ නාගීනා මේ නාට්‍යයේ නම. මේක වේදිකාව තුළ සජීවී රියෑලිටි ප්‍රොaග්‍රෑම් එකක්‌ මේකේ නිරූපණය වෙනවා. ඩාන්සින් මියුසික්‌ තියෙන හරි ලස්‌සන නිර්මාණයක්‌ මේක. ඉතිං මේ නාට්‍ය වේදිකාව තුළ අලුත් දෙයක්‌ වෙයි කියලා මට හිතුණා. ඒකයි මේක මගේ වසර පහළොවකට අධික කළා ජීවිතේ පළමු වේදිකා නාට්‍ය බවට පත්වෙන්නේ.

ෆිල්ම් කීයද?

මං හිතන්නේ හැටකට වැඩිය ෆිල්ම්ස්‌ කළා ප්‍රධාන චරිත. සිනමා සම්මාන හිමිවූ චිත්‍රපට ඒ අතර තියෙනවා. හැබැයි ටෙලි නාට්‍ය නං මං කරලා තියෙන්නේ දහයක්‌ විතර මං හිතන්නේ. දහයට අඩු වුණොත් මිසක්‌ වැඩි නැතුව ඇති. වේදිකා නාට්‍ය නං මේ පළවෙනි එක.

නොවැම්බර් 19 මොකද්ද සිද්ධ වෙන්නේ?

සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවත් එක්‌ක එකතුවෙලා ශාන් පෙරේරා කියන දක්‌ෂ නර්තන අධ්‍යක්‌ෂවරයා දැවැන්ත ප්‍රසංගයක්‌ කරනවා. ඒ සඳහා මමත් සම්බන්ධ වෙනවා. කලාකරුවන් සම්බන්ධ වන ඉතාමත් දැවැන්ත ප්‍රසංගයක්‌ මේක. හැව්ලොක්‌ ග්‍රවුන්ඩ් එකේදි මේක පැවැත්වෙනවා රිදම් ඔෆ් ස්‌ටාර්ස්‌ නමින්. අපේ රටේ සිටින වකුගඩු රෝගීන්ට ආධාර පිණිස තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.

ඊළඟ අවුරුද්දේ සිදුවෙන්න තියෙන ඔබේ සුවිශේෂී කලා තොරතුරු මොනවද?

විදෙස්‌ සංචාර කිහිපයකටම සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ඒ ඇරුණුකොට ෂූටින්ග්. ඒ වගේම මගේ ජීවිතේ සුවිශේෂීම කටයුත්ත ලබන අවුරුද්ද මැදදි සිද්ධ වෙනවා..

ලංකාවේ සුරුපි තරුණියන් ඉන්න සුපිරි ගණිකා නිවාසයක් වැටලු හැටි.මෙන්න අවසානයේ සුරූපී තරුණියන් 4ට වුන දේ.

කොල්ලුපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථානයක් ⁣කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවාඒ .ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවකට අනුව..මෙම වැටලීමේදී ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් සිව්දෙනෙකු පරිපාලනය කටයුතු කල පුද්ගලයකු හා අනුබල දීම යටතේ තවත් පුද්ගලයකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන අතර මෙම සැකකරුවන් අද දින (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ..බොරැල්ල ප්‍රදේශයේ ද මෙම ආයතනයේ ශාඛාවක් ඇති අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් එය පවත්වාගෙන යනු ලබන බවද වාර්තා වී තිබෙනවා.

හොරකම් කරලා සල්ලි දාලා යනවා ෆෝන් කිසිම දෙයක් ගන්නේ නෑ – හිතාගන්නබැරි හොරකමක්

පසුගියදා විජේරාම ප්‍රදේශයේ කමියුනිකේෂන් එකක් තුලදී සිදුවුණු සොරකමක CCTV වීඩියෝවක් මීට පෙර අප ඔබ ගෙන ආවා මතක ඇති. එ් සඳහා පැමිණි සොරුන් වෙළඳසැලේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගොස් නොතිබුණත් එහි ඇති ඩේටා කාඩ් තොගයක් සොරකම් කරගෙන ගොස් තිබූ බවට පසුව වාර්තා වුණා.

මේ වන විට එම සිද්ධියට සමානකම් කියන බවට පැවසෙන තවත් සිදුවීමක් හෝමාගම ප්‍රදේශයේද සිදුව තිබෙනවා. එහිදීද කමියුනිකේෂන් එකක් තුලට ඇතුල්වන සොරෙකු විසින් එහි වටිනා භාණ්ඩ තිබියදී වෙළඳසැලේ ‍තිබූ ඩේටා කාඩ් රැගෙන ගොස් තිබුනේ මුදල්ද මේසය උඩ තබමින්.

එක රැල්ලට සිදුවන මෙම සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකු විමතිය පළකර තිබුණු අතර පහතින් දැක්වෙන්නේ එලෙසින් හෝමාගමදී සිදවූ සොරකමේ CCTV දර්ශනයි…..

කොටි 8251 මුදලක් ආයෝජනය කරමින් ඉදිකරන්න ගිය විදුලි දුම්රිය ලංකාවේ රැකියා 22460 දෙනෙකුගේ සිහින බොඳ කරමින් නොසැලකිල්ල නිසා ලංකාව හැර යයි.

ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි.

ඩොලර් මිලියන 537ක ආයෝජනයකින් ඇරැඹීමට බලාපොරොත්තු වන මෙම විදේශ ආයෝජනයෙන් අපේක්ෂිත ඍජු විදේශ ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බවත්, 2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාර දුන් එම ව්‍යාපෘතියේ ආයෝජන අනුමැතිය සඳහා වූ අයැදුම්පත සහ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව මෙතෙක් විධිමත් පියවරක් ගෙන නොමැති බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. අවස්ථාවන් ගණනාවකදී ආයෝජන මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසූ විට එම අයැදුම්පත ස¼දහා ජාතික ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ අනුමැතිය හා ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “සින්ගල් වින්ඩෝ” කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව පැවැසූ බවද ඇය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි උත්සාහයක යෙදෙන පසුබිමක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය 2017.08.18 දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමුකර ඇතත් එය ආයෝජන මණ්ඩලයේ හිරවී ඇති බවද ඇය පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය 2017.09.24 සහ 2017.09.25දා තමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාටත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යවන ලද ලිපිවලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරන ආකාරයට එම සමාගම් සමූහයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අධිවේගී විදුලි දුම්රියයන් නිෂ්පාදනය කොට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව හා ආසියාවේ සමහර රටවලට අපනයනය කිරීමයි.

එමෙන්ම එම ව්‍යාපෘති යෝජනාවට අනුව අධිවේගී විදුලි දුම්රියයන්ට අමතරව සියලුම වර්ගයේ ලොකෝමෝට්විස්, ට්‍රෑම්ස්, මෙට්ට්‍රොස්, වැගන්, නගරාන්තර දුම්රියයන්, බහාලුම් ගැල්, නිදන මැදිරි නිෂ්පාදනය, දුම්රිය මාර්ග ඉදිකිරීම, ආරක්ෂක උපාංග නිෂ්පාදනය, වානේ පාලම් නිෂ්පාදනය, දුම්රිය මාර්ග නිරීක්ෂණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා පූර්ණ විසඳුම් ගැනුම්කරුවන්ට ලබාදෙන බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි.

දුම්රිය ගේට්ටු 1000ක් නොමිලයේ සවිකිරීම ඊට ඇතුළත් වෙයි.මෙවැනි සමාගමක් පිහිටුවීමට තම යුරෝපීය ආයෝජකයන් තීරණය කළේ ඉදිරියේදී ලෝක දුම්රිය වෙළඳපොළට චීනයේ ඛ්අඅඛ් දුම්රිය නිෂ්පාදන සමාගමෙන් සිදුවිය හැකි තරගකාරිත්වයට මුහුණදී තම වෙළෙඳපොළ රැක ගැනීමට බව එහි යුරෝපා අධ්‍යක්ෂ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දෙයි.මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කර්මාන්තකරණයෙන් දූෂණය නොවූ කන්‍යා ගණයේ රටක්වීම, මෙරට බුද්ධිමය දේපළ නීතිය ඉතා දැඩි හා බලවත් වීම, ලංකාව අනිකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් අස්සන් කර තිබීම, ලංකාවේ සුහද විදේශ ප්‍රතිපත්තිය, ලංකාව ලෝකයේ කළු ලියවිල්ලක් සටහන් නොවූ පිරිසුදු රටක් වීම, සිවිල් යුද්ධය අවසන්වී සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වීම, දේශපාලනික ස්ථාවර භාවය හා ශ්‍රමිකයන් තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට හැකිවීම යන කරුණුය.

මීට අමතරව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන මෙම ව්‍යාපෘතිය වෙනත් රටකට යෑමට නොදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.

උපුටා ගැනීම – Info Sri Lanka News

 

ඔබගේ ස්මාර්ට් දුරකතනයෙන් 360 ජායාරුප ගන්න සුපිරිම ක්‍රමයක්.මෙන්න දුරකතනයේ සැඟවී තිබු ඔබ නොදන්නා සුපිරි ක්‍රමය.

ඔබගේ ස්මාර්ට් දුරකතනයෙන් 360 පින්තුරයක් ගන්න පුළුවන් කිව්වම ඔබ විස්වාස කරනවාද.මෙන්න ඉගන ගන්න සුපිරි ක්‍රමයක්..360 කැමරා ගන්න සල්ලි වියදම් කරන්නේ මොකටද .මේ දේ ඉගන ගත්තම ඔනෙම වෙලාවක ඔබට කරලා බලන්න පුළුවන්.මෙන්න බලන්න පහතින්ම තිබෙන වීඩියෝව..